අපේ පැරණි අලි ඇත්තු සහ බ්‍රිතාන්‍ය අලි ඝාතකයා
ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව යටත් කරගන්නා කාලයේදී අලි ඇතුන් විශාල ප්‍රමාණයක් වියළි කලාපයේ සේම තෙත් කලාපයට අයත් විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයේ නුවරඑලිය ශ්‍රී පාදය සිංහරාජය ආදී දැඩි වන ගහණයක් තිබු ප්‍රදේශවල ජිවත් වූ බවට පරණ පොත පතින් සනාථ කරනවා. ඒ අතරින් ඇතුන් බොහෝ ප්‍රමාණයක් නිදැල්ලේ විසු බව සැලයි. ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට යටත් කරගැනීමෙන් පසු එංගලන්තයේ ඕනෑකම් පිරිමැහිමට හදුන්වා දුන් තේ ප්‍රධානව කොට ගත් කෝපි ඇතුළු අනිකුත් වගාවන් ස්වදේශීය ඉඩම් හිමිකරුවන් අතර ප්‍රචාරය කිරීමත් සමඟ ගැමි ජිවිතයද වෙනස් වුවා. බොහෝ ඝන වනාන්තර හෙළිකරමින් තේ, කෝපි වගාව ප්‍රචලිත කිරීමත් කුළු බඩු වගාවන් ව්‍යාප්ත කිරීමත් මැණික් සොයා ගංගා ඇළදොළ ඉවක් බවක් නැතුව පිරීමත් සිදු කරා. සාමාන්‍ය ගැමි ජිවිතයට වඩා රස වැඩි උසස් ජිවිතයක් සුදු මහත්තුරුන්ට තිබු බව ඒත්තු ගන්වමින් ගැමියන්ට තිබු සරල ජීවිතය සංකීර්ණ කාසි පසුපස දුවන මිනිස්සුන් බවට පත් කරා. සුද්දෝ ඇවිත් ගොඩේ මිනිස්සුන්ව ශිෂ්ට කරා යයි අදටත් සමහර අය කිවත් ඇත්තටම වුනේ තමන්ගේ යුරෝපිය උවමනා එපාකම් වෙනුවෙන් හා ලෝක වෙළඳාමේ ආධිපත්‍ය තමන් අතට ගෙන ස්වයංපෝෂිතවීමේ ප්‍රභල කෑදරකම නිසා සුද්දා විසින් තමන් බලෙන් යටත් කරගත් රටවල් තමන්ට ඕන විදියට හදා ගැනීමයි. අදටත් ඔවුන්ගේ කෞතුකාගාරවල යටත්විජිතවලින් සොරාගත් පුරාවස්තු දැකගන්නට පුළුවන්. . ස්වභාවික උරුමය, බෞද්ධ උරුමය හා ජෛවවිවිධත්වයෙන් පිරි තිබු මේ රටේ තිබ්බ සමහර සම්ප්‍රදායික ක්‍රම සුද්දා දැක්කේ ව්‍යාපාර වගේ නැත්නම් තමන්ගේ විනොදශ්වාදයට යොදාගන්න පුළුවන් ක්‍රීඩා හැටියට. මේ කතාව ඊට ඇදාගත් අපේ අලිඇතුන් ගැන.
ආසියානු අලියාගේ සුවිශේෂී උප විශේෂයක් (Elephas maximus maximus) වන ශ්‍රී ලංකාවේ අලියාගේ විශේෂත්වය වන්නේ ඔවුන්ට උරුමවූ ඉහළ බුද්ධිය හා ශක්තිය බව පර්යේෂකන් හදුනාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන් යුධ කටයුතු සඳහා ප්‍රයෝගිකව යොදාගැනීම අතින් මියන්මාරයේ හා ඉන්දියාවේ අලිඇතුන්ට වඩා ඉදිරියෙන් සිටින බවට ඉතිහාසගත සාක්ෂි හමුවෙනවා. සුද්දා එන්නට පෙර රාජධානි සමයේ සිටම විශාල එසේම දළ හිමි ඇතුන් ඝාතනය රජුන් විසින් තහනම් කර තිබු අතර එවැනි අපරාධයකට දඩුවම වුයේ මරණයයි. ඒ අලිඇතුන් රජතුමාට අයත් දේපලක් ලෙස නිතිගතකර තිබු නිසා. මේ නිසාම ශ්‍රී ලංකාව තුල වසර 4000කට වඩා පැරණි ඉතිහාසගත අලි-මිනිස් සබැදියාවක් ගැන පැරණි පතපොතේ සඳහන් වෙනවා ඒ වගේම අලි ඇතුන් ඇල්ලීම, හිලෑකිරීම, ක්‍රීඩාවන් හා සටන් සඳහා පුහුණු කිරීමේ ඉතිහාසය අවුරුදු 2000ක් තරම් පරණයි. ශ්‍රී ලංකාවේ සිටි අලි ඇතුන්ගේ ඝහනය අඩුවීම අවස්ථා තුනක් ලෙස වර්ග දක්වන්න පුළුවන්. හිලෑකරන ලද අලි ඇතුන් හා ඇත්දළ විශාල වශයෙන් අපනයනය කිරීම වාර්තාවන්නේ 1800 ගණන්වල තුන්වන කාර්තුවට පෙර (පෘතුගීසින් විසින් මාතර දිසාවෙන් හා උඩවලවෙන් අල්ලාගත් අලිඇතුන් වගේම ඇත්දළ අපනයනය කරනු ලැබුවත් ඒ වර්ෂයකට 30-40ක් වගේ ප්‍රමාණයක්, ලන්දෙසින්ද එම වෙළඳාම එසේම කරගෙන ගියා. නමුත් අලිඇතුන් විශාල අවධානමකට ලක්වන්නේ ඉංග්‍රීසි යුගයේදී). 1870-1940 දක්වා කාලය තුල වතු වගාවේ සංවර්ධනය නිසා අලි ඇතුන් විශාල ලෙස ඉංග්‍රීසින් විසින් ඝාතනය කරනවා. තුන්වෙනි අවස්ථාව ලෙස දක්වන්නේ නිදහසෙන් පසු වියළි කලාපයේ මිනිස් ව්‍යාප්තියත්, අධික වන විනාශයත්, මරාදැමීමත් නිසා අලිඅතුන්ගේ ගහනය ප්‍රබල ලෙස අඩුවීම, එය අද දක්වා වලංගු වෙනවා.
1796දී මුහුදුබඩ පළාතත් 1815දී කන්ද උඩරටත් ඉංග්‍රීසින්ට යටත්වීමෙන් පසු ක්‍රීඩාව සඳහා අලිඇතුන් ඝාතනය කරා. ඒ වගේම ඔවුන් හදුන්වාදුන් වතුවගාව ඇතුළු අනෙකුත් භෝග වගාවන් සඳහා අලිඅතුන්ගෙන් වන හානිය වලක්වන්න ඉංග්‍රීසින් ගැමියන්ට තුවක්කු ලබාදුන්නා. රජතුමා තහනම් කර තිබු දෙයක් ඉංග්‍රීසින් විසින් උල්ලංඝනය කර දැමුවේ එසේයි. වගාවන්ට හානි කරන අලිඇතුන් රංචු පිටින් ඝාතනය කරන්න ඉංග්‍රීසින් කොයි මොහොතකවත් පසුබට වුනේ නෑ. ඒ වගේම 1830න් පසු වතු වගාවන්වල දිනපතා වැඩකටයුතු, ගොඩනැගිලි, පාරවල් තැනීම, කොටන් ඇදීම වැනි නොයෙක් වැඩකටයුතු සඳහා වන අලි යොදවාගැනීම ඉහල ගියා. මේ හේතුවෙන් වන අලි ඇල්ලීම හා හිලෑ කිරීම වර්ධනය වූ අතර ඉංග්‍රීසින් අලිඇතුන් අපනයනයද දළ සඳහා ඇතුන් ඝාතනයද දිගටම කරගෙන ගියා. මේ සඳහා සිංහල රදළයින් හා ගැමියන් යොදාගනු ලැබුවා.
ලංකාවේ අලිඅතුන්ට සිදුවුණ මේ අසාධාරණයේදී ස්වභාවධර්මය පවා අමතක නොකළ චරිතයක් තමයි , මේජර් තෝමස් විලියම් රොජර්ස් කියන්නේ. ක්‍රීඩාවක් ලෙසත් ගැමියන්ගේ වගාවන් සඳහා රංචු පිටින් අලිඇතුන් ඝාතනය කිරීමට ප්‍රසිද්ධියක් ඉසිලු මොහු 11වසරක කාලයක් (1834-1845) තුලදී පමණක් අපේ අලිඇතුන් 1400ක් මරාදමා තිබුණා. දැනට සිංහරාජයේ අලි දෙදෙනා හා මෑත කාලීනව ශ්‍රී පාද භුමිය රක්ෂිතයේ වාර්තාවූ අලිඇතුන් කීපදෙනා පැවත එන මධ්‍යම කඳුකරයේ ජීවත්වූ ශ්‍රී ලංකාවේ තෙත්කලපිය අලිඇතුන් ගහනය සීග්‍ර ලෙස අඩුවීමට වගකිවයුත්තා මොහුයි. ආන්තික දේශගුණික විපර්යාසවලට හැඩගැහෙමින් අධික වන ඝනත්වයකින් යුතු ඉහළ කඳු නිම්නවල ජිවත් වූ මේ අලි ඇතුන් ශ්‍රී ලංකාවේ අනාගතයට නැතිකර මේජර් රොජර්ස් කරේ බරපතල වරදක්. මේ භූමියට හානියක්. කළ කම් පලදීම සනාථ කරමින් 1845 ජූනි 7 වන දින හපුතලේහිදී අකුණු සැර වැදීමෙන් රොජර්ස් මිය ගිය අතර නුවරඑළියේ ගොල්ෆ් පිට්ටනියට පිටුපස පිහිටි රෝජර්ස්ගේ සොහොනට අකුණු සැර කිපවතාවකදී වැදී ඇති බව වර්තවෙනවා. රොජර්ස් කරපු පව් තවමත් ස්වභාවධර්මය අමතක කර නැතිබවට එය සාක්ෂියක් බව ප්‍රදේශවාසීන් පවසා තුබුණා. කවුරු කොහොම කිවත් බ්‍රිතාන්‍යන් ලංකාවේ දුම්රිය මාර්ග හැදුවට පාරවල් තනුවට තේ වගාව ව්‍යාප්ත කරාට කරපු පරිසර හා සංස්කෘතික විනාශය අති විශාලයි, එහි සැබෑ අලාභය ගණන් බැලුවොත් අදටත් බ්‍රිතාන්‍ය අපිට ණයගැති රටක්.
චායාරූප අන්තර්ජාලයෙන්...
කල්පනා අඹේපිටිය
කථිකාචාර්ය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

Comments
Post a Comment