අපේ ව්‍යාපෘතිවලින් බොහෝ ඈත ඇති Elephant underpass

Mount Kenya බෑවුමේ තනා ඇති අප්‍රිකාවේ පලමු elephant underpass එක මේ. $250000 කට ඇස්තමේන්තු කල මෙම ව්‍යපෘතිය අවුරුදු 10ක් තිස්සේ එක තැන පල්වු අතර virgin සමාගමේ හිමිකරු වු Richard Branson ගේ පුර්ණ දායකත්වයෙන් 2011 දි යලි ගොඩ නැගුනා. වසර 2011දි ඇතුන්ට ගමන් කිරීමට එය විවුර්ත කිරීමෙන් පසු විනාඩි 20ක් වැනි සුලු කාලයකදි පලමු ඇතුන් තිදෙනෙක් මෙසේ මේ හරහා ගමන් කර තිබුන අතර එයින් මෙහි පෙනෙන tony කියන ඇතා පෙරමුන ගත් බව පැවසෙනවා. එය මීට සම්බන්ධ වු සියලු පාර්ශවයන් විම්තියට පත් කල කරුණක් වුනා. අලි ඇතුන් ඉතා ඉක්මණින් ඉගෙන ගන්නා බුද්ධිමත් සත්ව කොටසක් බව මෙයින් තවත් තහවුරු වන බව ඔවුන් මාධ්‍යට පසුව පවසා තිබුනා. පලමු ඇත් පරික්ශාවෙන් පසු පිලිවෙලින් තවත් යුගලයක් හා ඊට පසු පිරිමි සතුන් තිදෙනෙකු විවුර්ත කර කෙටි කාලයකදි ගමන් කිරීම එයට සාක්ශි දරන බව ඔවුන් පවසා තිබුනා. මෙම ව්‍යාපෘතිය නිසා දශක කීපයක් තිස්සේ වෙන්ව Mount Kenya වල උස් කදු හා පහල තැනිතලාවල ජීවත් වු අප්‍රිකානු අලි ඇතුන් 7500 ක් පමණ නැවතත් එක්ට එක්වු බව පැවසෙනවා. මෙම ව්‍යාපෘතියේ වටිනාම කාර්ය භාරය වුයේ එය අලි ඇතුන්ගෙ සංරක්ෂණයට දායක විමට හැකිවීමයි. වෙන්ව සිටි අලි ජනගහන දෙකක් එක් කිරීමෙන් එම අලි ඇතුන්ගේ ජාන සුරක්ශිතතාවය ඇති කිරීමට ව්‍යාපෘතිකරුවන්ට හැකිවුනා. එය සංරක්ෂණයට අත්‍යවශ්‍ය කාර්යයක්. මෙයින් ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම්ද සැලකිය යුතු මට්ටමින් අඩුවී ගියා. ඒ වගේම් මේ ප්‍රදේශය අවට ගොවිතැන් කරන ජනයා මෙම ඉදිකිරීමට තම භුමියෙන් අක්කර 671ක් අතහැර දමනු ලැබුවා. ඒ වනවිටත් අලි ඇතුන් ඔවුන්ට $25000 ක අලාභයක් කර අවසන්. නමුත් ගොවි සංගමේ සභාපති පවසා තිබුනේ අලි ඇතුන් මේ underpass එක භාවිතා කරනු දැක ඔවුන් සියල්ලන් ඉතා සතුටට පත්වන බවයි.




කෙන්යාවේ මිනිස්සුන් ලංකාවේ මිනිස්සුන් මෙන් අලි ඇතුන් මාර්ග අනතුරුවලට ලක්වෙන ගානේ හ්ක්කපටස් කන ගානේ අලි ටික පන්සල්වලට ගාල් කරන්න ඕනේ යයි සමාජජාලා හරහා කෑ මොර දුන්නේ නෑ. ඔවුන් කැපකිරිම  හා සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙනස් විදියකට සිතු දුප්පත් වුවත් එකට එකතු වි මෙම සිද්දියේදි එක අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා. ලංකාවේ අලින් දුම්රිය ගැටීමේ ප්‍රශ්නයට විසදුමත් සොයන්න වෙන්නේ මෙසේ සියල්ලන් එකතුවුනොත් පමණයි. කෙන්යාවට පුළුවන් නම් ලංකාවට බැරි නෑ.

කල්පනා අඹේපිටිය
කථිකාචාර්ය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog