About COVID 19 - FB posts collection by Dr. Kalpana Ambepitiya

කෝවිඩ් 19 ගැන පළ කළ ෆෙස්බුක් ලිපි එකතුව.

කොවිඩ් හැදුනු චීනයේ දැන් මොකද වෙන්නේ?
කොවිඩ් ව්යාප්ත වීම ගැන බොහෝ අය තාමත් චීනයට චෝදනා කරමින් ඉන්න නිසාම ඔක්කොම කරලා චීනය දොර වහගෙන ඉන්නවා කියන චෝදනාව චීනයට තියේනවා. කොහොම වුනත් චීනය කියන්නේ ලේසියෙන් තම තොරතුරු එළියට දෙන තැනක් නෙමෙයී. කවුරු චෝදනා කරත් ඔවුන් මේ කාලය පුරාමත් ඔවුන්ගේ ගමන ගියා. 2020 වර්ෂයේදී ආර්ථික වර්ධනය පෙන්නපු එකම රටත් චීනය. ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ කොවිඩ් පාලන ක්රමවේදය නම් මම පෞද්ගලිකව අගය කරනවා. ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු දන්න නිසා. ලෝක ජනගහනයෙන් භාගයක් එක්ක ඔහොම පාලනය කරපු එක අපිට නම් හිතා ගන්න බැරි කාරණාවක්. කොහොම වුනත් මේ තමයි චීනයේ අලුත්ම කොවිඩ් තොරතුරු.
චීන ජනගහනයෙන් මිලියන 777 කට වැඩි ප්රමාණයකට. මේ වනවිට COVID -19 ට එරෙහිව පූර්ණ එන්නත ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්ය කොමිසම සඳහන් කරනවා. ඒ කියන්නේ බිලියන 1.83 ඩොස් ප්රමාණයක් මේ වෙද්දි ලබා දී අවසන්.
නමුත් මේ වෙද්දි පළාත් 16 ක මධ්යම මට්ටමේ සිට ඉහළ අවදානම් මට්ටම සහිත ප්රදේශ 156 ක අඛණ්ඩව දින 19 ක් පුරාවට සම්ප්රේෂණය වන කොවිඩ් -19 රෝගීන් සංඛ්යාව ඉහළ යමින් පැවතුනත් සමාජය තුළ ඉතා විශාල වසංගත අවදානම දැන් මැනවින් පාලනය කරලා තියෙනවා කියලා කියනවා.
නවතම වසංගත රැල්ල හේතුවෙන් පසුගිය බ්රහස්පතින්දා වන විට පළාත් 18 ක නගර 48 ක දේශීයව සම්ප්රේෂණය වූ රෝගීන් 1,282 කට වැඩි සංඛ්යාවක් වාර්තා වී ඇති අතර නගර 36 ක දින පහක කාලයක් තුළ රෝගීන් වාර්තා වෙලා නෑ.
ඒ වගේම මිලියන 60 කට වැඩි එන්නත් ප්රමාණයක් වයස අවුරුදු 12-17 දක්වා වයස් කාණ්ඩවලට ලබා දුන බවත් ලමුන් එන්නත් කිරීමේ අවශ්යතාවය පිළිබඳ චීන රජය දැඩි අවධානය යොමු කරලා.
කෝවිඩ් 19 නිසා දැඩි පීඩාවට පත් සමහර විදේශ රටවල, ළමුන් අතර COVID-19 ව්යාප්තිය ඉහළ යමින් පවතින බවත් එන්නත ළමයින්ට ලබාදී සමුහ ප්රතිශක්තිය ගොඩනැගීමෙන් අනාගත කෝවිඩ් අවධානම අවම කිරීම අත්යවශ්ය අංගයක් බව චීන රෝග පාලන මධ්යස්ථානයේ ප්රතිශක්ති විශේෂඥ වෛද්යවරුන් සඳහන් කරනවා. ලමුන් එන්නත් කිරීම ආරම්භ කර ඇත්තේ එම අරමුණ වෙනුවෙන්.
ඒ වගේම සියලු ආර්ථික කටයුතු චීනය මේ වනවිට ආරම්භ කරලා. දැඩි නීතී, නීතිය ක්රියාත්මක කිරීම හා ඉදිරි දැක්මක් ඇති නායකත්වය තමයි මේ තරම් දුරට කොවිඩ් පාලනය කරගන්න චීනයට උදව් වුනේ.



ආචාර්යය කල්පනා අඹේපිටිය
21.08.2021
03 shares

-----------------------------------------------------------------------------------------------------------

නීතී දාලා විනය හදනවාට වඩා ස්වයං විනය හරහා පාලනය කරන එක හොඳයී. මැරෙන්න බය නම් තමන්ම පරෙස්සම් වෙන්න්න ඕන කියන එක මිනිස්සුන්ට දැනෙන්න ඕන. හැබැයි ගෙදර ඉඳන් කරන්න පුළුවන් සේවාවන් පවා දින 5 ම සේවයට වාර්තා කිරීම අනිවාර්ය කිරීම නම් මෝඩ වැඩක්. කුමන සේවා දීන 5 ම සේවය කළ යුතුද කුමන සේවා නිවසේ සිට වැඩ කරමින් සිදු කළ හැකීද යන්න තීරණය කළ යුතුව තිබුනා. එහෙම කරා නම්ම්ප්රවාහන තදබදය අවම කර සමාජ දුරස්ථභාවය මැනවින් පවත්ව ගන්න තිබුනා. ඇමරිකාවේ තවමත් බොහෝ සේවා 100% ක් නිවසේ සිට (Work from home ) ලෙස තමයි කරගෙන යන්නේ. ඒ වෙනුවෙන් ඔවුන් infrastructure හදලා තියෙන්නේ. මිනිස්සු ගෙදර සිට වැඩ කරනවා කියන එකට ක්රම හදලා ඒ මිනිස්සු එහෙම කරයි කියන විශ්වාසය්ත් ඒ ආයතනවලට රජයට තියෙනවා. අපේ වෙලා තියෙන්නේ විශ්වාස නෑ නිකන් පඩි ගන්නවා කියලා තමයි හිතන්නේ. සියලූම දෙනා සේවයට වාර්තා කරන්න කීවාට දුම් රිය ප්රමාණයවත් බස් රථ ගානවත් වැඩි වුනේ නෑ. සුපුරුදු රාජකාරි ඇඳුමටම බහින්න වුන මිනිස්සුන්ට රාජකාරීයට එන්න වුනේ පුරුදු විදියටම කිටිකිටියේ හිරවෙලා. රජය මේ තීරණය ගත්තේම රට කෝවිඩ් ව්යාප්තියේ හයිප් එකේම ඉදිදි වීම නම් විහිළුවක්. මොකද වැක්සින් මතම සම්පුර්ණ විශ්වාසය තියලා මේ තීරණේ ගන්න තිබ්බා සියලු දෙනාම වැක්සින් කරලා සතී 4ක් වත් ගියාට පස්සේ. ඒ වගේම මේක කියන්නත් ඕන. සංචරණ සීමා ලිහිල් කරගත් ගමන්ම පැතිරීම වැඩි කරගත්තේ මිනිස්සුම තමයී. අනවශ්ය ෂොපින්, ට්රිප් මතක ඇතී. සමහර යුරෝපිය රටවල් තියෙනවා මේ වෙද්දි සියලු ආර්ථික කටයුතු ආරම්භ කර නිව් නොර්මල් තත්වයට ගිය. පැතිරීම පාලනය වෙලා තියෙන්නේම ඔවුන් සතු ස්වයං විනය නිසා. කළින් ගෙවපු විනෝදකාමී සහජීවන ජීවන රටාවෙන් තරමක් ඔවුන් ඈත් වෙලා. අපිට බොහෝ ඉක්මනට අපේ සාමාන්ය ජීවන රටාවට ඒ කියන්නේ 2019 මැද සිටි කාලයට නැවත යන්න තව සෑහෙන කාලයක් යනවා. ඒ කාලය කෙටු වෙන්නේ අපි කොයිතරම් දුරට ස්වයං විනයක් ඇතුව දැඩිව සෞඛ්යාරක්ෂිත ක්ම පිළිපැද්දිත් විතරයී. දැන් පේන්නට තියෙන ස්වයං විනය මේ අවුරුද්දේ අප්රෙල් මාසයේ සිට තිබුනා නම් දවසකට මැරේන 160 මේ වෙද්දි 10 කට වගේ අඩු වෙලා තියෙන්න තිබ්බා.


