Posts

Showing posts from 2021

ප්‍රසිද්ධිය සහ සමාජ මාධ්‍ය

Image
ජීවිතේ හැමදේම සමාජ මාධ් ‍ යවල විසුරුවා හැරලා බොහෝ මිනිස්සුන් තමන්ගේ පෞද්ගලිකත්වය නිරුවත් කරගන්නව. ඒ වගේම තමන්ගේ පෞද්ගලිකත්වය පෞද්ගලිකව විඳින්න තියෙන අවස්ථාව මඟ ඇර ගන්නවා. පෞද්ගලිකත්වය තමන් ළඟම තියෙද්දි ඒකේ ආතල් එක විඳින්න අද බොහෝ අය දන්නේ නෑ. සමාජ මාධ් ‍ යට මුදා හැරි පමණින් තමන් මාර කැරැක්ටර් එකක් කියලා පෙන්වමින් කෘත් ‍ රීමව ලබා ගන්නා ජනප් ‍ රියත්වට කෙටි කාලීනයී. උදාහරණයකට ගත්තොත් සමහර කලාවට සම්බන්ධ පුද්ගලයින් තමන්ගේ සියල්ල කන බොන එකේ සිට කෙටිකාලීන ජනප් ‍ රියත්වය උදේසා සමාජ මාධ් ‍ යවල විසුරුවා යවද්දි ඊට වඩා ඉහළින් රේට් කරන්න පුළුවන් කලාකරුවන් සමාජ මාධ් ‍ යවල අවශ් ‍ ය දේ සමඟ පමණක් ගණුදෙනු කරනවා. ඔවුන් සැමදා රසීක හිත්වල ඉන්නවා පෞද්ගලිකත්වයේ සීමා ඒක. ඒකේ රස එයාලා දන්නවා. ඉතින් මේක සාමාන් ‍ ය හැමෝටම පොදුයී. හැබැයී ඒක ගැන එසේ කරන අයට කියන්න කරුණුත් තියෙනවා. "මේකට ආවාම විතරයි ටිකක් සැනසීම තියෙන්නේ", අපේ දේවල් බෙදා ගත්තාම මොකද බලන්න බැරි නම් නොබලා ඉන්න" මට ආතතිය ඉතින් මම හැමදේම බෙදාගන්නවා අඩුම ගානේ මට සැනසීමක් එනවානේ", " මම ආසයී ඒවලට ලයික්ස් ගොඩක් වැටෙනවාට කොමෙන්ට්ස්...

About COVID 19 - FB posts collection by Dr. Kalpana Ambepitiya

Image
කෝවිඩ් 19 ගැන පළ කළ ෆෙස්බුක් ලිපි එකතුව. කොවිඩ් හැදුනු චීනයේ දැන් මොකද වෙන්නේ? කොවිඩ් ව් ‍ යාප්ත වීම ගැන බොහෝ අය තාමත් චීනයට චෝදනා කරමින් ඉන්න නිසාම ඔක්කොම කරලා චීනය දොර වහගෙන ඉන්නවා කියන චෝදනාව චීනයට තියේනවා. කොහොම වුනත් චීනය කියන්නේ ලේසියෙන් තම තොරතුරු එළියට දෙන තැනක් නෙමෙයී. කවුරු චෝදනා කරත් ඔවුන් මේ කාලය පුරාමත් ඔවුන්ගේ ගමන ගියා. 2020 වර්ෂයේදී ආර්ථික වර්ධනය පෙන්නපු එකම රටත් චීනය. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ කොවිඩ් පාලන ක් ‍ රමවේදය නම් මම පෞද්ගලිකව අගය කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු දන්න නිසා. ලෝක ජනගහනයෙන් භාගයක් එක්ක ඔහොම පාලනය කරපු එක අපිට නම් හිතා ගන්න බැරි කාරණාවක්. කොහොම වුනත් මේ තමයි චීනයේ අලුත්ම කොවිඩ් තොරතුරු. චීන ජනගහනයෙන් මිලියන 777 කට වැඩි ප් ‍ රමාණයකට. මේ වනවිට COVID -19 ට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ් ‍ ය කොමිසම සඳහන් කරනවා. ඒ කියන්නේ බිලියන 1.83 ඩොස් ප් ‍ රමාණයක් මේ වෙද්දි ලබා දී අවසන්. නමුත් මේ වෙද්දි පළාත් 16 ක මධ් ‍ යම මට්ටමේ සිට ඉහළ අවදානම් මට්ටම සහිත ප් ‍ රදේශ 156 ක අඛණ්ඩව දින 19 ක් පුරාවට සම්ප් ‍ රේෂණය වන කොවිඩ් -19 රෝගීන් සංඛ් ‍ යාව ඉහළ යමින් පැ...