
විශ්වවිද්‍යාල හා නවකවදය බොහෝ මිනිසුන් පටලවා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලයට ගියපු හා නොගියපු අය පටලවා ගන්නා තැනකී. අපි නම් අපේ දරුවෝ යවන්නේ නෑ කියලා වලිගේ පාගා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සියලු සිසු දරුවන් මානසික ව්‍යාදීන් යයි හිතන තැනකී. විශ්වවිද්‍යාල සමඟ උපන් තරහක් ඇති අය පළිය ගැනීමට යොදගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල දරුවන්ට ඒ විශ්වවිද්‍යාලවල නමට දොස්පරොස් තියන්න ගත්විට අහිංසක දුප්පත් මිනිහාගේ පුතා දුව ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කළමණාකාරුවෙක් කළ හැකි තැනක් බව අමතකවන පිරිසකී. ප්‍රමිතියකින් තොර පෞද්ගලික අධ්‍යාපන ආයතන විවෘත කිරීමට ඒවාට ළමයින් ආකර්ශනය කරගැනීමට පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන පාවිච්චි කරනා තැනකී. ඉතින් කාලය වැය කරමින් මෙය ලියමී. විශ්වවිද්‍යාල වෙනුවෙන් ලියමී. රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගත් කෙනෙක් ලෙස ලියමී. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙක් ලෙස ලියමී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පියෙකුගේ දියනීයකවී නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ නෙලා ගත් කෙනෙකු ලෙස ලියමී. නවකවදය නොවිඳ ඒත් එක දැක ඇති අසා ඇති කෙනෙක් ලෙස ලියමී. පිකටින්වලට නොගොස් එත් පිකටින්වලදී පොලිසියෙන් ගුටිකා...