Dr Kalpana Ambepitiya
15.08.2021
23 Shares

-------------------------------------------------------------------------------------------------------

කෝවිඩ් වාතයෙන් පැතිරෙනවාද?
නවතම තොරතුරු හා ඉන්දියානු මාධ්ය වාර්තා කරන ලෙසට නව කෝවිඩ් ප්රභේදය වාතයෙන් පවා පැතිරිය හැකි බවත් එය පැය 1/1/2ක් පමණ වාතයේ රැඳිය හැකි බවත් පැවසෙනවා. මෙම වයිරසයම ලංකාවට ඇතුලු වී ඇති බවටත් එම නිසා සෞඛ්ය ආරක්ෂණ ක්රම දැඩි කල යුතු බවත් ජනතාව ඉතාමත් පරෙස්සම් විය යුතු බවත් ඊයේ මාධ්ය හරහා අපට දැනුම් දුන්නා. ඇත්තටම කෝවිඩ් වාතය හරහා පැතිරෙනවාද? ඉතිහාසය බැලුවොත් හා පැතිරෙමින්, විවිධ ප්රභේද ඇති කරමින් තවමත් ප්රතිචාර දකවන මට්ටමේ ඇති කෝවිඩ් වයිරසය ගැන විශ්ව විද්යාල, පර්යේෂණ ආයතන විශාල ලෙස පරික්ෂණ කරා, තවමත් කරනවා. අලුත් තොරතුරු ඒ නිසා විටින් විට එකතු වෙනවා. වාතයෙන් පැතිරීම ගැන සඳහන් වන්නේ මෙහෙමයී.
කෝවිඩ් වසංගතයේ මුල් අවධියේ සිටම ක්ෂේත්රයට ආසන්න හා දුර බැහැර වායුගෝලයන්ගෙන් පැතිරීම පිළිබඳ විද්යාත්මක සාක්ෂි පැහැදිලිව පෙනෙන්නට තිබුණත් වෛද්ය සඟරා ඇතුළු සමහර විද්යා කවයන් තුළ මෙය පිළිගැනීමට ප්රතිරෝධයක් ගෝලීය මට්ටමෙන් පැවතුනී. ඒ වගේම ප්රධාන ලෙසටම පැතිරෙන්නේ කෙළ බිඳිති හරහා පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වුවත් එක එක පෘෂ්ට වලදී වයිරසයේ ආයු කාලය පැය ගනන්වලින් වෙනස් වුනා. මෙසේ එකිනෙකට වෙනස් සොයාගැනීම හා මත අතර ගැටුම් පැවතුනා. නමුත් විවිධ පෘෂ්ටවලදී ආයු කාලය වෙනස් වෙනවා යයි පවසනවා නම් එය වාතයේ රැඳෙන්නට නොහැකී දැයී මටත් පැමිණී ප්රශ්නයක්. වාතයෙ රැඳිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලයේ පර්යෙෂණයක සඳහන් වෙනවා. The Lancet සඟරාවේ අප්රේල් 15 වන දින පළ කල ලිපියේ මෙසේ සඳහන්,
1. වයිරසය බෝ වූ රෝගින් ප්රමාණය එළිමහන් ජන රැස්වීම්වලට වඩා සංවෘත භූමීවල එනම් හෝටල් කාමර වැනි ස්ථානවලදී වැඩිවී ඇත. එනම් වයිරසයට වාතයේ රැඳී පැය කීපයක් සංවෘත ස්තානවල සිටිය හැකීයී.
2. නිරෝධායන හෝටල්වල කාමරවල දිගු දුර සම්ප්රේෂණයන් වාර්තා වී ඇති අතර, ආසාදිත පුද්ගලයින් කිසි විටෙකත් එම කාමරවල කාලය ගත කර නැත.
3. එකිනෙකා හා කතා කිරීමෙන් හෝ ආශ්රය කිරීමෙන් වයිරසය සම්ප්රේෂණය වූ රෝගින් වාර්තා වන්නේ 39% - 59% අතර ප්රමාණයක් පමණී.
4. වාර්තා වූ රෝගින් ප්රමාණය එළිමහනේ සහ හොඳින් වාතාශ්රය ඇති ස්තානවලට වඩා ගෘහස්ථ අවකාශයන් හා සංවෘත අවකාශයන්වල වැඩීය.
5. ආරක්ෂණ ක්රියා මාර්ග ගන්නා රෝහල් වැනි ස්තානවල නව රෝගීන් වාර්තා වී ඇත.
6. රෝහල් කාමරවල වාතයේ සහ ආසාදිත පුද්ගලයින්ගේ මෝටර් රථය තුළ වයිරස් හඳුනාගෙන ඇත.
7.රෝහල්වල නළ මාර්ගවල හා එයාර් ෆිල්ටර්වල වයිරසය සොයාගෙන ඇත.
8. වායු නළ මගින් රෝගය වැළඳුනු සතුන්ගෙන් අනෙත් සතුන්ට සම්ප්රේෂණය වූ බවට වාර්ථා විය.
9. වාතයෙන් සම්ප්රේෂණය වීමට තහවුරු කරන ප්රබල සාක්ෂි කළින් නොතිබුනද, ජනාකීර්ණ, දුර්වල ලෙස වාතාශ්රය ඇති ගෘහස්ථ අවකාශයන්හි එකිනෙකා හා සම්බන්ධ නොවුනද රෝග සම්ප්රේෂණයේ වැඩිවීමක් පෙන්නුම් කෙරිණ.
10. කොරෝනා වයිරසය ඇඳුම්, ගෘහ භාණ්ඩ සහ වෙනත් වස්තූන් වැනි වෙනත් ක්රම හරහා හෝ විශාල ජල බිඳිති හරහා පැතිරෙන බවට ඇත්තේ සීමිත සාක්ෂි පමණි.
මේ කාරණා සියල්ල මුල සිට අධ්යනයන්ට හසුවී ඇති අතර විද්යාඥයින්ගේ මත ගැටුම් නිසා නොයෙක් පරස්පර විරොධී අදහස් නිසාම මෙය වැඩිපුර කතාවට ලක්නොවුනී. එසේම ඒ මත ලෝක සෞඛ්ය සංවිධානය පවා තම සෞඛ්යාරක්ෂණ ප්රතිපත්ති වෙනස් කරේ නැත. වාතය හරහා සම්ප්රේෂණය වූවත් විවිධ පෘෂ්ටමත වයිරසය තිබී පැතිරීම සිදු බවට තේරුම් ගැනීමක් සිදුව ඇති බවද ඔවුන් සඳහන් කරයී. නමුත් දැන් මේ විද්යාඥයින් පවසන්නේ කොවිඩ් නව ප්රභේදය වාතයෙන් සම්ප්රේෂණය විය හැකි බවට ප්රමාණවත් සාක්ෂි ඇත යන්නයී. The message that shared air is the problem, not shared surfaces, is a message that still needs to be reinforced." එම නිසා ඔවුන් පවසන්නේ ගෘහස්ථ අවකාශයන්හි මුහුණට හොඳින් සවිවන මුහුණු ආවරණ (Better-fitting masks) පැළඳ දිගටම සිටීම අත්යාවශ්ය බවයී. කොහොමටත් Sanitizer භාවිතයත් අත් සේදීමත් දිගටම කරන්න. ගෘහස්ථ ජන රැස්වීමවලින් වළකින්න. අවදානමට පෙර කෙසේ හෝ සුදානම ඉතා වැදගත්.


