ශ්‍රී ලංකාවේ නිදහස සහ සැබෑ නිදහස 

කළු සුද්දන් වී සිටින බහුතරයක් අතරේ මොන නිදහසක්ද? මේ ඒ නිදහස වෙනුවෙන් නොවේ. සුද්දන් සිටියා නම් හොදයයී කියනා හා සුද්දන්ගේ රටවලට කඩේ යන කළු සුද්දන් පිරිසක් අප අතරේ සිටි. ඔවුන් අපේ දරැවන්ගේ ඔළු වෙනස් කරමින් සිටින අතර රටට ආදරේ මිනිසුන් බිහිකල යුතු කාලයක් උදා වී ඇති බැවින් මෙය ලියමී.
අපි අභිමානවත් ජාතියක් වී සිටියෙමු. සමහරැ හිනාවෙයි මෙහෙම කීවම. මම ඔවුන්ට හිනාවෙමී. වැව් 30000ක්, මහා වැව් එක්නෙකට සම්බන්ධ ජල පුවාහන පද්ධතියක්, දැනටත් ඉංජිනේරුවන් මවිතකරන බිසොකොටුව, රජවරැ 400කට වැඩි රාජාවලියක්, අහස උසට බැදි දාගැබ් දකුණු ඉන්දිය ආකුමණවලට පන්න පන්න ගහපු ඉතිහාසයක් ඇති ලොකයේ එකම රට. සුද්දා අපිට ඉන්දියන් සාගරයේ මුතු ඇටය කීවේ අපි අංගසම්පූර්ණ රටක් වු නිසා, බත බුලතින් සරැවු ස්වභාව ධර්මයෙන් සතා සිවිපාවගෙන් පිරිපුන් ලංකාවේ ජීවත් වුනේ බෞද්ධාගමේන් පොෂණය වු අහිංසක මිනිසුන්. පෘතුගිසින් මෙරටට පැමිණෙන විට යුද්ධ සංකල්ප හෝ බාහිර ආකුමණවලට අපේ මිනිසුන් සුදානම්ව සිටියේ නෑ. ඒ ඔවුන් නොන්ජල් ජාතියක්වත් අශිෂ්ඨ මිනිසුන් වත්වී සිටි නිසා නොවේ, යුරොපියයන්ට වඩා බොහෝ ශිෂ්ඨසම්පන්න වු නිසා මෙන්ම ධාර්මික වු නිසා. පෘතුගිසින් විශාල ජන සංහාර කර අහිංසක ගැමියන් බො⁣හොමයක් මරා දැම්මා. ගම්බිම් වෙහෙරවිහාර කඩා දැම්මා. ඔවුන් පලවා හරින්න ලන්දේසින් ආවා. ඔවුන් ඊට දෙවනි වුනේ නෑ. ලංදේසීන් පලවා හරින්න ගිවිසුම් කොට ඉංග්‍රීසින් ආවා. එක දිගට පරදේශිකයන් විස්වාස කිරිම අපිට අවාසනාව ගෙනාවා. උඩරට රාජ්‍ය බිද දැමිම ලේසි වුයේ නෑ. බොහෝ සමගි සම්පන්න වු මේ මිනිසුන් බේද කිරිම අපහසු වී උඩරට රාජ්‍ය අල්ලාගැනිමට නෙහැකිව ඉංග්‍රීසින් පසු බැස්සා. එංගලන්තයේ රැජින ඒ වෙනුවෙන් එව්වේ ඩොයිලි කියන යක්ෂයා. රටේ තිබුනු බෞද්ධ පදනම කඩා දමා රජු හා හාමුදුරැවන් බේද බින්න කරිම, උඩරට රදලයන් ⁣කෙටවීම, ඉන්දියන් දෙමළ ජාතිකයින් මෙහි පදිංචිකර ඔවුන් හා සිංහලයින් අතර බේද ඇති කිරිම, සිංහලයාගේ ශරිර ශක්තිය බිදිමට මද්‍යසාර ව්‍යාප්ත කිරිම මේ යක්ෂයා