COVID 19 හෙවත් කොරෝනා වයිරසය පැතිරීම නිසා ලොව ඉගෙන ගත යුතු පාඩම්.
මේවා සමහරක් වාසී ලෙසද සැළකිය හැකීය. වයිරසයක් කොහොමද හොඳක් කරන්නේ කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඔව් ජීවීත හානි ගෙන දුන් වයිරසයක් කියන්නේ බොහෝ දරු ණු දෙයක්. නමුත් ගෝලීයව එය පැතිරීමත් එක්ක පාඩම් හා වාසී තියෙනවා සමාජීයව, පාරිසරීකව හා ආර්ථිකමය වශයෙන්. මේ ඉන් කීපයක්,
1. ටිකක් අමානුෂිකයී තමයී නමුත් වේගයෙන් පැතීර යන වයිරසයකින් ජනගහනය පාලනය වෙනවා (ඕනෑම ගහනයක් ස්වභාවිකවම වර්ෂයකට පාලනය වෙනවා, බැරීම නම් වඳ කරලා දානවා උදා: ඉතිහාසයේ මහා වඳවීම්). මෙවැනී දේ සම්පත් ක්ෂයවීම, පරිසර දූෂණය, අධික පරිභෝජනය වැනි දේ අවම කරනවා. නමුත් කෝවිඩ් 19 වල දැනට පවතින මර්ණ අනුපාතය ලෝකයට දැනෙන්නෙවත් නැති තරම්. චීන ජනගහනය එක්ක බැලුවොත් නම් චිනයට දැනේන්නෙම නෑ.
2. වයිරසය පැතිරුණේ දඩමස් අනුභවය නිසාය කියන හේතුව එක්ක ලොව දඩමස් ජාවාරම දෙස වෙනම කෝණයකින් බලන්න පුරුදු වුනා වගේම
නීතීවිරෝධී වනජීවී වෙළඳාම වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන චීනය ඇතුළු නැගෙනහිර ආසීයානු රටවලට ප්‍රබල විරෝධයක් ගොඩනැඟුනා. මේ හේතුව නීසා දඩමස් වෙළඳාම තහනම් කරන බවට පවා චීන රජය නීවේදනය කරා. හැබැයී නීතීවිරෝධී වනජීවී වෙළඳාම හා ත්‍රෝෆී හන්ටින් සඳහා විශාල දායකත්වයක් සපයන බටහිර රටවල් සුපුරුදු පරිදී අත පිහදාගත්තා.
3. ලෝකය පූරාම පැතිරේන වයිරසයක් ලෝකයට ලොකු වර්නින්ග් එකක් දුන්නා. සුදානම්වීම මදී කියලා. පසුගිය වර්ෂයේ විතරක් වසංගත රෝග 54ක් ලොව දස දෙසින් වාර්තා වෙනවා. එත් අලුත් වයිරසයකට මිනිසා සුදානම් මදී කියලා පෙන්වනවා.
4. වයිරසයක් ස්වභාවිකවම නොව මිනිසාට පර්‍යේෂණාගාරයක් තුළ නිපදවා පරිසරයට මුදාහැරිය හැකීබව.
5. පෞද්ගලික පිරිසිදුකම ගැන ආයෙත් ලොවට මතක් කරා. වැසිකිලි භාවිතය, අත සේදීම, කෙළ ගැසීම කළ යුතු පිළිවෙල නැවත දැනුම් දුන්නා.
6. චීන ආර්ථිකය මත යැපුන රටවලට මරු පහරක් වැදුනා. තමන් තමන්ගේ ආර්ථිකය ගැන බලා ගතයුතු බව වර්නින්ග් එකක් දුන්නා.
7. ලොක් ඩවුන් කරපු අධික ජනගහනයක් ජීවත්වන නගරවල කාලාන්තරයක් පැවති වායු දූෂණය අවම වෙලා, මාර්ග තදබදය සීරෝවෙලා. නිස්කලංක පරිසරයක් හැදිලා නැවතත් කුරුල්ලන්ගේ හඬින් පිරී ගිහින්.
8. රටවල ජාතික ආරක්ෂාව ගැන හිතන්න අලුත් පාරක් පෙන්නුවා. ඒ අපි හැම වෙලේම බයවෙන ත්‍රස්ත්‍රවාදය නෙමෙයී. ඊට වඩා දරුණු දෙයක්. නමුත් කෝවිඩ් 19 යනු ලෝකයේ ප්‍රබලයින් අතර දේශපාලන හා ආර්ථික බල අරගලයේ ප්‍රතිඵලයක් මිසක් ස්වභාව ධර්මයේ වැඩක් නොවේ. ත්‍රස්ත්‍රවාදය වයිරසයක් ලෙසට එන්න පුළුවන් බව නැවත දැනුම් දුන්නා.