Dr Kalpana Ambepitiya
25.04.2021
30 Shares

------------------------------------------------------------------------------------------------------------------------------------

දැන් ඉතින් මේකත් ගානක් නෑ ....
දෙවනි රැල්ලත් ඇවිල්ලා මාස කීපයක් නිසා සුපුරුදු ශ්රී ලාංකිකයා එළිබැහැලා. නිවැරදි සෞඛ්යාරක්ෂිත ක්රම පිළිපැදීම බොහෝ පිරිසකට අමතක වෙලා විශේෂයෙන් සෙනඟ රැස්වන ස්ථානවලදී. මුඛ ආවරණ නිකටේ. අපි ඉන්නේ දෙවනි රැල්ලේ. පලමු රැල්ලට වඩා වෙනස්, ආසාදීතයින් ප්රමාණය හා මරණ වාර්තා වන තැනක. අහන අහන තැන ආසාදීතයින්.
මොන පැණීය බීවත් පරෙස්සම් වෙන්න ඕන තැන්වලදී පරෙස්සම් නෝවීම මත මරණය ළඟා වෙන්න පුළුවන්. නැත්නම් විද්යාව කියන විදියට දිර්ඝකාලීන හෘද ආබාධ, පෙණහලු ආබාධ, මතක ශක්තීය අඩුවීම හෝ පුරුෂ ලීංගික ආබාධ ( erectile dyfunction) සඳහා ගොදුරුවිය හැකී. කළින් පොස්ට් එකකත් කීවා වගේ තත්වය බරපතල වෙන්නේ මරණ වාර්තා වෙන එකේ නෙමෙයී. කෝවිඩ් එක්ක ජීවත්වෙන්න වෙන එකේ. දිනෙන් දින සොයා ගන්නා දිර්ඝ කාලීනව ඇතිවන රෝගාබාධ මිනිස් වර්ගයාගේ මානසීක ශක්තියේත් ශාරීරීක ප්රතිශක්තියෙත් විශාල බලපෑමක් කරන්න පුළුවන්. ජීවි කොට්ඨාසයක් ලෙස දුර්වල කිරීම මෙහි ප්රධානම ව්යවසනයයී. මතක තියාගන්න ඕන කාරණය තමයි සොයා ගත්ත එන්නතෙත් ප්රශ්න තියෙනවා. විවිධ රටවලින් වාර්තාවබ පුවත් එය සනාථ කරනවා. එය එසේ වියහැකි වන්නේ එන්නත පරික්ෂා කිරීමේ කාලය මෙම අවස්ථාවේ අවම වීම නිසා. අනීක කෝවිඩ් කාලයත් එක්ක විකෘති වෙනවා. ඒ වගේම හැදුනාම හොඳ වෙන්න මිසක් පැතීරීම වළක්වන දේශීය ඖෂධ පවා තාම නෑ. ඉතින් හොඳම දේ පරෙස්සම. මේ ඊට මතක් කිරීමක්.


Dr. Kalpana Ambepitiya 2021, ජනවාරී 18 වන දින
07 shares

------------------------------------------------------------------------------------------------------------------------------------

කෝවිඩ් ගැන අනතුරු ඇඟවීමක්
කෝවිඩ් 19 ආරම්භයේ ඉඳලා චීනයෙන්, ඔක්ස්ෆර්ඩ්, හාර්වර්ඩ් හා ජොන් කොප්කින්ස් සරසවිවල පරික්ෂණ වලින් ආපු පුවත් සුභදායී නොවන නිසාම කෝවිඩ් පැතිරීම ආරම්භයේ සිටම පෞද්ගලික ගිණුම හරහා හැකි පමණ කියවන පිරීස දැණුවත් කරන්න උත්සහ කරා ආසාදනය වන හැමෝම මැරෙන්නේ නැති වුනත් මේක තමන්ට බෝ නොකරගෙන ඉන්න කියලා. කෝවිඩ් නිසා මැරෙන එකට වඩා ජීවත්වීම අමාරු බව ඒ හරහා කියන්නට සිදුවුනා. ඒක තාමත් එහෙමමයී. මේ ඒ ගැන පලවු අලුත් පරික්ෂණ වාර්තාවක්.
කෝවිඩ් වයිරසය දිර්ඝකාලීනව පෙනහළුවලට දැඩීව බලපෑම් කළ හැකිබව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්යාඥයින් පිරිසක් සොයාගෙන. ඒ අවදානම සාම්ප්රදායීක ස්කෑන් පෙනහළු පරික්ෂාවට හසු නොවන බවත් ඔවුන් සිතුවාට වඩා කෝවිඩ් වයිරසය පෙනහළුවලට දැඩි හානියක් කරන බවත් වාර්තා කරනවා. මෙය xenon ස්කෑන් පරික්ෂාවකින් හඳුනාගත හැකීලූ. කෝවිඩ් ආසාදන වී මාස තුනක් පමණ ගත වූ පසු පමණක් මෙය හඳුනාගත හැකි බවත් අමුණා ඇති චායාරූපයේ දකුණු පස පෙනහළුවල පෙනෙන පරීදී අදුරු ප්රදේශවලට ඔක්සිජන් ගමනාගමනයේ අපහසුතා ඇති කිරීම මෙහි ප්රධානම ගැටළුවයී. කෝවීඩ් ආසාදනය සුවපත්වී මාස කීපයකට පසුව නොයෙක් ආබාධ සහීතව රෝගින් රෝහල්වලට වාර්තාවීම නිසා මෙම පරික්ෂණය සිදු කර ඇති අතර ප්රතිඵල සුභදායක නොවන බැවින් එහි ඊළඟ පියවර ලෙස 19-69 අතර වයස් සීමාවන් වලට මෙහි බලපෑම ගැන පරික්ෂා කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
ඉතින් කෝවිඩ් පැතිරීම ලංකාවේ ඉතා අවදානම් තත්වයක තියෙන වෙලාවේ තමන් තමන්ව පරෙස්සම් කරගන්නම ඕන. මේක ඇඟට ගන්නෙ නැතුව survive වෙනවා කියන එකම ජයග්රහණයක්. ඉතින් self discipline තමයි ඒකට ඕන. ඒ නිසා අනුමත ආරක්ෂණ ක්රම පිළිපඳ්න්න අමතක කරන්නම එපා. ඕවා ඕන නෑ කියන එක පෞද්ගලික මතය වුනාට මේ වෙලාවේ වඩා වැදගත් සමාජ වගකීම, මනුස්සකම.

