Posts

Showing posts from August, 2021

ප්‍රසිද්ධිය සහ සමාජ මාධ්‍ය

Image
ජීවිතේ හැමදේම සමාජ මාධ් ‍ යවල විසුරුවා හැරලා බොහෝ මිනිස්සුන් තමන්ගේ පෞද්ගලිකත්වය නිරුවත් කරගන්නව. ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වය පෞද්ගලිකව විඳින්න තියෙන අවස්ථාව මඟ ඇර ගන්නවා. පෞද්ගලිකත්වය තමන් ළඟම තියෙද්දි ඒකේ ආතල් එක විඳින්න අද බොහෝ අය දන්නේ නෑ. සමාජ මාධ් ‍ යට මුදා හැරි පමණින් තමන් මාර කැරැක්ටර් එකක් කියලා පෙන්වමින් කෘත් ‍ රීමව ලබා ගන්නා ජනප් ‍ රියත්වට කෙටි කාලීනයී. උදාහරණයකට ගත්තොත් සමහර කලාවට සම්බන්ධ පුද්ගලයින් තමන්ගේ සියල්ල කන බොන එකේ සිට කෙටිකාලීන ජනප් ‍ රියත්වය උදේසා සමාජ මාධ් ‍ යවල විසුරුවා යවද්දි ඊට වඩා ඉහළින් රේට් කරන්න පුළුවන් කලාකරුවන් සමාජ මාධ් ‍ යවල අවශ් ‍ ය දේ සමඟ පමණක් ගණුදෙනු කරනවා. ඔවුන් සැමදා රසීක හිත්වල ඉන්නවා පෞද්ගලිකත්වයේ සීමා ඒක. ඒකේ රස එයාලා දන්නවා. ඉතින් මේක සාමාන් ‍ ය හැමෝටම පොදුයී. හැබැයී ඒක ගැන එසේ කරන අයට කියන්න කරුණුත් තියෙනවා. "මේකට ආවාම විතරයි ටිකක් සැනසීම තියෙන්නේ", අපේ දේවල් බෙදා ගත්තාම මොකද බලන්න බැරි නම් නොබලා ඉන්න" මට ආතතිය ඉතින් මම හැමදේම බෙදාගන්නවා අඩුම ගානේ මට සැනසීමක් එනවානේ", " මම ආසයී ඒවලට ලයික්ස් ගොඩක් වැටෙනවාට කොමෙන්ට්ස්...