Women-only carriages එහෙමත් නැත්නම් කාන්තාවන් සදහා වෙන්වු දුම්රිය මැදිරි.
ශ්‍රි ලංකාවට අලුත් කතාවක් වුනාට මෙය ලෝකේය අලුත් කතාවක් නෙමෙයි. ලෝකයේ දියුණු නොදියුණු රටවල් කීපයක්ම මෙම ක්‍රමය භාවිතා කරනවා. පලමු හේතුව තමයි පොදු ප්‍රවාහනයේදි කාන්තාවන්ට සිදුවන ශාරීරික හිංසාවන් නැත්නම් sexual harassment කියමු. දෙවැන්න තමයි institutional discrimination නැත්නම් වීවේචනය හෝ වෙනස් කොට සැලකීම. කෙසේ වුනත් මෙම ක්‍රමය ලොව පුරා මිශ්‍රඵල ගෙන දුන් ඉතා සාර්ථක නොවු ප්‍රයත්නයක් බවට සැලකෙනවා. සමහර රටවල කාන්තාවන් මෙය ඉතා දුෂ්ට නිහීන ලෙස කාන්තාවන්ට කරන සැලකුමක් හා අගෞරවයක් ලෙස සැලකු අතර ඇතැම් රටවල නීතී නොසලකා හරිමින් මෙම මැදිරී පිරිමින්ද පොදුවේ භාවිතා කරලා.
ඉරානය- කාන්තාවන් හා පිරීමින් නගර තුල පොදු ප්‍රවාහනයේදි වෙන වෙනම ගමන් කල යුතුයි. විවහා වු අයට පවා මෙය වලංගුවන අතර නගරාන්තර ප්‍රවාහනයට පමනක් මෙය වලංගු නොවේ. මෙට්‍රො නම් වෙනම කාන්තා මැදිරි පවත්වාගෙන යනවා නමුත් භාවිතය අනිවාර්යය නෑ.
ජපානය - දශකයකට පෙර ජපානය කාන්තා මැදිරී මෙට්‍රො සහ නගරාන්තර සේවා සදහා හදුන්වා දෙනු ලැබුවේ ටෝකියෝවේ කාන්තා මගින්ගෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකට පොදු ප්‍රවාහනයෙදි සිදුවන අපහසුතා සැකලිලට ගනිමිනුයි.
ඉන්දියාව - පොදු ප්‍රවාහනයේ කාන්තා හිංසනයට ඉන්දියාව ලොව පතල වුයේ 2012 තරුණියක් බසයක් තුල කණ්ඩායමක් විසින් දුෂණය කර මරා දැමීමෙන් පසුවයි. නමුත් මෙට්‍රෝ හා සාමානය දුම් රිය සේවා කාන්තා මැදිරී පවත්වාගෙන යාම ඉන්දියාව තුල කලට සිට සිදුවුවක් වුනත් ladies special දුම් රිය සේවා 2009 දි දිල්ලී, මුම්බායි, කල්කටා හා මැඩ්‍රාස් හරහා (කාන්තාවන් සදහා පමනක් වු විශේෂ දුම් රිය) ධාවනය වෙනවා. නමුත් මේවල කාර්ය මණ්ඩලය සමහරක් පිරිමි. මීට අමතරව කාන්තාවන් විසින් පදවන pink taxi සේවාවක් දිල්ලි නගරය තුල හදුන්වා දි ඇති අතර ඔවුන්ගේ ආරක්ෂාව සදහා හදිසී අවස්තාවකදි අනතුරු හැගවෙන panic button එකක්, ගම්මිරිස් ඉසිනයක්(pepper spray) යනාදිය මේ රථවල ස්ථාපනය කරලා. කෙසේ නමුත් කාන්තාවන් සදහා වෙනම මැදිරිවලට සමහර කාන්තාවන් කැමැත්තක් නොදක්ක්වන බවත් එක කාන්තා හිංසනය වැලැක්වීමේ ඵලදායි ක්‍රමයක් නොවන බවත් ඔවුන් පවසනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය - මෙට්‍රොවල කාර්ය බහුව වෙලාදන්හිදී කාන්තාවන් සදහා වෙනම මැදිරී භාවිතාවන අතර බස්වල ඉදිරි අසුන් කාන්තාවන් සදහා වෙන්කර ඇත. ඊට අමතරව කාන්තාවන් විසින් පදවන pink taxi සේවාවක් ද කාන්තා මගින් වෙනුවෙන් පමනක් සමහර නගරවල ක්‍රීයාත්මක වේ.
