Posts

Showing posts from November, 2018
Image
මාලන් බ්‍රෑන්ඩෝගේ ගට්ස් හා දේශපාලනය ලෝක ප්‍රසිද්ධ ගෝඩ් ෆාදර් චිතපටයේ නළු මාලන් බරැන්ඩෝ , 1973 දී තමාගේ දක්ෂතාවය වෙනුවෙන් පුදනු ලැබූ හොඳම නළුවාට හිමි ඇකඩමි ඔස්කාර්  සම්මානය ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඔහු සම්මාන උළෙල වර්ජනය කරා. ඒ වෙනුවට ප්‍රතික්ෂේප කිරීමේ පණිවිඩය ගෙන ආවේ රතු ඉන්දියානු  (ස්වදේශික) සම්භවය සහිත නිලියක් (Sacheen Littlefeather) වගේම American-Indian Movement ක්‍රියාකාරිනියක්, ඇය ඔහුගේ සම්මානය ප්‍රතික්ෂේප කිරීම හා එයට පැහැදිලි හේතුව සම්බන්ධ පණිවිඩය සම්මාන උළෙලට ඉදිරිපත් කරා. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දැඩි ක්රියකරියෙකු වූ මාලන් බරැන්ඩෝ ආදී රතු ඉන්දියානුවන් හොලිවුඩ් චිත්‍රපටවල අර්ථදැක්වූ ස්වරුපය හෙළා දැක්ක. මත්ලෝලීන්, අපරාධකරුවන් හා නුගතුන් ලෙස රතු ඉන්දියානුවන් හොලිවුඩ් චිත්‍රපට පුරා වූ අර්ථදැක්වීමට ඔහු තදින්ම විරුද්ධ වුව. සම්මානය ප්‍රතික්ෂේප කිරීමට වඩා බලපෑ හේතුව වන්නේ Wounded Knee ප්‍රදේශයේදී 1973දී කල American-Indian Movement and Oglala Indians විසින්කල විරෝධතාවයකට ඇමරිකානු රජය සිදුකල ප්‍රචණ්ඩකාරී මැදිහත්වීමයි. ස්වදේශීය ඇමරිකානුවන් කෙරෙහි වූ ඇමරිකානු රජයේ...
Image
නැතිවූ පරමාධිපත්‍යය  ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය, ස්වෛරීභාවය හා සමානාත්මතාවය දේශපාලඥයින්ට බිලිදී ඇති බව දැකීමට ඇති සරලම උදාහරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ලිස්ට් එක. සංවර්ධිත රටක හෝ නොමැති උපරිම වරප්‍රසාද හරි හමන් අධ්‍යාපනයක් නොලද මේ පිරිසට ලබාදී ජිවිත කාලය පුරාම හම්බකර තමන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාලයකට යවා උපාධිධාරියෙක් කර උදේ හවස කෝච්චියේ බස් එකේ මිරිකී මිරිකී යන රජයේ රස්සාවකට දමා තම බදුවලින් ජිවිත කාලයම කිසිම උගත්කමක්, හැකියාවක් හෝ දැනීමක් නැති කපටිකම, වංචාව, හොරකම, දුෂණය කරපින්නාගත් 225ක් පෝෂණය කරති. අඩුම ගානේ තම දරුවන්ට මින්වන හනියටවත් එරෙහි නොවෙති. අඩුම ගානේ තමන් චන්දෙන් එපා කියන පිරිස ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ඇමතිකම් ගනිද්දී ඊට හුරේ දමති. තමන්ට රස්සාව දුන් පමණින්, විවෘත ආර්ථිකය ගෙනා පමණින්, ගම් උදාවෙන් ගෙයක් ලැබූ පමණින්, යුද්ධය දිනු පමණින්, බඩු මල්ලක් දුන් පමණින්, සමෘධිය දුන් පමණින්, බත් පැකට් එකක් දුන් පමණින්, අරක්කු කාලක් දුන් පමණින් මුළු පරම්පරාවම ජිවිත කාලයම ඒ අදාල පුද්ගලයාට හෝ පක්ෂයට කම්බුරන්න ඕන බව බොහෝ පිරිසක් සිතයි. ජනතාවට සේවය කි...