රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය
රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය
ජුනී 05වන දිනට යෙදෙන ලෝක පරිසර දීනය
වෙනුවෙනී
ජුනි මාසය යනු
ගෝලීය පරිසර හිතකාමින්ට හා සංරක්ෂණවේදින්ට නම් ඉතා වැදගත් මාසයක්. සෑම වර්ෂයකම ජුනී
5වන දිනය එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන විසින් නම් කර ඇත්තෙ ලෝක පරිසර දිනය ලෙස. උත්සවාකාරයෙන්
විවිධ මාතෘකා ඔස්සේ අවුරුදු ගාණක් ගෝලිය මට්ටමෙන් ලෝක පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න
සිදු වුනත් මිනිසා විසින් ස්වභාව ධර්මයට බොහෝ අහිතකර තත්වයන් ඇති කර අවසන්. ලොව බුද්ධිමත්ම
ජීවීයා ලෙස අපගේ ලෝකය, එහි සම්පත් අප ආරක්ෂා කරගත යුතු වුවත් අපේ නොයෙක් ක්‍රියාකාරකම්
නිසා ස්වභාවික පරිසරයට සිදුවන්නේ හානියක්. ඉතින් අපි පුද්ගලිකව, ජාතිකව හා ජාතියන්තර
වශයෙන් ප්‍රමාණවත් ලෙස ස්වභාව ධර්මය ආරක්ෂා
කරගන්න සැබැවින්ම දායකත්වයක් දෙනාවාද යන්න නැවත සිතා බැලිය යුතු කාරණාවක්.
පරිසරය වෙනුවෙන්
ගෝලියව වෙන්කෙරුනු මේ විශේෂ දිනයේ අරමුණ වනුයේ
ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරිම සහ ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග
දිරිමත් කිරීමයී. ලෝක පරිසර දිනය වෙන්කොට ඇත්තේම ගෝලිය ප්‍රජාවට පරිසරය වෙනුවෙන් හඬක්
නගන්නටයී. එහෙයින්, වාර්ෂිකව රටවල් 143 කට වැඩි සංඛ්‍යාවක් ජුනී මාසයේ 5වන දින නොයෙක්
පරිසර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. 1974 දී ප්‍රථම වරට හඳුන්වා දුන් මේ දිනය එයින්
පසු සෑම වසරකම සමුද්‍ර දූෂණය, ජනගහන වර්ධනය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, තිරසාර පරිභෝජනය
සහ වනජීවී අපරාධ පිළිබඳ දැනුවත් කිරීම යනාදී නොයෙක් පාරිසරික ගැටළු පිළිබඳ ලෝකයේ අවධානය
යොමු කලා.
තාක්ෂණය මේතරම්
දියුණු යුගයක, බොහෝ ප්‍රශ්නවලට තාක්ෂණයෙන් පිළිතුරු සොයන යුගයක පරිසරය ආරක්ෂා කරගැනීම
මේ තරම්ම අපට වැදගත් වෙන්නේ ඇයී? තාක්ෂණය වැනි මිනිසා විසින් සොයාගත් සංකල්ප හා නිර්මාණවලින්
පරිසරයට විසඳුම් එහෙමත් නැත්නම් පරිසරය නිර්මාණය කළ නොහැක්කෙ ඇයී. අප පරිසරයේ සැබෑ
ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුත්තේ මෙම ස්ථානයේ සිටයී. මෙහිදි විශේෂයෙන් සඳහන් කළ යුතු
කාරණාව නම් මිනිසාගේ නොයෙක් හානිදායක ක්‍රියාකාරකම් නිසා පරිසරය නොයෙක් වෙනස්කම් වලට
භාජනය වෙනවා. මේ වෙනස අපි පරිසර දූෂණය යනුවෙන් හඳුන්වනවා. නමුත් ඇත්තටම වෙන්නේ ස්වභාව
ධර්මය දුෂණය වීමක් නොවේ. සැබැවින්ම සිදුවන්නේ අලුත් වෙනස්වීමට අනුව ස්වභාව ධර්මය අනුවර්තනය
වීමයී. මේ අනුවර්තනයේ ප්‍රතිඵල බොහෝ විට මිනිස් පැවැත්මට හානිදායක තත්වයන් ඇති කරනවා.
උදාහරණයක් ලෙස සඳහන් කරොත් නොයෙක් විෂ වායුන් මුදා හරිමින් සිදු කරන කර්මාන්ත නිසා
වායුගෝලය දුෂණය වෙනවා. විශේෂයෙන් හරිතාගාර වායු විමොචනය නිසා ගෝලිය උෂ්ණත්වය ඉහළ යාමෙන්
දේශගුණික විපර්‍යාස ඇති වෙනවා. මින් ප්‍රභල ලෙස හානියට පත්වන්නේ මිනිසා හා ඔහුගේ වටපිටාවයී.