Dr. Kalpana Ambepitiya 2020, දෙසැම්බර් 02 වන දින
52 shares

------------------------------------------------------------------------------------------------------------------------------------

"කෝවිඩ් 19 කියන්නේ පරිසර සාධක අනුව වෙනස් වන වයිරසයක්.... පරිසර විනාශයන් සිදුකරන තාක් අපිට කෝවිඩ් එකේ එක එක මුහුණු එක්ක වගේම ඊට වඩා තවත් මාරාන්තික වයිරස් එක්ක ජීවත්වන අනාගතයක් ලැබෙනවා"
ඒ අනාගතය නැතිකරන්නට නැවතත් ස්වභාවීක පරිසරය බලගැන්වීම ඇර වෙන විසඳුමක් නෑ.
කෝවිඩ් 19 පළමු රැල්ල අතරතුර වුනේ මේක මිනිසා නිපදවූවක් බවට වු එකිනෙකා පොරබදා ගන්නා සීතල භූදෙශපාලන පොරයක් වුවත්, වයිරසයෙන් එන දිර්ඝකාලීන බලපෑම ගැණ සැලකිලිමත් වීම සිදු වුනේ ඉතා අඩුවෙන්. ඒ අවධියේම මම කීවා අපි, මිනිසා ස්වභාව ධර්මය වෙනස් කරගැනීම නිසා මෙවැනි වයිරස් මිනිහා හැදුවත් නැතත් දරුනු ප්රතිඵල ගෙනදිය හැකී බව. අපි පරිසර විනාශයන් කරමින්, ගෝලීය ඌෂ්ණත්වය ඉහළ නංවමින් ස්වභාවික පාරිසරීක සමතුලීතතාවය බිඳීමින් මේ යන ගමන කොහොමත් යන්නේ දරුණු ව්යවවසනයකට මිසක් සුඛීත මූදීත වූ අප සිහින දකින ලෝකයට නෙමෙයී. පරිසර විනාශය කියලා එකක් නෑ. තියෙන්නේ අපි පරිසරය අපිට ඕන ලෙසට වෙනස් කරනවා. ඒක ඒ ව්හිදියට වෙනස් වෙනවා හැබැයි මානව පැවැත්මට අහිතකර ප්රතිඵල එක්ක. අන්න එතනදි අපි කියනවා පරිසර විනාශය කියලා. ඉතින් කෝවිඩ් පළමු රැල්ලෙදීම කීවා පරිසර සාධක වෙනස්වීම මත වයිරසය වෙනස් විය හැකි බව. දෙවෙනි රැල්ල කියන්නේ ඒක. මේ ලංකාව ඇතුලෙන්ම, ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයෙන්ම සොයාගත් දේ.
"ශ්රී ලංකාව තුළ දෙවනි රැල්ල ලෙස පතිර යන කෝවිඩ් 19 වයිරසය සාර්ස් වයිරසයේ B142 යන උප විශේෂයක් ලෙස හඳුනාගෙන ඇති අතර එය යුරෝපය පුරා පැතිර යන දෙවනි රැල්ලේ කොවිඩ් වයිරසයට සමානයී. එම නිසා එක් පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙකුට ඉතා වේගයෙන් පැතිර යාම සිදුවේ. සාමාන්ය කිවිසුමක් මඟින් පළමු රැල්ලෙදී හඳුනාගත් පරිදී වෛරස් අංශු 100,000 පමණ පිටවුවත් නව උප විශේෂය මගින් වෛරස් අංශු බිලියන ගණනක් පිටවිය හැකීය. දරුවන්, ජෙය්ෂ්ඨ පුරවැසියන් වගේම පිළිකා වැනි රෝග සහිත ප්රතිශක්තිය හීන පුද්ගලයින් මෙම වයිරසයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ඇත. එහෙමයී කියලා මෙම වයිරසය ආසාදනය වීමෙන් නිරෝගී අය මැරෙන්නේ නෑ කියලාත් කිව නොහැකීය. එම නිසා හැකීතාක් නිවෙස්වලටම වී සිටිය යුතු අතර අත්යවශ්ය කාරණාවකට හැර සෙනඟ අතර ගැවසීම නොකල යුතුය".
නැවතත් කියමී... ඉදිරියට පැමිණේන ඒ අසුභ අනාගතය නැතිකරන්නට නැවතත් ස්වභාවීක පරිසරය බලගැන්වීම ඇර වෙන විසඳුමක් නොමැත.


Dr. Kalpana Ambepitiya 2020, නොවැම්බර් 03 වන දින'
08 shares

-------------------------------------------------------------------------------------------------------------------------------------

මම හැමදාම කියපු දෙයක් තමයී කෝවිඩ් වල භයානක කම තියෙන්නේ මැරෙන එකේ නෙමෙයී කියලා. සුවවෙලා ජීවත්වන මිනිස්සුන්ට අනාගතයේ සෞඛ්ය අතින්, ආර්ථික මට්ටමෙන්, සමාජීය වශයෙන් වගේම පරිසර හානි අධික වීම නිසාත් බොහෝම දරුණු ප්රතිඵලවලට මුහුණ දෙන්න වෙන බව නිතර කීවා. කෝවිඩ් සමහර විට මුළු මානව සංහතියේම ජීවශක්තිය හෝ ජානමය දුර්වලකීරීමක් සිදුකරන්න පුළුවන් බව මම දන්න හිතවතුන්ට කීවා. ඒ නිසා ලෝක ජනගහනයට සාපෙක්ෂව මරණ අනුපාතය අඩු වුවත් වැළදෙන ප්රමාණය වැඩී ඒ නිසා වෙන්න පුළුවන්. මතකය හා මොළයට සිදුවන හානීය මගින් අනාගත මානව වර්ගයා දුර්වල කරාවී.

දිගු කාලීන අතුරු අබාධ ගොඩක් කෝවිඩ් වැළඳිලා සුව වුන කෙනෙක්ට එනවා කියලා හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් ඇතුලු ලොව ප්රධාන විශ්වවිද්යාල රැසක සිදුකළ පරික්ෂන මගින් හෙළිදරව් කරගත්තේ කෝවිඩ් පළමු රැල්ලේදීමයී. ඒ නිසා මෙය බෝ කරගැනීමෙන් වැළකීමටත් පැතිරවීමට දායක නෝවීමටත් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම හැමෝටම එක හා සමානව දැනෙන්න ඕන.මේක ගොඩක් අය ශෙයාර් කරන නිසා පහළ references කොමෙන්ට් කරා. ඒ දේවලුත් කියවලා අවබොධ කරගන්න. ලෝකයම ඉක්මණින් සුවපත් වේවා.


