මාලන් බ්‍රෑන්ඩෝගේ ගට්ස් හා දේශපාලනය

ලෝක ප්‍රසිද්ධ ගෝඩ් ෆාදර් චිතපටයේ නළු මාලන් බරැන්ඩෝ , 1973 දී තමාගේ දක්ෂතාවය වෙනුවෙන් පුදනු ලැබූ හොඳම නළුවාට හිමි ඇකඩමි ඔස්කාර්  සම්මානය ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ඔහු සම්මාන උළෙල වර්ජනය කරා. ඒ වෙනුවට ප්‍රතික්ෂේප කිරීමේ පණිවිඩය ගෙන ආවේ රතු ඉන්දියානු  (ස්වදේශික) සම්භවය සහිත නිලියක් (Sacheen Littlefeather) වගේම American-Indian Movement ක්‍රියාකාරිනියක්, ඇය ඔහුගේ සම්මානය ප්‍රතික්ෂේප කිරීම හා එයට පැහැදිලි හේතුව සම්බන්ධ පණිවිඩය සම්මාන උළෙලට ඉදිරිපත් කරා. සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි දැඩි ක්රියකරියෙකු වූ මාලන් බරැන්ඩෝ ආදී රතු ඉන්දියානුවන් හොලිවුඩ් චිත්‍රපටවල අර්ථදැක්වූ ස්වරුපය හෙළා දැක්ක. මත්ලෝලීන්, අපරාධකරුවන් හා නුගතුන් ලෙස රතු ඉන්දියානුවන් හොලිවුඩ් චිත්‍රපට පුරා වූ අර්ථදැක්වීමට ඔහු තදින්ම විරුද්ධ වුව. සම්මානය ප්‍රතික්ෂේප කිරීමට වඩා බලපෑ හේතුව වන්නේ Wounded Knee ප්‍රදේශයේදී 1973දී කල American-Indian Movement and Oglala Indians විසින්කල විරෝධතාවයකට ඇමරිකානු රජය සිදුකල ප්‍රචණ්ඩකාරී මැදිහත්වීමයි. ස්වදේශීය ඇමරිකානුවන් කෙරෙහි වූ ඇමරිකානු රජයේ දෙබිඩි පිළිවෙත් හා රජයක් ලෙස ස්වදේශිකයන්ට දැක්වූ මිලේච්චත්වය වෙනුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුන. මාලන් බරැන්ඩෝගේ මෙම ක්‍රියාව ඇමරිකානු රජය කෙරෙහි වූ ජනතා අප්‍රසාදය ඇතිවුණා පමණක් නෙමෙයි මෙතෙක් කතා නොකළ රටවල් පවා ස්වදේශීය මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නටත් පෙළඹුණා.



 ටිකක් පරණ කතාවක් වුනත් මාලන් බරැන්ඩෝ ගැන ලියන්න හිතුවේ පහුගිය දිනවල ලංකාවේ දේශපාලනයට වූ කලාවේ සම්ප්‍රාප්තිය දැකලා. කට්ටියක් ප්‍රජත්රන්ත්රවාදය ඉල්ලද්දී තවත් අය මිනිස්සු වෙනුවෙන් කියල දික්කසාද වෙනවා. තවත් අය සම්මාන උළෙලවලදී සම්මානය දේශපඥයෝ අතින් ලබාගන්න එක ප්‍රතික්ෂේප කරනවා. තවත් අය කාලයක් එක එක්කෙනාගේ දැත් ශක්තිමත් කර කර හිටිය. මාධ්‍යවලට ඇවිත් ව්‍යවස්ථාවේ තියෙන කරුණු දන්නේ නෑ කියල කියපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමියන් හිටියා. තවත් අය ඉන්නවා රටේ ජනගහනය කියාද කියල දන්නේ නැති. මේවලින් ගොඩක් සිද්ධි ඇත්තෙන්ම සිනි බෝල මාලන් බරැන්ඩෝ වගේ රටේ මිනිස්සු වෙනුවෙන් සැබෑවටම පෙනීසිටි කලාකරුවෝ බලද්දී.  ඉතින් මේ සියල්ලට නොයෙක් පැසසුම් හා විවේචන එල්ලවෙද්දී, ලංකාවේ කලාකාරයෝ පක්ෂවලට බෙදිලා මාධ්‍ය සාකච්චත් තියනවා. කලාවට පක්ෂ දේශපාලනේ ආවහම හරි කැතයි. කලාවට දේශපාලනේ ඕන හැබැයි මේ තියෙන වසුරු දේශපාලනේ නෙමෙයි. මේ දේශපාලනේ රටේ මිනිස්සුන්ගේ ඇත්ත අවශ්‍යතාවෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. කාන්තා ක්‍රියාකාරිනියන් බොහොමයක් මේ රටේ කාන්තාවන්ගේ සැබෑ ප්‍රශ්න දන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් විනිවිදව දැකිය හැකි පිරිසක් කලාවෙන් එන්න ඕන, එලියට එන නිර්මාණවල ඒ අර්ථදැක්වීම් ඇතිවෙන්නේ එතකොට.

කොහොම වුනත් මාලන් බරැන්ඩෝගේ සිද්ධියට ගියොත් , ඇමරිකාව යනු ස්වදේශීය මිනිස්සුන්ගෙන් යුරෝපිය සුදු ජාතිකයෝ හොරකම් කල භූමියක්. මර්ධනය දරුණුවටම ක්‍රියාකළ නුතන ඇමරිකාවේ සුදු ජාතිකයන්ගේ පාලනයේ පටන් ස්වදේශික මිනිස්සුන්ගේ ලේ ගැවිලා තියෙනවා. තමන්ගේ නිජ භුමියේ තමන්ගේ ජිවිත අයිතිය නැතිවූ මිනිස්සුන් සිටි භුමියක්. ස්වදේශීය මිනිස්සුන්ගේ ලේ ගංගාවක් මත පවෙන් දැන් සුදු ඇදගෙන මානව හිමිකම් කතාකරන සුද්දන්ගේ ලොව බලවත්ම රාජ්‍ය.  ඒ මිනිසුන් වෙනුවෙන් නැගීසිටීම ඔවුන් සමග සිටගැනීම ඒ කාලයේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මර්ධනය ඉතා තදින් ක්‍රියාත්මක වෙද්දීත්.  කලාවෙන් දෙන වැරදි පණිවිඩයට හා දේශපාලන මිලේච්චත්වයට එරෙහිව තමන් ගොඩ නගාගත් ප්‍රසිද්ධිය හා ගෞරවය කොන්ද කෙලින් තියන් අපුරුවට පාවිච්චි කරලා ලෝකයේ ඇස් ඇරීමට සමත් වූ ක්‍රියාවක් කිරීම වෙනුවෙන් මාලන් බරැන්ඩෝ නම අදටත් ගෞරවයට පාත්‍රවෙනවා. ඇමරිකාව අද මේ තැනට එන්න ඒ රටේ මිනිස්සුම ඒ රටේ වැරදි ප්‍රතික්ෂේප කිරීම විශාල ලෙස බලපෑවා. ඉතින් කලාව කියන්නේ මේ වගේ බොහොම ගෞරවනීය ක්ෂේත්‍රයක්. නිර්මාණකරණයට පමණක් නොව රටේ සැබෑ අයිතිය වෙනුවෙන් පෙනීසිටිය හැකි එය විනිවිදව දැකිය හැකි ක්ෂේත්‍රයක්. පක්ෂ පාට ගාවගෙන පුහු ප්‍රසිද්ධිය උදෙසා කරන දේවල් දැක්කම කොන්ද තියෙන කලාකාරයෝ රටට බිහිවියයුතු බවට පණිවිඩයක් දෙනවා.



කල්පනා අඹේපිටිය
කථිකාචාර්යය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

Comments

Popular posts from this blog

හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?