9. හැමදාම වැඩ කරපු කාර්‍ය බහුල ජනතාව නිවෙස්වලට වී සිටිනවා. කාලයකින් චීනයේ මිනිස්සුන්ට නිවාඩුවක් ලැබුනා. තමන්ගේ දරුවෝ පවුල එක්ක සති කීපයක්, මාස කීපයක් නිවෙසටම වී ඉන්න ලැබේන එක ඔවුන්ට වටින බව සමහරු කියනවා. සල්ලි තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් දුප්පත් මිනිස්සුන්ගේ බඩට තමයී මේකෙන් පහර වදින්නේ.
10. සියලූ ආයතනවල හා ව්‍යාපාරවලට තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනයත්, නවීන පරිඝණක තාක්ෂණ තොරතුරු පද්ධතිත් ඉතා අවශ්‍ය සාධක බව පෙන්න්වා දුන්නා. ලොක් ඩවුන් කරපු චීන නගර වයිරසය පැතිරී සතු තුනක් යද්දී නිවසේ සිට කාර්‍යාල හා ව්‍යාපාරික කටයුතු ආරම්භ කලා. විශ්ව විද්‍යාල පවා ඔවුන්ගේ වැඩ නිවෙස්වල සිට ආරම්භ කරලා. ආපදා පෙරසුදානම් ක්‍රම වලදී තොරතුරු තාක්ෂණය හා පරිඝණක තාක්ෂණයට විශේෂ තැනක් ලබා දිය යුතු බවට මෙය හොඳ උදාහරණයක්.
11. ගෙදර සිට වැඩ කිරීම නැත්නම් work at home කියන සංකල්පය බොහෝ සුදුසු රැකීයාවලට අනුගත කරවීම ගැන මේ වෙද්දි කතාබහ ඇතිවෙලා.
12. නව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම, සෞඛ්‍ය පුරුදු ගැණ ජන්තාව දැනුවත් වෙන්න ගත්තා විතරක් නෙමෙයී වෛද්‍ය ක්ෂේත්‍රය වයිරස් පිළිබඳ පර්‍යේෂණ හා ප්‍රතිකාර පිළිබඳ පර්‍යේෂණ සඳහා දැඩි අවධානය යොමු කරලා.
13. ලොවපුරා ඇති බෙහෙත්, ප්‍රතිකාර, රෝහල්, කාර්‍ය මණ්ඩල මෙවැනී අපදාවකට ප්‍රමාණවත් නොවන බව. අපේ රටෙන් පවා මුහුණු ආවරණ චීනයට යැව්වා. චීනයට රෝහල් ගොඩනඟන්න සිදුවුනා. පැතිරීම ඉතා සීඝ්‍ර වුවානම් තත්වය බොහෝ දරුණු වෙන්න ඉඩ තිබුනා.
14. ප්‍රබල වයිරසයක් පැතීරීම දේශපාලනිකව හා සමාජීයව බලපාන ආකරය ගැන ලෝකය දැන් කතා වෙනවා.
15. පැතිරෙන්නේ නෑ යයී කී දේශගුණික තත්ව හා විවිධ ජනවර්ග අතර පවා වයිරසය පැතිරී යන බව හා එය විචල්‍ය අවස්ථාවක් බව විද්‍යාඥයින් පැවසීම.
16. තමන්ට මාරාන්තික රෝගයක් වැළදුනු විට එය නිරෝගී පුද්ගලයෙකුට පැතිරීමට මානසිකව ආසාදිත්යින් පොළඹවනු ලබන බව. එය සැළකිය යුතු කාරණාවක් සේම එම තත්වයන්ට සමාජය සුදානම් කිරීමට රටවල් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වියයුතු බව. අවසානයේ චීනය මෙවැනි ක්‍රියා කරන අයට මරණ දඩුවම දෙන බවට නිවේදනය කරා.
17. පෙන්නනවාට වඩා චීනයේ තත්වය භයානක බව. ලෝක සෞඛ්‍ය සංවීධානය පවා වයිරසය පැතිරුනු චීනයේ සෑම ප්‍රදේශයක්ම පරික්ෂාකර නොමැත.
18. අවසානයේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගතයුතු බව. උදා: ඇමෙරිකාව.
ආචාර්‍යය කල්පනා අඹේපිටිය 
01.03.2020

Comments

Popular posts from this blog

හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?