එය මිනිස් පැවැත්මේ අනාගතය තීරණය කරන සාධකයක් වන ජෛවවිවිධත්වයට කරන හානීය සුළුපටු නොවේ..
මෙවර ලෝක පරිසර දිනයේ තේමාව ලෙස ජෛවවිවිධත්වය
තෝරාගෙන ඇත්තෙත් අප නොදැනුවත්වම අප අතින් සිදුවන හානිය හා එහි හානිදායක ප්‍රතිඵළ ගැන
ලෝකය දැනුවත් කිරීමටයී. මේ විශේෂ දිනය ගැන කාන්තා ඔබ දැනුවත් විය යුතුමයී. ඒ ඔබට කාන්තාවක්
ලෙස බැරෑරුම් සමාජ වගකිම් රාශියක් ඉටු කරමින්, ඒ හරහා සමාජ චර්‍යාවේ වෙනසක් කිරීමේ
හැකියාව නිසයී.
පරිසරය රැකගන්නා
පරිසරය විසින් ආරක්ෂා කරනවා යන්න කියමනක් පමණක් නොවේ. ස්වභාවික පරිසරය එසේම පවත්වාගැනීමෙන්
හා හානිය අවම කිරීමෙන් මිනිසාට අද මුහුණ දෙන නොයෙකුත් අභියොගවලින් මිදීමට හැකීය. පරිසරය
අප හුස්ම ගන්නා වාතය පවිත්‍ර කරන අතර අප පානය කරන ජලය පිරිසිදු කරනවා, සෞඛ්‍ය සම්පන්නව
සිටීමට සහ රෝගවලට එරෙහි වීමට අවශ්‍ය විවිධ ආහාර නිපදවනවා වගේම එමඟින් කායික විද්‍යාව
අවබෝධ කර ගැනීමට පර්යේෂකයන්ට හැකියාව ලබාදෙනවා. ලෙඩ රෝගවලින් ආරක්ෂාවීමට, ඖෂධ නිපදවීමට
අවශ්‍ය අමුද්‍රවය ලබාද ලැබෙන්නේ පරිසරයෙන්.
කාබන් අවශෝෂණය කිරීමෙන්, වායු දූෂණය අවම කිරීමෙන් සහ නගර සිසිල් කිරීමට උපකාරී
වීමෙන් දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම අවම කිරීමට පවා දායකත්වය ලබා දෙන්නේ පරිසරයයී.
සියලුම රටවල්
මාස කීපයකට නිහඬ කර තැබු කෝවිඩ් 19 වසංගතය ලොවට ලබා දෙන පණිවිඩයත් ජෛවවිවිධත්වය හා
පරිසරය ආරක්ෂාකරගැනීම හා බැඳුනු බව ඔබ දන්නවාද? COVID-19 මතුවීම මගින් අවධාරනය කර ඇති
එක් කරුණක් වන්නේ අප ජෛව විවිධත්වය හා මිනිස් පැවැත්මට අවශ්‍ය ස්වභාවික පද්ධතිය විනාශ
කර ඇති බවයී. ශක්තිමත් පරිසර පද්ධතියක් හා ජෛව විවිධත්වයක් සහිත වූ තත්වයක, රෝග කාරකයකට
වේගයෙන් ව්‍යාප්ත වීම හෝ ආධිපත්‍යය දැරීම ලෙහෙසි නොවේ. හානි වූ ජෛවවිවිධත්වයක් සහිත
පරිසරයක් තුළ මිනිසුන් හා සතුන් අතර වේගයෙන් රෝග කාරකයක් ව්‍යාප්තවීමේ හැකීයාව වැඩීය.
වනාන්තර හායනය,
වනජීවී වාසස්ථාන ආක්‍රමණය, අහිතකර කෘෂිකර්මාන්තය හා දේශගුණික විපර්‍යාස වේගවත් කිරීම
ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් ස්වභාව ධර්මයේ සමබරතාවය අඩාල කරමින් ඇත. ස්වාභාවිකවම අපව
ආරක්ෂා කරන පද්ධතිය අප විසින් වෙනස් කර ඇති අතර, කොරෝනා වයිරස ඇතුළු විශේෂිත රෝග කාරක
බීජ පැතිරීමට ඉඩ සලසන කොන්දේසි නිර්මාණය කර ඇත. ඉතින්, පරිසරය හා එහි ජෛවවිවිධත්වය
අප ආරක්ෂා කර නොගතහොත් කෝවිඩ් 19 වයිරසයට වඩා දරුණු ව්‍යවසනවලට ලෝකයට මුහුණදීමට සිදුවනු
ඇත.
ආචාර්යය කල්පනා අඹේපිටිය.
ලියාරා කාන්තා සඟරාවේ ජූනි කලාපය වෙනුවෙන් පළ කර ලිපියකී. සම්පුර්ණ අයිතිය සඟරාව සතුය. එබැවින් උපුටා ගන්නෙ නම් කරුණාකර ප්‍රකාශන අයිතිය සඳහන් කරන්න.
Comments
Post a Comment