ඊජිප්තුව - 2007දි කාන්තාවන් සදහා පමනක් වු වෙනම මැදිරී හදුන්වා දුන් අතර එක්සත් ජාතින්ගේ වාර්තාවකට අනුව සමීක්ෂණයට භාජනය වු කාන්තාවන්ගෙන් 99%ක් තමන් පොදු ප්‍රවාහනයේදී හිංසනයට ලක්වී ඇති බව සනාථ කර තිබේ.
ඉන්දුනීසියාව - ජකර්තා නුවර කාන්තා මැදිරී 2010දි හදුන්වා දුන් අතර 2013 දි කාන්තා විශේෂ දුම් රිය හදුන්වා දීම සම්බන්ධයෙන් ද සලකා බලනු ලැබුවා.
බ්‍රසීලය - බටහිර සිරිත්විරිත් සහිත රටක් වුවත් බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර 2006 සිට කාර්ය බහුල වෙලාවන්හිදී කාන්තා මැදිරී භාවිතා කරනවා. එයට හේතුව මගී ප්‍රවාහනයේදී වාර්තා වු කාන්තා හිංසන. නමුත් මෙම සේවා හරි හැටි ක්‍රියාත්මක නොවන බවයි වාර්තා වෙන්නේ.
මෙක්සිකෝව - මෙක්සිකෝ සිටී හී කාන්තා මැදිරී හා කාන්තාවන්ට වෙන්වූ දුම් රිය වේදිකා පිහිට වුවත් වගකිව යුතු ආයතනවල නොසැලකිල්ල නිසා එම සේවා නියමිත පරිදි ක්‍රියාත්මක නොවන බව සැලැයි.
අනෙකුත් රටවල් - මැලේසියාවේ රෝස බස් හා දුම්රිය කාන්තාවන් සදහා වෙන් කර ඇති අතර පිලීපීනයේ මැනීලා නුවර කාන්තා මැදිරී ක්‍රියාත්මක වේ. තායිවානය කාන්තා මැදිරී 2006දි හදුන්වා දුන්නත් මාස තුනකට පසු අතහැර දමා ඇත්තේ එය ඵ්ලදායි නොවු නිසයි. නේපාලයේ කත්මන්ඩුවල කාන්තාවන් සදහා බස් රථ භාවිතා කරනු ලැබනවා.
මෙසේ උදාහරණ තවත් ඇත. කෙසේ නමුත් අවසන සදහන් කල යුත්තේ මෙය කාන්තා හිංසනය පිටු දැකීමේ ඉතා කෙටි කාලීන ඵ්ලදායිතාවයෙන් දුර්වල ක්‍රීයාමාර්ගයක් පමණක් බවයි. ඉහත සදහන් බොහෝ උදාහරණය 100% ප්‍රතිඵල නොලැබු සමහරවිට සම්පුර්ණයෙන් අතහැර දැමු අවස්ථාවයි. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොවීමකින් තොරව පරාර්ථ්කාමී හැගිම්වලින් ඉවත් කිරීමකින් තොරව ලිංගික අධ්‍යාපනය නිසි පරිදි ලබා දීමකින් තොරව ලිංගික නිදහස සිර කීරීමකින් තොරව අපට බලාපොරොත්තු විය හැකිවන්නේ මෙවන් කෙටි කලීන ක්‍රියාමාර්ගවලින් කාන්තාවන් රැකගැනීම පමණි.


කල්පනා අඹේපිටිය 
කථිකාචාර්යය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog