
තම රංචුව වෙනුවෙන් දුම්රියක් පෙරලා දැමු ඇත් රජු. වර්තමාන මැලේසියාව බ්‍රිටිෂ් මලයා ලෙස සිටි කාලයේ ටෙලුක් අන්සන් සිට ටාපහ් දක්වා වු දුම්රිය මාර්ගය 1893 දි විවෘත කලා. දැඩි වනාන්තර ප්‍රදේශයක් වු මෙහි අලි ඇතුන් විශාල ප්‍රමාණයකට නිජභූමීය වුවා. අයන් බීස්ට් නමින් නම් කරන දුම්රිය තමයි ධාවනයේ යෙදවූයේ. 1894 දවසක සද්දන්ත ඇතෙක් වේගයෙන් දුම්රිය දෙසට දිව ඇවිත් දුම්රියේ හැපි එම ගට්ටනය හේතුවෙන් දුම්රිය ඉන්ජීම ඇතුලු පෙට්ටි තුනක් පෙරලා දමමින් නිර්භිතව මිය ගියා. බොහෝ ජනප්‍රවාදවල පැවසුවේ ඊට පෙර දව සේ දුම්රිය ගැටි මිය ගිය කුඩා අලි පැටවෙකුගෙ මරණයට පලිගැනීමක් කියලායි. තවත් සම්හරු කීවේ අලුතෙන් පැමිනි මේ සතුරාගෙන් තම රංචුවට වෙන හානිය නිසා සතුරා සමග සටනට පිවිසි බවයි. කෙසේ හෝ දුම්රිය වාර්තාවල සදහන් පරිදි රියදුරා පවසා ඇත්තේ වේගයෙන් කෑගසමින් දුම්රිය ඉදිරියට මේ ඇතා දුව ආ බවත් තමාට කිසි දෙයක් කරගැනීමට ඉඩක් නොතුබු බවත්ය. මෙම ඇතා දුම්රිය ඉන්ජිමට වඩා උසින් වැඩි සද්දන්තයෙකු බවද ඔහු පවසා තිබුන. එම අවස්තාවේ දුම්රිය පැ කීමී 50 ක වේගයෙන් ගමන් කලාලු .කෙසේ නමුත් ඉංග්‍රිසි ආණ්ඩුකාරයා පවා සංවේදි කල මෙම සිදුවීම් නිසා පසු කලෙක ම...