Dr. Kalpana Ambepitiya 2020, ඔක්තොබර් 29 වන දින
998 shares

----------------------------------------------------------------------------------------------------------

Half-mask wearing .... ඊයේ දවසටම මිනිස්සු 20-25 කට වඩා දැක්කා ෆේස්මාස්ක් එක නහයෙන් පල්ලෙහාට පැළඳගෙන තම තමන්ගේ එදිනෙදා කටයුතුවල යෙදෙනවා. විශෙෂයෙන් කඩවල මුදලාලීලා හා සේවකයෝ. උතුරු කැරොලිනා විශ්වවිද්යාලයේ පරික්ෂණයකට අනුව පුද්ගලයෙකු නහය නිරාවරණ කොට (half mask wearing) ෆේස්මාස්ක් පැළඳීම තුලින් කෝවිඩ් 19 ආසාදනය වීමේ වැඩි අවදානමකට ලක් වෙනවා. තමන් දන්නා පිරීස මෙසේ කරනවා නම් ඔවුන් දැනුවත් කරන්න. ඉතා සීග්රයෙන් කෝවිඩ් 19 ලංකාව තුළ පැතිර යාම තාමත් බොහෝ පිරිසකට දැනී නෑ. එම නිසා ඒ වෙනුවෙන් අවබෝධය ඇති පිරීස හැකි පමණ සියල්ලන්ම දැනුවත් කරන්න. ජීවීතවලට වඩා කිසීම දෙයක් වටින්නේ නෑ. මේ වෙලාවේ හැමෝම හිතන්න ඕන තමන් පරෙස්සම් වෙන විදිය. එතකොට හැමෝම පරෙස්සම්.


Dr. Kalpana Ambepitiya 2020, ඔක්තොබර් 29 වන දින
16 shares
---------------------------------------------------------------------------------------------------------
ලෝක සෞඛ්ය සංවිධානය කෝවිඩ් 19 වයිරසය පිළිබඳ වාර්තා කරණ කරුණු
1. මුඛ ආවරණය නියමිත පරිදි පැළඳීම යනු ඔක්සිජන් අඩු ප්රතිශතයකුත් කාබන්ඩයොක්සයිඩ් වැඩි ප්රතිශතයකුත් ආශ්වාස කිරීම නොවේ.
2. ඇල්කොහොල් පානය කිරීම කෝවිඩ්වලින් වැළකීමේ ක්රමයක් නොවේ.
3. විෂබීජ නාශක පානය කිරීමට යාම ඉතා අනතුරුදායක වේ.
4. මෙතනොල් හෝ එතනෝල් පානය කෝවිඩ්වලින් වැළකීමේ ක්රමයක් නොවේ.
5. උදේට තත්පර කීපයක් හුස්ම අල්ලා සිට හුස්ම ගැනීමේ අපහසුව මැනීම මගින් කෝවිඩ් වැළඳී ඇතිද වග තීරණය කළ නොහැක.
6. අධිකව සුදු ළුණූ අමුවෙන් ආහාරයට ගැනීම මගින් කෝවිඩ් සුවවන බවට සනාථ කොටගෙන නොමැත.
7. තරුණ තරුණයින්ටද දරුවන්ට ළදරුවන්ටද කෝවිඩ් වැළඳිය හැක.
8. අධික ඌෂ්ණත්වය හෝ ආර්ද්රවතාවයට කෝවිඩ් පැතිරීම පාලනය කළ නොහැක.
9. මිරිස් ආහාරයට ගැනීම මගින් කෝවිඩ් සුවවන බවට සනාථ වී නොමැත.
10. ප්රතිජීවක ඖෂධ මගින් කෝවිඩ් බෝවීම පාලනය හෝ සුව නොවේ.
11. උණු වතුර නෑම කෝවීඩ් බෝවීම පාලනයට විසඳුමක් නොවේ.
12. අධික සීතල හෝ හිම කෝවිඩ් පාලනය නොකරයී.
13. නියුමොනියා එන්නත කෝවිඩ් පාලනය නොකරයී.
14. හෑන්ඩ් ඩ්රයර්ස් භාවිතයෙන් කෝවිඩ් පැතිරීම වළක්වාගත නොහැක.
15. සේලයින් දියරවලින් නිරතුරුව නාසය සේදීම මගින් කෝවිඩ් පැතිරීම වකල්වා ගත නොහැක.
16. මදුරුවන් දෂ්ටනයෙන් හෝ මැස්සන්ගෙන් කෝවීත් බෝනෝවේ.
17. කෝවිඩ් පැතීරීම වැලැක්වීමට පාරජම්බුල ලාම්පු භාවිතය කොහෙත්ම සුදුසු නොවේ.
18. 5G මොබයිල් නෙට්වර්ක් මගින් කෝවිඩ් පැතිරීම සිදු නොවේ.
19. සපත්තුවලින් පැතිරිය හැකි බව සිතිය නොහැක.
20. කෝවිඩ් යනු වයිරසයකී. එය බැක්ටීරීයාවක් නොවේ.
21. තාප ස්කෑනරය (Thermal scanner) අඳුන ගන්නේ ශරීර ඌෂ්ණත්වය පමණයී.
22. මිලියන 35කට අධිකව වැළඳුනද බොහෝ පිරිසක් සුව වී රෝහල්වලින් පිටව ගොස් ඇත.
නමුත් මිය ගිය ගණන මේ වන විට මිලියනය (1.04M) පසු කොට ඇත.
23. මෙතෙක් ඉතා සාර්ථක බෙහෙතක් හෝ එන්නතක් කෝවිඩ් සඳහා සොයාගෙන නොමැත.
එම නිසා අපේ රටත් ඉතාමත් අනතුරුදායක තත්වයක සිටින බැවින්, ආර්ථික අතින් පවා අප ඉතා බැරෑරුම් අවධියක සිටින නිසාත් මුහුණ දීමේ ධාරිතාව (Coping capacity) ඉතා අවම බැවිනුත් රටේ ජීවීත බේරාගැනීමට අප හැකී සෑම අයුරකින්ම සහය දිය යුතුය.
නිරන්තරයෙන් සෞඛ්යාරක්ෂණ වැඩපිළිවෙළ ක්රියාත්මක කරන්න.
1. මුඛ ආවරණ පළඳින්න
2. අත් සබන් වර්ගයක් යොදා සෝදන්න
3. සමාජ පරතරය තබමින් එදිනෙදා වැඩ කටයුතු සිදු කරන්න.
5. අනවශ්ය ගමන් බිමන් යෑමෙන් වළකින්න.
6. නිවෙසට පැමිණෙන සෑම අවස්ථාවකම නා පිරිසිදුවන්න
7. එලියට ඇඳ සිටි ඇදුම් සෝදා දමන්න.
8. ජංගම දුරකථනයේ මතුපිට, පරිඝණකය, හෑන්ඩ් බෑගය, මුදල් පසුම්බිය නිතර පිරිසිදු කරන්න.
9. මුදල් අල්ලන සෑම විටම හොඳින් අත් සෝදන්න.
10. පොදු ගමනාගමන සේවාවල නම් ගමන් ගන්නේ නිරතුරුව අදාල ගාස්තුවට අදාල මුදල සූදානම් කරගන්න. එවිට ඉතිරි මුදල් ලබාගැනීමට හා එය ඇල්ලිමට අවශ්ය නොවේ.
11. හැකී පමණ කාඩ් හෝ අන්තර්ජාල පහසුකම් මගින් ගනුදෙනු සිදු කරන්න.
12. කාර්යාලයක එකම දුරකථනය කීප දෙනෙකු භාවිතා කිරීමෙන් වළකින්න.
13. හැකි නම් වායුසමීකරණ යන්ත්රය භාවිතයෙන් තොරව කාර්යාලීය කටයුතු සිදු කරන්න.



