
අපේ පැරණි අලි ඇත්තු සහ බ්‍රිතාන්‍ය අලි ඝාතකයා ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව යටත් කරගන්නා කාලයේදී අලි ඇතුන් විශාල ප්‍රමාණයක් වියළි කලාපයේ සේම තෙත් කලාපයට අයත් විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයේ නුවරඑලිය ශ්‍රී පාදය සිංහරාජය ආදී දැඩි වන ගහණයක් තිබු ප්‍රදේශවල ජිවත් වූ බවට පරණ පොත පතින් සනාථ කරනවා. ඒ අතරින් ඇතුන් බොහෝ ප්‍රමාණයක් නිදැල්ලේ විසු බව සැලයි. ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට යටත් කරගැනීමෙන් පසු එංගලන්තයේ ඕනෑකම් පිරිමැහිමට හදුන්වා දුන් තේ ප්‍රධානව කොට ගත් කෝපි ඇතුළු අනිකුත් වගාවන් ස්වදේශීය ඉඩම් හිමිකරුවන් අතර ප්‍රචාරය කිරීමත් සමඟ ගැමි ජිවිතයද වෙනස් වුවා. බොහෝ ඝන වනාන්තර හෙළිකරමින් තේ, කෝපි වගාව ප්‍රචලිත කිරීමත් කුළු බඩු වගාවන් ව්‍යාප්ත කිරීමත් මැණික් සොයා ගංගා ඇළදොළ ඉවක් බවක් නැතුව පිරීමත් සිදු කරා. සාමාන්‍ය ගැමි ජිවිතයට වඩා රස වැඩි උසස් ජිවිතයක් සුදු මහත්තුරුන්ට තිබු බව ඒත්තු ගන්වමින් ගැමියන්ට තිබු සරල ජීවිතය සංකීර්ණ කාසි පසුපස දුවන මිනිස්සුන් බවට පත් කරා. සුද්දෝ ඇවිත් ගොඩේ මිනිස්සුන්ව ශිෂ්ට කරා යයි අදටත් සමහර අය කිවත් ඇත්තටම වුනේ තමන්ගේ යුරෝපිය උවමනා එපාකම් වෙනුවෙන් හා ලෝක වෙ...