ප්‍රසිද්ධිය සහ සමාජ මාධ්‍ය


ජීවිතේ හැමදේම සමාජ මාධ්යවල විසුරුවා හැරලා බොහෝ මිනිස්සුන් තමන්ගේ පෞද්ගලිකත්වය නිරුවත් කරගන්නව. ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වය පෞද්ගලිකව විඳින්න තියෙන අවස්ථාව මඟ ඇර ගන්නවා. පෞද්ගලිකත්වය තමන් ළඟම තියෙද්දි ඒකේ ආතල් එක විඳින්න අද බොහෝ අය දන්නේ නෑ. සමාජ මාධ්යට මුදා හැරි පමණින් තමන් මාර කැරැක්ටර් එකක් කියලා පෙන්වමින් කෘත්රීමව ලබා ගන්නා ජනප්රියත්වට කෙටි කාලීනයී. උදාහරණයකට ගත්තොත් සමහර කලාවට සම්බන්ධ පුද්ගලයින් තමන්ගේ සියල්ල කන බොන එකේ සිට කෙටිකාලීන ජනප්රියත්වය උදේසා සමාජ මාධ්යවල විසුරුවා යවද්දි ඊට වඩා ඉහළින් රේට් කරන්න පුළුවන් කලාකරුවන් සමාජ මාධ්යවල අවශ්ය දේ සමඟ පමණක් ගණුදෙනු කරනවා. ඔවුන් සැමදා රසීක හිත්වල ඉන්නවා පෞද්ගලිකත්වයේ සීමා ඒක. ඒකේ රස එයාලා දන්නවා. ඉතින් මේක සාමාන්ය හැමෝටම පොදුයී. හැබැයී ඒක ගැන එසේ කරන අයට කියන්න කරුණුත් තියෙනවා. "මේකට ආවාම විතරයි ටිකක් සැනසීම තියෙන්නේ", අපේ දේවල් බෙදා ගත්තාම මොකද බලන්න බැරි නම් නොබලා ඉන්න" මට ආතතිය ඉතින් මම හැමදේම බෙදාගන්නවා අඩුම ගානේ මට සැනසීමක් එනවානේ", " මම ආසයී ඒවලට ලයික්ස් ගොඩක් වැටෙනවාට කොමෙන්ට්ස් ගොඩක් මාව ඇෆ්රිෂියෙට් කරලා දානවාට", ඉතින් තව තියෙනවා ඔය වගේ හේතු. කොහොම කෙසේ වුනත් තමන්ගේ හැමදේම සමාජ මාධ්ය හරහා විසුරුවා හැරීමෙන් තමන්ගේ දුර්වලකම් හා තමන්ව යූස් කරගත හැකි අවස්තා වගේම තමන්ගේ මානසික මට්ටමත් පෞරුෂ මට්ටමත් ගෝලීයකරණයට ලක් කරනවා. ඒ කියන්නේ මුළු ලෝකයටම විසුරුවා හරිනවා. උදාහරණයකට feeling alone....no one is at home... enjoy a pizza වගේ එකක් හිතන්න. සීරියල් කිලර් කෙනෙක්ට ඔය කැප්ෂන් එකත් ඇතී. බොහෝ කරුණු කාරනා සෑහෙන්න කාලයක් තිස්සේ දැකපු නිසා ඕක ලීවේ. ඕනම කෙනෙක්ට පිළිගන්නත් නොපිළිගන්නත් නිදහස තියෙනවා. තමන් අයිති තමන්ට.

ඒ වගේම තමයී මේ පහළ තියෙන කතාව. ඉහළ කී කතාවට ඒකත් සම්බන්ධයී. තමන් කරන හැමදේම තමන් කියනවට වඩා ලෝකයට ඉඩ දෙන්න ඒ ගැන ඇවිත් තමන්ටම කියන්න. අපි වැඩ කරන්න ඕන අන්න ඒ තැනට. එතනින් එහාට එන ඔපර්චුනිටි ගැන හිතාගන්න බැරී වේවී. එතනදී ඕනවට වඩා පෞද්ගලිකත්වය පෙන්නුවොත් බොහෝ අවස්ථා මඟ ඇරෙන්නත් පුළුවන්. අන්න ඒ නිසා තමන්ට ඕන පෞරුෂය ගොඩ නඟා ගැනීම තියෙන්නේ තමන්ගේ A-Z පෞද්ගලිකත්වය හෙළිකිරීම මත නොවේ. තමන් යන්න ඕන ඉලක්කය මත consistency, disciplines සහ focus යන දේවල් හරහා තමන් ගොඩ නඟන පෞරුෂය පෙන්වුවහොත් පමණයී. අවසානයේදී තමන්ට තමනුත් නැති කරගන්නවට වඩා තමන් දකින සිහිනයේ සිටිය යුතු කෙනා වෙනුවෙන් කටයුතු කිරීම ඔබව සාර්ථක පුද්ගලයෙක් කරාවී.


ආචාර්ය කල්පනා අඹේපිටිය
14.08.2021

Comments

Popular posts from this blog