අලි කොලර් දැමීම මේ හා සන්බන්ධව ජතියන්තරයේ වැඩ කරන හා අලි ඇතුන් සංරක්ෂණය, කොලර් භාවිතය පිලිබඳ ප්‍රයෝගිකව පුහුණු වූ මගේ විදේශීය මිතුරෙකුගෙන් විමසුවෙමි. 1. මෙය ලේසි පහසු කාර්යයක් නොවන අතර හොඳින් පුහුණු වූ පිරිසක් විසින් මනාව සැලසුම් සහිතව කරන කාර්යයකි. 2. සිහි නැති කිරීමට යොදාගන්න බෙහෙත් වර්ග වලට මිනිස් සම බෙහෙවින් සංවේදී බැවින් ඉතා පරෙස්සමින් එය භාවිතා කල යුතුය. ජාතියන්තර පිළිගනිම නම් මෙම එන්නත් කිරීම සිදුකකල යුත්තේ පශු වෛද්‍යවරයෙක් විසින් පමණි. එන්නත් කිරීමෙන් පසු විනාඩි 5ත් 15ත් අතර කාලයේදී බෙහෙත ක්‍රියාකිරීමට පටන් ගනී. එතෙක් සතා ඇදවැටෙන තුරු පසුපස ලුහුබදිය යුතුය. 3. රංචුවක සිටි අයෙක් නම් රංචුවේ සාමාජිකයන් උදව්වට පැමිණිය හැක. ඒ නිසා මිනිස් කණ්ඩායමේ ජිවිත ආරක්ෂාව ගැනද සැලකිලිමත්විය යුතුය. 4. දැනට තිබෙන වැඩිදියුණු කල තත්වය අනුව මේ බෙහෙත් වර්ගත්, එන්නත් කිරීමත් මගින් සතුන්ට ජිවිත හානි නොවී කාර්යය ඉටුකරගත හැක. 5. ලංකාවේ නම් දැනට sedation for standing ක්‍රමය යොදාගනී. මෙය සත්වයාට සිදුවන හානිය අවම කරයි. මොකද ඇදවැටීමක් නොවීමත් හුස්මගැනීමට පහසුවීමත් ඇදවටිමකදී හොඩවැල ශරීරයට යටවීමේ අවධානමක් ...
Posts
Showing posts from December, 2018
- Get link
- X
- Other Apps
මිනිසුන් විසින් මරා දමන මිනිසුන්ගේ දරුවන් ත්‍රස්තවාදී වූ සිරියානු සිවිල් යුද්ධය හද කම්පාකරවන මරාදැමුනු හා තුවාල වුනු සිරියන් දරුවන්ගේ චායාරූප මුහුණු පොත පුරා ඊයෙත් අදත් සැරිසරනවා දුටුවෙමි. මෙය ලෝකය පුරා කතාබහට ලක්වීමට බලපෑ කාරණාව වන්නේ පසුගියදා ghouta ප්‍රදේශයට සිරියානු ජනාධිපති බශාර් අල් අසාර්ඩ්ට ප්‍රමුඛ රජයට පක්ෂ පාර්ශව විසින් හෙලනු ලැබූ බෝම්බ වලින් දරුවන් 120ක් ඇතුළු 500කට අධික සිරියානු වැසියන් ඝාතනය වීමත් සමඟමයි. ගලවාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම සංඛ්යාව ඔවුන්ට වාර්තා වූ ප්‍රමාණය පමණක් වන අතර මියගිය තවත් විශාල පිරිසක් සිටින බවයි. ගලවාගැනීමේ කණ්ඩායම්වලට හිරවූ තුවාල වූ මිනිසුන් බේරාගැනීමට යාම පමා වී ඇත්තේ තව දුරටත් ප්‍රහාරක ගුවන් යානා අහසේ සැරිසරන බැවිනි. මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ වෛද්‍ය මධ්‍යස්ථානය හා වෛද්‍යවරුන් විසින් තුවාලකරුවන්ට ප්‍රතිකාර කරමින් සිටි තාවකාලික ස්ථානවලටය. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අවතැන්වුවන් සඳහා වෛද්‍ය ආධාර, ආහාර ලබාදීමට තාවකාලික සටන් විරාමයක් ඉල්ලීමට මොහොතකට පෙරය. සිරියාවේ සාමාන්‍ය වැසියන් හා ළමුන් ඝාතනය අද ඊයෙක සිදුවන දෙයක් නොවේ. සමහර බෝම්බ ප්...