දියත් කල උප්පරවැට්ටි. මේත් එක්ක කාලයත් තිස්සේ පැවතුනු සමගිය ඉහිරි ගියා. සිංහලේ රජු බේද කොට රැජිනට ලියුමක් යැවු ඩොයිලි කිවේ දැන් ලොකු මාළුවා දැලේ බවයි. රැජින පෙරලා පිලිතුරැ එව්වේ බයවෙන්න එපා. උන් ඕක නිකම්ම දෙනබවය. එතරම්ම පහත් රට පවාදුන් සුද්දන්ට කත් ඇදපු නීචයින් පිරිසක් එදත් සිටි බවත් මතක් කරන්න කැමතියි. ඒත් නොංජලයෝ හැමදාමත් දිනුවේ නෑ. අපේ අභිමානවත් ලේ කකියවන්න වැඩි කාලයක් ගියේ නෑ ඔවුන් නැගි සිටියා, කැරලිගැහුවා, සටන් කරා අන්තිම ලේ බිංදුව වෙනකම්, වීරයෝ විදියට මියගියා. කැප්පෙටිපොළ දිසාවේගේ හිසටත් සුද්දා බය වුනා. කුඩාපොල හාමුදුරැවන් වගේ ශක්තිවන්තයකු සුද්දා මීට පෙර දැක තිබුනේත් නෑ. ගොන්ගාලේ ගොඩබංඩා, පුරනඅප්පු, ගොඩදගදර අදිකාරම්, ⁣ගලගොඩ අදිකාරම්, කේටකාල මොහොට්ටේ, කුඩාබදුලුගම්මන රටේරාල, වත්තේකැලේ මොහොට්ටේ, පලංගොල්ලේ මොහොට්ටේ, කුඩාබෙත්ම හා මහබෙත්ම රටේ රාලලා, කිවුලේගෙදර විදානේ ආදි තවත් වීරයන් පිරිසක් මේ සටනට උර දීම නීසා ඉංග්‍රීසින් විසින් මරා දැම්මා. 1818දී උඩරට ගිවිසුම අත්සන් කිරිමට පෙර ඉංග්‍රීසි කොඩිය එසවීමට වෙලාව එනතුරු එය එසවිමට ඉඩ නෙතබා සිංහල කොඩිය ඔසවා තබමින් තවමත් මේ රට උඹලට අයති නෑ බොලව් යයි කී වාරියපොල හාමුදුරැවන් ඉන් පසු ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගෙන යාපනේ තිබුනු වදකාගාරයට ගෙන ගොස් උන්වහන්සේටගේ හිස බිත්තියේ හප්පා සිහි විකල්කොට මරාදැමුවා. අපේම සිංහලයින් පිරිසක් පාවා නොදෙන්න 1818 මහා කැරැල්ලේන් ඉංග්‍රීසින් පරදින්නට හොදටම ඉඩකඩ තිබුනා. අවාසනාවට හෙන්චයියන් එදත් දිනුවා. වීරයෝ මරා දැමුනා. එතැන් පටන් බලු බද්ද රෙන්ද බද්ද ඉස්තොප්පු බද්ද ආදි නොයෙක් බදුවලට හිරකරමින් පරිසරය සතා සිවිපාවා වනසා දේපල කොල්ල කමින් වගා හානිකොට තේ පමණක් වවමින් ඉංග්‍රීසින් අපේ රට අපිට ආදරේට පාලනේ කරේ නෑ. අලි ඇතුන් 1400ක් මරා දාපු රොජර්ස් ඊට හොදම උදාහරණයක්. උඩරට කදුකරයේ සාරවත්බව උලා කෑවා තේ වගාවක් දාලා. අපේ සුළු අපනයන බෝග වගා අඩපණ කලා. ගවරා වැනි සත්වයින් සම්පුර්ණයෙන් වද කරලා දැම්මා.