රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය
රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය ජුනී 05වන දිනට යෙදෙන ලෝක පරිසර දීනය වෙනුවෙනී ජුනි මාසය යනු ගෝලීය පරිසර හිතකාමින්ට හා සංරක්ෂණවේදින්ට නම් ඉතා වැදගත් මාසයක්. සෑම වර්ෂයකම ජුනී 5වන දිනය එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන විසින් නම් කර ඇත්තෙ ලෝක පරිසර දිනය ලෙස. උත්සවාකාරයෙන් විවිධ මාතෘකා ඔස්සේ අවුරුදු ගාණක් ගෝලිය මට්ටමෙන් ලෝක පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න සිදු වුනත් මිනිසා විසින් ස්වභාව ධර්මයට බොහෝ අහිතකර තත්වයන් ඇති කර අවසන්. ලොව බුද්ධිමත්ම ජීවීයා ලෙස අපගේ ලෝකය, එහි සම්පත් අප ආරක්ෂා කරගත යුතු වුවත් අපේ නොයෙක් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරයට සිදුවන්නේ හානියක්. ඉතින් අපි පුද්ගලිකව, ජාතිකව හා ජාතියන්තර වශයෙන් ප්‍රමාණවත් ලෙස ස්වභාව ධර්මය ආරක්ෂා කරගන්න සැබැවින්ම දායකත්වයක් දෙනාවාද යන්න නැවත සිතා බැලිය යුතු කාරණාවක්. පරිසරය වෙනුවෙන් ගෝලියව වෙන්කෙරුනු මේ විශේෂ දිනයේ අරමුණ වනුයේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරිම සහ ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග දිරිමත් කිරීමයී. ලෝක පරිසර දිනය වෙන්කොට ඇත්තේම ගෝලිය ප්‍රජාවට පරිසරය වෙනුවෙන් හඬක් නගන්නටයී. එහෙයින්, වාර්ෂිකව රටව...