Dr. Kalpana Ambepitiya
 2020, ඔක්තොබර් 06 වන දින
26 shares 
 
---------------------------------------------------------------------------------------------------

පෙරසිට පැවති කෝවිඩ් 19 වයිරසය පරිසර සාධක මත සක්රීය බවට සාක්ෂී.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්යාලයේ විද්යාඥ ආචාර්යය ටොම් ජෙෆර්සන් ( Centre for Evidence-based Medicine , Oxford University) පවසන පරිදී කෝවිඩ් වයිරසය හිතකර පරිසර සාධක බිහිවන තෙක් ලොව පුරා කාලයක් තිස්සේ උදාසීනව පැවත ඇති බවයී. එනම් චීනයේ වුහාන් නගරයෙන් එය ආරම්භ වූ බව පෙනුනත් එය ලොව පුරා පැවති බවට දැන් දැන් සාක්ෂි ලැබෙමින් පවතින බවට ඔහු සනාථ කරනවා. විශෙෂයෙන්ම එම ස්ථාන ආසියාවෙන් පිටත බවයි පැවසෙන්නෙ.
මේ පෙනෙන ලක්ෂණ අනුව එය ඉක්මණින් ලොවටම පැතිර ගිය පරිදීම ඉක්මණින් අතුරුදන් විය හැකි බව එනම් සාර්ස් 1 වයිරසය වගේ විය හැකි බව ඔහු කියනවා. එම නිසා වඩා වැදගත් වනේ මොන පරිසර තත්වයක් යටතේ මෙම වයිරසය බිහිවුනාද? සක්රීය වූ මට්ටම හා එය වෙනස්/විකෘති විය හැකි ආකාරය පිළිබඳ පර්යේෂණ ඉක්මන් කළ යුතු බවයී. මෙය උදාසීන වයිරසයක් විය හැකී හා එය සක්රීය කළ "විශේෂ" පරිසර සාධක හඳුනා ගැනීම ඉතා අවශ්ය කාරණයක් වෙනවා.
පසුගිය පෙබරවාරී මාසය මුළ ආජෙන්ටිනාවට ගිණිකොණ දෙසින් පිහිටි කුඩා දූපතක් වන ෆෝක්ලන්ඩ් දූපතෙන් දින 8කට කළින් යාත්රා කළ නෞකාවකින් එක රෝගියෙක් වාර්තා වූ අතර ඔහුට එය බෝවූ ආකාරය සොයාගැනීමට නොහැකි වුනා. මේක හරියට 1918 දී ඇති වූ ස්පාඤ්ඤ උණ වගේ , බටහිර සමෝවා දූපතේ ජනගහනයෙන් 30%ක ජනතාවක් මරා දැමුවත් හුදකලා කිසීම රටක් හෝ මිනිස්සුන් සමඟ ගණුදෙනු කොට නොතිබු ඔවුන්ට ඌණ රෝගය පැතිරුනේ කෙසේදැයි තවමත් අපි දන්නෙ නෑ.
මෑතදී මුද්රණය වූ Science Focus හී පළවු වාර්තාවක සඳහන් වන්නේ බ්රසීලය, ස්පාඤ්ඤය හා ඉතාලීයේන් සොයා ගත් මළ ද්රවය අරන් යන නළවල අපද්රවය සාම්පලවල තිබී කෝවිඩ් 19 වයිරසය සොයාගත් බවයී. ඒනම් මෙම රටවල කෝවිඩ් පළමු රෝගීයා වාර්තාවීමට පෙර පසුගිය වර්ෂයේ ජූනී හා දෙසැම්බර් මාසවලයී.


Dr. Kalpana Ambepitiya 2020, ජූලී 15 වන දින
16 shares
---------------------------------------------------------------------------------------------------------
කොවිඩ් 19 ඉවරද?
ලෝක සෞඛ්ය සංවිධානය අද දිනයේත් මුළු ලෝකයටම අනතුරු අඟවා පැවසුවේ උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව හා දකුණු ආසියාවේ රටවල් කීපයක් දෙවන රැල්ලක් ඇතිවීමේ දැඩි අවධානමක පසුවන බවත් ගෝලීය වශයෙන් දෙවන රැල්ල මේ වන විටත් ආරම්භ වෙමින් පවතින බවත් ය. එසේම අද දීනවන විට ලොව පුරා ආසාදිතයින් මිලියන 10ට ආසන්න වී සිටි අතර මෙතෙක් සිදුවූ සම්පුර්ණ මරණ සංඛ්යාවද ලක්ෂ 5 කට ආසන්න වෙමින් පවතින බවයී. තවමත් දීනකට පුද්ගලයින් දහස් ගණනකට පැතිරී යන අතර දිනක් තුල දහස් ගණනක් මියයයී. කෙසේවෙතත් රටවල් බෝහොමයක් මේ වනවිටද ලොක් ඩවුන් තත්වයෙන් මිදී සාමාන්යකරණයට පත්වීමට උත්සහ දරයී. එම නිසා ජනතාව නැවත සාමාන්ය කටයුතු ආරම්භ කර ඇති අතර කොවිඩ් සෞඛ්ය ආරක්ෂණ ක්රමද ක්රම ක්රමයෙන් අත් හරිමින් සිටී. ලෝකයම ලොක් ඩවුන් වූ කාලයේදී දීනක සාමාන්ය පැතිරීම මිනිස්සුන් 8000 වූ අතර නැවත සාමාන්යකරණය වීමේදී එය දිනකට 15000ක් දක්වා වැඩීවී ඇත. එම නිසා ලෝක සෞඛ්ය සංවිධානයේ සෞඛ්ය නිර්දෙශ එසේම පිළිපැඳීම ඉතාමත් අත්යවශ්ය කාරණාවක් බවට පත්වී තිබේ. මුඛ ආවරණ පැලැදීම, සමාජ පරතරය හා නිතර අත් සේදීම අප තව අවුරුද්දක්වත් කළ යුතුය. සමාජ පරතරය පවත්වා නොගැනීම කෝවිඩ් පැතිරීමට විශාල වශයෙන් දායක වේ. තවත් කරුණක් නම් මේ වනවිට සමාගම් 160ක් එන්නතක් සොයා ගැනීම වෙනුවෙන් පර්යේෂණ කරයී. එයින් දැනට වඩාත් සාර්ථකම එන්නත වන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නතයී. නමුත් එන්නතක් අවසාන අදියරේදී පවා අසාර්ථක විය හැකීය. නමුත් 160ක් ඇති බැවින් අප බලාපොරොත්තු අත් හැරගතයුතු නැත. කෙසේ නමුත් 100% සාර්ථක වූ පසු එක මහා පරිමාණයෙන් නිපදවා ලොව පුරා බෙදා හැරීමටත් ජනතාවට එන්නත් කිරීමටත් මාස 6-12 දක්වා කාලයක් වැය විය හැක. එම නිසා අප පරෙස්සම් වීම අනිවාර්යය. එසේම කෝවිඩ් පාරිසරික සාධක සමඟ වෙනස්/ විකෘති (mutation) විය හැක. එසේ වුවහොත් නිපදවු එන්නත් අසාර්ථක විය හැක. එම නිසා ලෙහෙසි පැතිරීයාම වැළක්විය යුතුය. එය කළ යුත්තේද ජනතාවයී. ඉතින් කෝවිඩ් 19 අවසන් නැත. එසේම අප රට තුළ ප්රජා සම්ප්රෙෂණය නොමැති නිසාත් මාස 1 1/2කින් මරණ වාර්තා නොවු නිසාම මෙය සැහැල්ලුවකට ගත නොහැකීය. ප්රජාව විසින් නිවැරදි නිර්දෙශ මගහැර සිටියහොත් එයාර්පෝට් එක නැවත විවෘත කිරීමෙන් නැවත පැතිරායාමක් බලාපොරොත්තු විය හැකීය. එසේම වෙනස්වන පරිසර සාධක සමඟ කෙසේ පැතිර යා හැකීදැයී අප නිෂ්චිතව නොදනිමු. එම නිසා සෞඛ්ය නිර්දෙශ අනුගමනය කරන්න. ඉන් ඔබත් සමාජයත් පරෙස්සම් වේ.
සැ.යු. මේ අතර ඩෙංගු නැවත පැතිර යාමේ අවධානමක් ඇති අතර පසුගිය වර්ෂයේ ලංකාවේ පමණක් ඩෙංගු මරණ 300කට වඩා වාර්තා වී ඇත.

ආචාර්‍යය කල්පනා අඹේපිටිය 2020, ජූනී 27 වන දින
35 shares
---------------------------------------------------------------------------------------------------------
දෙවන රැල්ලක් ඇතිවීම වළැක්වාගන්න නම් දැන් කෝවිඩ් නෑ කියන සිතිවිල්ලෙන් එලියට ඇවිත් පුරුදු වුන විදියටම ෆේස්මාස්ක් පැළඳ, නිතර අත් සොදා සමාජ පරතරය මැනවින හැම තැනකදීම පවත්වාගන්න. ලංකාවට දෙවන රැල්ලක් දරාගත නොහැකී වේවී. ඒ නිසා ඔබේ පුරවැසී වගකීම ඉටුකරන්න

Dr. Kalpana Ambepitiya 2020, ජූනී 09 වන දින
50 shares
---------------------------------------------------------------------------------------------------------
කෝවිඩ් සමඟ ශ්රී ලංකාවට යළි නැඟි සිටිය හැකි ව්යාපාරික පසුබිම
19.05.2020 දීන අද පුවත්පත, පිටුව 9.
Write up :
Dileepa N Nadeeshani
Dr. Kalpana Ambepitiya 2020, මැයි 15 වන දින

15 shares
---------------------------------------------------------------------------------------------------------

ජා-ඇළ බල්ලෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බවට පළවු මාධ්ය වාර්තා නිසා කලබල වූ කීපදෙනෙකු විසින් බල්ලන්ට කොරෝනා හැදෙනවාද කියා ඉන්බොක්ස් හරහා විමසු නිසා මෙය පළ කරමී. පළමුව මම වෛද්යවරයෙකු හෝ පශුවෛද්යවරයෙකු නොවන බවත් විෂයක් ලෙස ආපදා කළමණාකාරණය උගන්වන අයෙකු බවද කියමී. ඒ අතර ජා-ඇළ සිද්ධිය ඔබ මෙන් මාධ්ය වාර්තා මගින් දැන ගත්තෙමී. මාගේ වෘත්තීය මෙය නොවුනත් කෝවිඩ් 19 හී බෝහෝ තැන් මම කියවන නිසා මෙය ලියන්නේ අහිංසක සතුන් ගැන වැරදි වැටහීම් ඇතිවීම වැළක්වීමටය. මෙම සිද්ධිය හොංකොංහි සිදුවූ දෙයක් අතර එයින් කියවෙන්නේ බල්ලන්ට කෝරෝනා වයිරසය එනම් CRC වැළදෙන බව හා එය බල්ලන් අතර බෝවීමද වේ. මීට අනුව හොංකොංහි බල්ලන් දෙදෙනෙකුට කෝවිඩ් 19 (කොරෝනා වයිරස් බර ගණනක් ඇති අතර කෝවිඩ් 19 ඉන් එකකී) ආසාදනය වී සොයා ගත් නමුත් වයිරසය මිනිසුන්ට මෙන් මර්ණීය අනතුරක් දක්වා නැත. එසේම මේ බල්ලන් දෙදෙනාම නිවෙස්වල ඇති කෙරු සතුන් අතර ඔවුන්ට "තම ආසාදීත ස්වාමීයාගෙන් " එය බෝවී ඇත. නමුත් මේ සතුන් දෙදෙනාගෙන් මිනිසාට මෙය නැවත පැතිරී නැති බව තමයී පැවසුනේ. එසේම කෝවිඩ් 19 ලොව පැතිරීම පටන් ගත් දීන සිට බල්ලන් හෝ බළලුන්ගෙන් වයිරසය පැතිරුනු බවට විද්යාත්මක සාක්ෂී නෑ, research papers නෑ. නමුත් කෝවිඩ් 19 යනු zoonotic disease එකකී. එහි තෙරුම නම් සතුන්ගෙන් මිනිසාට පැතිරීම ඇති වයිරසයකී. නමුත් එය එසේ ලෝක සෞඛ්ය සංවිධානය හඳුන්වා ඇත්තේ වවුලන්ගෙන් එය ව්යාප්ත වූ බවට දැනට පවතින ප්රබල සාක්ෂී නිසයි. කලින් පැවතුනු ගෝලීය වයිරස් බොහෝමයක් ගෘහස්ථව හදන සතුන්ගේන් නොව වනසතුන් අනුභවයෙන් හා ලඟින් ආශ්රය (ලීංගික කටයුතු වලින් පවා) කිරීමෙන් මිනිසාට බෝවී ඇත. එම නිසා ගෙදර බල්ලා පූසා එලවා දැමීමට නොව ඔවුන්ව කොවිඩ් 19 වැළදුනු රෝගින්ගෙන් ආරක්ෂා කරගන්න. ඒ ගමන්ම වනසත්ව මාංශවලට ඇති කෑදරකමද නවත්වාගත හැකී නම් අගේයී.


Dr. Kalpana Ambepitiya 2020, අප්‍රේල් 25 වන දින
09 shares
---------------------------------------------------------------------------------------------------------

කොවීඩ් 19 ගෝලීය වසංගතය නිසා දේශගුණික විපර්යාස කෙරෙහී වන බලපෑම
2020 අප්රෙල් 22 අද පුවත්පත: සොබා බදාදා අතිරේකය
කියවීමට කැමති අයට කියවිය හැකි pdf කල පුවත්පත් ලිපිය ඉන්බොක්ස් හරහා ලබාගත හැක.


Dr. Kalpana Ambepitiya 2020, අප්‍රේල් 23 වන දින
01 share

---------------------------------------------------------------------------------------------------------
කෝවිඩ් පැතිරීමට මූලික හේතුව සනීපාරක්ෂාව(චීනය) දෙවන හේතුව ඒ ඒ රටවල මිනිස්සුන්ගේ ඔවුන්ගේ සංස්කෘතිය තුලින් එලිබැස ගත් ආචාර ක්රම හා සමාජ සම්බන්ධතා(ඉතාලිය ඇමෙරිකාව ඇතුළු යුරොපිය රටවල්). මරණ අඩු වැඩි වීමට බලපෑවේ කෘත්රිම ආහාර හා ව්යායාම් නැති වීම නිසා ප්රතිශක්තිය හීනවී යාම, නරක ආහාර පුරුදු නිසා පිලිකා කොලෙස්ටරෝල් දියවැඩියාව වැනි රෝගින් බහුල වීම, සෞඛ්ය පහසුකම් පෞද්ගලික වීම, ඒවායේ ධාරිතාවය ඉක්මවා රෝගින් වාර්තා වීම, මිනිස්සුන් නාහේට නාහන්නන් වීම හා සෞඛ්ය උපදෙස් හෑල්ලුවට ගැනීම, ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ගුවන් තොටුපලවල් හා වරායන් වසා දැමීම මන්දගාමී වීම හා තම තමන්ගේ බෝඩර් ආරක්ෂාව දැඩි නොකීරීම. ලෝකයේ ප්රබල රටවල් විශාල මරණ සංඛ්යාවක් වාර්තා කරන්නේ ලොකුම ජනගහන නිසයී. කෝවිඩ් 19 විශාල ලෙස පැතිරුනු හා පැතිරේන රටවල් අධික ජනගහනයක් සහිතයී ඔවුන් බොහොමයක් අධික ජනගහනය සහිත එක ලඟ පිහිටි නිවෙස්වල ජීවත්වන්නන්. පලමු විශාලම ජනගහනය, තෙවන විශාලම ජනගහනය හා දෙවන විශාලම ජනගහනය කොවිඩ් වලින් බැට කෑවේ, කන්නේ ජනගහනය ගෙවල් ඇතුලට හිර කිරීම එසේ මෙසේ දෙයක් නොවන නිසයී. මිලියන 21+ හිර කරන්න මෙච්චර අමාරු වුනා නම් බිලියන 3 ක් කොහොම වෙන්න ඇද්ද?විවිධ ආණ්ඩු ක්රම හා මිශ්ර ආර්ථික එක්ක ඇති රටවල් වෙනස් විදියට කෝවිඩ් 19 ප්රතිචාර දක්වද්දී ඒවා එකකට එකක් වෙනස් තනි කේස් ස්ටඩීස්. ඉතින් එක එක රටේ තත්වය එක එක විදිය වෙද්දි ඒවා ඔක්කොම එක පෙට්ටියකට දාලා දිග පලල මනින්න යන එක එච්චර සුදුසු නෑ. අනික මේක තරඟයක් නෙමෙයී. ලොකුකම් කියාගන්න පම්පොරි මණ්ඩපයකුත් නෙමෙයී. තමුන්ගේ මට්ටම් තම්මැට්ටම් වුනාට මේ ගෝලීය වසංගතයක්. ප්රබල ආර්ථික කඩා වැටීමේ හෙණය වදින්නේ ඒ මත යැපෙන දුප්පත් රටවලට. හරියට බෙහෙතක්/ එන්නතක් හොයාගෙන නැති කෝරෝනා වයිරස් කාලෙන් කාලේට ලෝකේට ආවා. කොවිඩ් 19 එයින් එකක් විතරයී. තව දරුණු ඒවා ඉදිරියට ඒවී. ඉතින් වුහාන් වලින් හිස ඔසවද්දි ලෝකයම ඒ වෙනුවෙන් හරියට සුදානම් වුනේ නෑ කියන චෝදනාව කරන්නම ඕන. ගෝලියව අපි පරාදයී අර නැතිවු හා වෙන මරණ 150000+ වෙනුවෙන්. ඉතින් සමහර රටවල් යතාතත්වයට එමින් පවතිනවාලූ. හැබැයි ඒ කෝවිඩ් තුරන් කරලා නෙමෙයී පාලනය කරලා. ඒ පාලනය ස්වභාවික පාලනයක් වෙන්නත් හැකී නිසා නැවත හිස ඔසවන්නත් පුළුවන්. මොකද මේ සම්බන්ධයෙන් තවම විශෙෂඥයින් පර්යෙෂණ කරමින් ඉන්නේ.හැබැයී මේ කරපු දේවල් හා උගත් පාඩම් අමතක කරොත් නිවැරදිව වසංගත රෝග මැඩලීමේ අන්තර්ජාතික හා ජාතික ක්රමවේදයක් සකස් නොකර උඩ බලන් හිටියොත් ඊළඟ කොරෝනා මීට වඩා දරුණුවට බලපාන්න පුළුවන්. තවමත් ගෝලීයව අපි ඉන්නේ ප්රතිචාර අදියරේ.

Dr. Kalpana Ambepitiya 2020, අප්‍රේල් 18 වන දින
10 shares

---------------------------------------------------------------------------------------------------------
COVID 19 ලෝකය තුළ මූලීකවම ව්යාප්තවීමට බලපෑ ප්රධාන කාරණා. විශෙෂයෙන් චීනය, ඉතාලිය, කොරියාව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්යාප්ත වීමට හේතු.
1. නොසැලකිලිමත් පුද්ගලික සනීපාරක්ෂාව
2. කරන්න එපා කීයු දේවල් කිරීම - පිරිහුණු ස්වංවිනය
3. තම රජයන් විසින් නියම කළ උපදෙස් පිළිනොපැදීම - පුරවැසි වගකීම ඉටු නොකිරීම.
4. ආත්මාර්ථකාමී කම - නිරොධායනය වෙන්න කියද්දිත් පැන යාම, හැංඟී සිටීම.
5. අපිට හැදෙන්නේ නෑ යයී සිතීම - උද්දච්චකම.
6. මට හැදුනා නම් අනිත් අයටත් හැදිය යුතුයයී සිතීම - කුහකත්වය.
මේ සියල්ල මානව සමාජයේ තියේන විෂ්බීජය. කෝවිඩ් එක්කම මිනිස්සුන්ගේ හොඳ කළ යුතු මානසික අසනීප මේවාය.
කරුණාකර WHO සංවිධානයේ හා රජයේ උපදෙස් පිළිපදින්න. නිරොධායනය වියයුතු යයී නියම කළ කණ්ඩායමට අයත් නම් කරුණාකර අවශ්ය තැන්වලට දැනුම් දී නිරොධායනය වන්න.

Dr. Kalpana Ambepitiya 2020, මාර්තු 19 වන දින
23 shares
-------------------------------------------------------------------------------------------------------------
COVID 19 මහ පොළොව තාවකාලිකව නිදහස් කරදැමුවා.
අපේ සුන්දර මහපොළොව නැවත හුස්ම ගන්නට පටන්ගෙන. ඉහළම හරිතාගාර විමෝචන රටවල් දේකම (ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය) මේ අවස්ථාවේ තාවකාලිකව හෝ නිහඬව සිටීම නොනවත්වා සිදුවූ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට විවේකයක් ලබා දෙනු ඇත. අනෙක් කාර්මික රටවල්ද සමහරක් මේ වනවිට අගුලු දමා හෝ එදිනේදා සියලු කාර්යයන් නතර කර ඇත. සෑම තැනකම කර්මාන්තශාලාවලින් හා වාහනවලින් සිදු වු ශබ්ද දූෂණය, නාගරික දූෂණය, වායු දූෂණය නතර වී ඇත. කිසිදු ඉදිකිරීමක් හෝ ව්යුහාත්මක ඉදිකිරීමක් නොමැත. ඇත්තේ පැහැදිලි අහසක්, කුරුල්ලන්ගේ සුමිහිරි ගායනා, නිදහසේ සැරිසරනා කුඩා වන සතුන් සහ ස්වභාවික නිහඬතාවයම පමණී. මිනිසා විසින් විනාශකරගනිමින් තිබු එය ලස්සන ලෝකයකී.
කෝවිඩ් කියාදුන් පාඩම මිනිසා ඉගේනගත යුතුය.


Dr. Kalpana Ambepitiya 2020, මාර්තු 14 වන දින
49 shares

Comments

Popular posts from this blog

හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?