දැන් කියයි තේ වගාව නිසා අපි දියුනු වුනා කියලා. තමන්ට ඕන දේවල් යටත් විජිතවල වවලා කරේ තමන්ගේ අවශ්‍යතා සපුරාගැනිම. ඒ බොගයම මත යැපුනු අපි ඒවා සුද්දටම විකුනලා සුද්දට ඕන විදියට අපේ ආර්ථිකේ තව තවත් පාලනය කරන්න දුන්නා. අපේ මුතු මැණික් කොල්ල කෑව විතරක් නෙමේ එංගලන්තයේ කෞතුකාගාර බොහොමයක ලංකාවේන් ඉන්දියාවෙන් කොල්ලකාගෙන ගිය දෙවල් අදටත් තියෙනවා. මහා ජන සංහාරයක් කල ඉංග්‍රීසින් එංගලන්තයට ගොස් පොත් ලීවේ අපි ලංකාව ඉන්දියාව ශිෂ්ටසම්පන්න කලා කියලා. මිලේඡ්ඡ මිනිමරැ කොල්ලකරුවන් වු ඔවුන්ගේ ශිෂ්ඨගති පෙනෙන්නේ තවමත් පස්ස ටිෂු එකකින් පිහදාලයි. අපි පස්ස ඒ කාලයේ සිටම සේදුවෙමු. අපේ කැසිකිලි වැසිකිලි භාවිතය රිටිගල පොලෙනේනරැව කළුදිය පොකුණ යන ස්ථානවලින් සාක්ෂි සහිතව ඔප්පු වෙනවා. සුද්දා කඩුගන්ගනාව ගල විද නුවර ඇල්ලු නිසා ලංකාව මේ තරම් දියුනු වුනා කීවට මතක තියාගතයුතු එක දෙයක් තියෙනවා. සුද්දා ගල විදින්න බොහෝ කාලයකට කලින් අපි සිගිරිය උඩ මාලිගා හැදුවේ. වතුර මල් හැදුවා සුද්දට හැදුවේ කොහොමද කියලාවත් තේරැම් ගන්න බැරි. ගල් උඩ පොකුණු හැදුවා පොලොවේ වැවයි ගලේ පොකුණයි එකවිට බොර වෙන. රාම පාලම් හදල ලංකාවට එද්දි රවණා දඩු මෙණෙරෙන් ගිහින් සීතව ගෙනාවා.







එහෙම පෞඩ ඉතිහාසයක් අද මේ තත්වේට වැටිලා තියෙන්නේ සුද්දා ගියේ කළු සුද්දෝ ඉතිරි කරලා නිසා. ඒ කළු සුද්දෝ ,සුද්දා වපුරපු විෂබිජ තවමත් වපුරමින් ඉන්නවා. අපි තවමත් නිදහස් වේලා නැත්තේ එකයි. තමන්ගේ රටේ මිනිස්සු එක්ක මරාගන්නේ ඒ විෂබිජ අලුත් මුහුනුවලින් එන නිසා. තමන්ගේ රට ගැන හැගෙන දැනෙන ඒ වෙනුවෙන් වැඩ කරන අලුත් අදහස් ඇති පිරිසක් අපිට අවශ්‍යයි. ඔවුන් ලැප්ටොප් අරන් ඩාන්ස් නොකරන ලැප්ටොප් නිපදවිය හැකි පිරිසක් වෙන්න ඕන. කාලය නාස්ති කරගෙන මේ තරම් ලීවේ මව්බිම වෙනුවෙන්. මේ රටේ ඉපදිලා මේ රටට ගරහන පිරිසක් බිහිවීම දැන් නැවැත්විය යුතුයී. කිසිම රටකට බිලි නොවන දේශපාලන සංස්කෘතිකයක් මෙහි ඇතිවිය යුතුයි.




කල්පනා අඹේපිටිය 
කථිකාචාර්ය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog