නැතිවූ පරමාධිපත්‍යය 

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාව තමන්ගේ පරමාධිපත්‍ය, ස්වෛරීභාවය හා සමානාත්මතාවය දේශපාලඥයින්ට බිලිදී ඇති බව දැකීමට ඇති සරලම උදාහරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද ලිස්ට් එක. සංවර්ධිත රටක හෝ නොමැති උපරිම වරප්‍රසාද හරි හමන් අධ්‍යාපනයක් නොලද මේ පිරිසට ලබාදී ජිවිත කාලය පුරාම හම්බකර තමන්ගේ දරුවන් රජයේ විශ්ව විද්‍යාලයකට යවා උපාධිධාරියෙක් කර උදේ හවස කෝච්චියේ බස් එකේ මිරිකී මිරිකී යන රජයේ රස්සාවකට දමා තම බදුවලින් ජිවිත කාලයම කිසිම උගත්කමක්, හැකියාවක් හෝ දැනීමක් නැති කපටිකම, වංචාව, හොරකම, දුෂණය කරපින්නාගත් 225ක් පෝෂණය කරති. අඩුම ගානේ තම දරුවන්ට මින්වන හනියටවත් එරෙහි නොවෙති. අඩුම ගානේ තමන් චන්දෙන් එපා කියන පිරිස ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ඇමතිකම් ගනිද්දී ඊට හුරේ දමති. තමන්ට රස්සාව දුන් පමණින්, විවෘත ආර්ථිකය ගෙනා පමණින්, ගම් උදාවෙන් ගෙයක් ලැබූ පමණින්, යුද්ධය දිනු පමණින්, බඩු මල්ලක් දුන් පමණින්, සමෘධිය දුන් පමණින්, බත් පැකට් එකක් දුන් පමණින්, අරක්කු කාලක් දුන් පමණින් මුළු පරම්පරාවම ජිවිත කාලයම ඒ අදාල පුද්ගලයාට හෝ පක්ෂයට කම්බුරන්න ඕන බව බොහෝ පිරිසක් සිතයි. ජනතාවට සේවය කිරීමට ප්‍රජත්රන්ත්‍රවදීව තමන්ගේ පරමාධිපත්‍යයේ අයිතිය භාවිතා කරමින් තමන් විසින් පත් කරගත් ඔවුන් සේවකයින් පිරිසක් පමණක් බව ජනතාව නිතර අමතක කරයි. ඔවුන් පත් කරන ලද්දේ ඉහත කි කාරණා ඇතුළුව රටට සේවය කිරීමට මිසක් ඒ කාරණා අස්සේ හොරකම වංචාව දුෂණය හංගා සෙල්ලම් කිරීමට නොවේ. නමුත් අද සිදුව ඇත්තේ එයයි. සැබවින්ම ඔවුන් ප්‍රභුවන් යයි සලකන්නේ ඇයි දැයි මම නම් මගෙන් නිතර අසන ප්‍රශ්නයක්. මහාචාර්යවරු 8 පාස් නැති ඇමතිවරුන්ට සර් කියනවා මේ රටේ. ජනතාව කොටස් කීපයකට බෙදිලා තමන් මාරයි කියල හිතන දේශපාලුවන්ට වහල්ලු වෙලා. එක පොස්ට් එකක තිබ්බ "දැන් මේ රටට ඕන උගත් ඇති හැකි පිරිසක් නෙමේ රට බේරගන්න ආණ්ඩුවක්" කියල. කොයි ආණ්ඩුවද මෙච්චර කාලෙකට රට බේරාගත්තේ, ආර්ථිකමය සමාජීය පාරිසරික හා දේශපාලනමය වශයෙන් ?. යුද්ධය ඇත්තටම ඉවරද? අයුධ බිම තැබීමෙන් පමණක් ප්‍රශ්නයක් ඉවරද? ඒ නිසාද නොර්වෙවල තාම ටිවිවල කියන්නේ ලංකාව ඉතා අනාරක්ෂිතයි කියලා. උතුරේ ප්‍රශ්නලු, රට පුරාම ජාතිවාදී ප්‍රශ්නලු, ඉතින් රට දැන් බේරාගන්නට ඕනලු. අවබෝධකරගත යුතු ප්‍රධානම කාරණාව නම් අවුරුදු 30ක යුද්ධයට මුලාශ්‍ර වුන හේතුවට බෙහෙත් කිරීමට එකදු ආණ්ඩුවක් උත්සහ නොකිරීමයි. අයුධ බිම තැබීම පමණක් ප්‍රශ්නයට තිත තැබීමක් නොවන්නේ ඒ නිසයි. ප්‍රශ්නය ප්‍රශනය වනතාක් දකුණේ දේශපාලුවන්ට දකුණේ චන්ද ගැනීමට හේතුවක් ඇති අතර උතුරේ ප්‍රශ්න තිබෙනතාක් උතුරේ ජනතාව පාගාගෙන සිටින උතුරේ දේශපාලුවන් දකුණේ පාර්ලිමේන්තුවේ වැජබෙන්නට පුළුවන්ය. ඉතින් මේ තුවාලය හොඳ කිරීම ඔවුන්ට අවාසිදායකය. ජාතිවාදය ලංකාවේ නව දේශපාලන රටාවේ ලොකුම තුරුම්පුවයි. ජාතිවාදී ප්‍රශ්න ඇති කිරීමෙන් තමන්ට සර්වයිවල් එකක් තිබෙන බව සිංහල මුස්ලිම් දේශපාලඥයින් ඉතා හොදින් දනිති. ඉතින් රට ගැන හිතනවයි කියන ජනතාව මේ ඇම කති. මේ ඔක්කොම එකකට එකක් සම්බන්ධ වූ පුරුක් හා එකම ඩිල් එකක් බව තේරුම් ගන්න තව ටිකක් කල් යාවි. එතකොට රටේ ගන්න දෙයක් නැත. ඒ කියන්නේ අර කලින් පොස්ට් එකේ කිවා වගේ රට නොව ආර්ථික සමාජීය පාරිසරික හා දේශපාලන වශයෙන් බලවත් වූ ලංකාවක් අපිට නැතිවන්නේය. කවුරු කොහොම උඩ පැන්නත් GSP+ වැනි ජාතියන්තර වෙළඳ සහන, ජිනීවා ප්‍රශ්නය, ලෝක බලවතුන්ගේ සහය නැතුව ලොක්කෝ වගේ සිටීමට තරම් අපි ස්වයන්පොෂිත නොවෙමු. ඉතින් ඔය චන්ඩි පාට් පුස් වෙඩිය. ජාතියන්තර ගැතිවිමෙන් තොරව උපක්‍රමශිලිව ආර්ථිකය මෙහෙයවිය හැකි පිරිස ඔය ලොකු පක්ෂවල සිටීද? චීනයට ඉන්දියාවට දෙනගමන් වක්‍රාකාරයෙන් තමන්ගේ සාක්කුව තඩි කරගැනීමට පමණක් ඔවුන් දක්ෂයෝය. රට ගැන හිතන සැබෑ මිනිසුන් ඇතුලේ ඉන්න 225 ගෙදර යවනකම් ලංකාවේ යන්නේ නැවත ගොඩ ගැනිය නොහැකි අගාදයකටය. නාකි අම්බරුවන් පක්ෂ නයයකම්වල රටේ නායකකම්වල තබා මේ කරන්නේ රට රැකගැනීමක් නම් නොවේ, ඒ නාකි අම්බරුවන්ගේ ගොබ්බ විනාශකාරී දරුවන් පාර්ලිමේන්තු යැවීමෙන්ද කරන්නේ රට රකිමක් නොවේ. එක පාරක් හොරා කාපු දුෂණ වංචාවලට නමගිය දේශපාලුවන් නැවත රට බේරාගනිවියයි සිතීමත් විහිළුවකි.


කල්පනා අඹේපිටිය 
කථිකාචාර්ය 

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.

Comments

Popular posts from this blog

හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?