Women-only carriages එහෙමත් නැත්නම් කාන්තාවන් සදහා වෙන්වු දුම්රිය මැදිරි. ශ්‍රි ලංකාවට අලුත් කතාවක් වුනාට මෙය ලෝකේය අලුත් කතාවක් නෙමෙයි. ලෝකයේ දියුණු නොදියුණු රටවල් කීපයක්ම මෙම ක්‍රමය භාවිතා කරනවා. පලමු හේතුව තමයි පොදු ප්‍රවාහනයේදි කාන්තාවන්ට සිදුවන ශාරීරික හිංසාවන් නැත්නම් sexual harassment කියමු. දෙවැන්න තමයි institutional discrimination නැත්නම් වීවේචනය හෝ වෙනස් කොට සැලකීම. කෙසේ වුනත් මෙම ක්‍රමය ලොව පුරා මිශ්‍රඵල ගෙන දුන් ඉතා සාර්ථක නොවු ප්‍රයත්නයක් බවට සැලකෙනවා. සමහර රටවල කාන්තාවන් මෙය ඉතා දුෂ්ට නිහීන ලෙස කාන්තාවන්ට කරන සැලකුමක් හා අගෞරවයක් ලෙස සැලකු අතර ඇතැම් රටවල නීතී නොසලකා හරිමින් මෙම මැදිරී පිරිමින්ද පොදුවේ භාවිතා කරලා. ඉරානය- කාන්තාවන් හා පිරීමින් නගර තුල පොදු ප්‍රවාහනයේදි වෙන වෙනම ගමන් කල යුතුයි. විවහා වු අයට පවා මෙය වලංගුවන අතර නගරාන්තර ප්‍රවාහනයට පමනක් මෙය වලංගු නොවේ. මෙට්‍රො නම් වෙනම කාන්තා මැදිරි පවත්වාගෙන යනවා නමුත් භාවිතය අනිවාර්යය නෑ. ජපානය - දශකයකට පෙර ජපානය කාන්තා මැදිරී මෙට්‍රො සහ නගරාන්තර සේවා සදහා හදුන්වා දෙනු ලැබුවේ ටෝකියෝවේ කාන්තා මගින්ගෙන් අඩකටත් වඩා වැඩ...
Posts
Showing posts from March, 2019