හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?
ස්වභාවීක අනතුරකදි නිවැරදි ආරක්ෂිත ක්‍රම පිළිපැද්දොත් ජීවිතය බේරගන්න ලේසී... ඒත් ත්‍රස්තවාදී ප්රහාරයකදි එය මොන තරම් අපහසු ත්‍රාසජනක මරණීය ක්‍රියාවක්ද කියලා ඊශ්‍රායල-පලස්තීන යුද්ධයේ වීඩීයෝ මගින් පේන්න ඇතී. මරන්න එපා කියලා ජීවිතය ඉල්ලද්දිත් ඔවුන් අපට වෙඩි තබාවී.
🔥🔥🔥හදීසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී සාමාන්‍ය වැසියෙක් ලෙස ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්?
💥ත්‍රස්තවාදී සිදුවීමක් සිදුවුවහොත් සන්සුන්ව සහ ඉවසිලිවන්තව සිටින්න.
💥මොනයම් හෝ උපදෙසක් බලධාරින් විසින් රේඩීයෝ හෝ ටීවී හෝ sms මගින් ලබා දුන්නොත් අනුගමනය කරන්න.
💥ප්රවෘත්ති සහ උපදෙස් සඳහා ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙන්න.
💥සිදුවීම ඔබ අසල සිදු වුවහොත්, තුවාල සඳහා පරීක්ෂා කරන්න.
💥ප්‍රථමාධාර ලබා දීම සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සඳහා උපකාර කැඳවන්න අවශ්‍ය දුරකථන අංක ලඟ තබා ගන්න.
💥ඔබේ නිවස අසල හෝ බිල්ඩීමේ සිදුවීම සිදුවුවහොත්, එකවර ලයිට්ස් නීවී ගියහොත් ටෝච් හෝ ෆ්ලෑෂ් ලයිට් භාවිතයෙන් හානිය පරීක්ෂා කරන්න. ගිනිකූරු හෝ ඉටිපන්දම් දල්වන්න හෝ විදුලි ස්විච ක්‍රියාත්මක කරන්න එපා. ගිනි, ගිනි උවදුරු සහ අනෙකුත් ගෘහස්ථව ඇති විෂරසායන ද්‍රවය ගැන පරික්ෂාකාරීවන්න. ඔබට ගෑස් ගඳක් හෝ කාන්දුවක් ඇති බවට සැකයක් ඇත්නම්, ප්‍රධාන ගෑස් ලිප හා සිලින්ඩරය ක්‍රියා විරහිත කර, ජනේල විවෘත කර, සියලු දෙනා ඉක්මනින් පිටතට ගෙන යන්න.
💥වෙනත් හානි වූ විදුලී උපකරණ සම්පුර්ණයෙන් නිවා අන්ප්ලග් කර දමන්න.
💥ඔබේ සුරතල් සතුන් සුරක්ෂිත කරන්න.
💥ඔබේ පවුලේ අය වෙනත් තැනක නම් දුරකථනය හරහා අමතන්න—එය ජීවිතයට තර්ජනයක් වන හදිසි අවස්ථාවක මිස නැවත දුරකථනය භාවිත නොකරන්න ( ලයින් බීසී වීම හා ලෝර්ඩ් එක වැඩිවීම මත ගලවාගැනීමේ හා වෛද්‍යාධාර මෙහෙයුම්වලට හානියක් වෙන්න පුළුවන්).
💥ඔබේ අසල්වාසීන්, විශේෂයෙන්ම වැඩිහිටි හෝ ආබාධිත අය ගැන පරීක්ෂා කරන්න. ත්රස්තවාදීන් එලීයේ නම් අසල්වාසීන් බැලීමට නොයන්න. නිවස තුල නිශ්ශබ්ද වී ආරක්ෂිතවන්න.
🔥🔥🔥🔥ඔබේ නිවසින් පිටව (evaluate) යන ලෙස නිලධාරීන් ඔබෙන් ඉල්ලා සිටින්නේ නම්, මෙම ඉල්ලීම කිරීමට ඔවුන්ට හොඳ හේතුවක් ඇති අතර, ඔබ වහාම උපදෙස් වලට අවනත විය යුතුය. ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දී උපදෙස් අනුගමනය කර මෙම සරල ඉඟි මතක තබා ගන්න:
💥ඔබට හැකිතාක් ශරීරය ආරක්ෂා කර ගත හැකි වන පරිදි දිගු අත් සහිත කමිස, දිගු කලිසම් සහ සපත්තු පළඳින්න ( ඉවත්වයාමේදී කැඩිබිඳී ඇති තැන්,කම්බී, ඇණ, වීදුරුකටු වලින් බේරීමට පුළුවන්)
💥ආපදා පෙරසූදානම් බෑගයක් ඇත්නම් ( මෙය බොහෝ ශ්‍රී ලාංකිකයින් තවමත් නොදන්නා කාරණාවක්) රැගෙන යන්න.
💥ඔබේ සුරතල් සතුන් ඔබ සමඟ රැගෙන යන්න.
💥ඔබේ නිවස අගුළු දමන්න.
💥උපදෙස් ලැබුනු නිශ්චිතව දක්වා ඇති ගමන් මාර්ග භාවිතා කරන්න - සමහර ප්‍රදේශ ගමන් කළ නොහැකි හෝ අනතුරුදායක විය හැකි නිසා කෙටිමං භාවිතා නොකරන්න.
💥වැටී ඇති විදුලි රැහැන් වලින් ආරක්ෂාවෙන්න.
💥වඩාත් නිවැරදි තොරතුරු රජය විසින් ඔබට ලබා දෙනු ඇත. දේශීය ගුවන්විදුලිය සහ රූපවාහිනිය සමඟ රැඳී සිටීම සහ ඔවුන්ගේ උපදෙස් අනුගමනය කිරීම ඔබේ ආරක්ෂිතම තේරීමයි.
💥සමාජ මාධ්‍ය ඔස්සේද ඔබට තොරතුරු ලබාදෙනු ඇත. Emergency contact කරගන්න උදව් ඉල්ලන්න සමාජ මාධ්‍ය හොඳම ක්‍රමයක්. එහෙම වුනත් ලයිව් යන්න එපා. ඒකෙන් ත්රස්තවාදීන්ගේ අනවශ්‍ය අවධානයට ලක්වෙන්න පුළුවන්.
🔥🔥🔥🔥🔥ඔබට evacuate වීමට කාලය ඇති බව ඔබට විශ්වාස නම්:
💥පිටත්ව යාමට පෙර ජලය සහ විදුලිය විසන්ධි කරන්න.
💥ඔබට evaluate නෝවී සිටීන ස්ථානයේම රැඳී සීටීමට උපදෙස් ලැබුනහොත්:
💥සියලුම ජනෙල් සහ බාහිර දොරවල් වසා අගුලු දමන්න.
💥සියලුම විදුලි පංකා, උණුසුම සහ වායු සමීකරණ පද්ධති අක්‍රීය කරන්න.
💥රාත්‍රිය ලයිට්ස් නොමැතීව ගෙවන්න.
💥ආපදා සැපයුම් ලබා ගන්න අවශ්‍ය තැන් අමතා දැනුම් දෙන්න.
💥ගුවන් විදුලිය ක්‍රියා කරන බවට වග බලා ගන්න.
💥බිම් මට්ටමට ඉහළින් ඇති ජනේල නොමැති හෝ අවම අභ්‍යන්තර කාමරයකට යන්න. Chemical attack එකක් වී ඇති අවස්ථාවක, සමහර රසායනික ද්‍රව්‍ය වාතයට වඩා බරින් වැඩි නිසාත්, ජනේල වසා තිබුණත් පහළම මාලය තුළට කාන්දු විය හැකි නිසාත් පොළොවට ඉහළින් පිහිටීම වඩාත් සුදුසුය.
💥ටේප් භාවිතා කරමින්, දොර වටා ඇති සියලුම ඉරිතැලීම් සහ කාමරයට ඇතුළු වන ඕනෑම වාතාශ්‍රයක් මුද්‍රා කරන්න.
💥සියල්ල ආරක්ෂිත බව ඔබට පවසන තුරු හෝ ඔබට ඉවත් වන ලෙස පවසන තුරු ඔබේ ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙන්න. ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තබන්න.
🌎🌍🌏 කළහැකි ධනාත්මක දේවල්:
ත්‍රස්තවාදී සිදුවීම්වල අමු, සංස්කරණය නොකළ දර්ශන සහ එම සිදුවීම්වලට මිනිසුන් දක්වන ප්‍රතිචාරය, විශේෂයෙන් ළමයින් බෙහෙවින් කලබල හෝ භය කරවිය හැකිය. විශේෂයෙන්ම එම ප්රවෘත්ති වාර්තාවල එකම සිදුවීම පිළිබඳ පින්තූර නැවත නැවත පෙන්වයි නම්, එවැනි සිදුවීම් පිළිබඳ රූපවාහිනී ප්රවෘත්ති වාර්තා ළමයින් නැරඹීම සුදුසු නොවේ. එය නැවත නැවතත් වීඩියෝ දර්ශන බව කුඩා දරුවන්ට නොතේරෙන අතර, සිද්ධිය නැවත නැවතත් සිදුවෙමින් පවතින බව සිතයි. වැඩිහිටියන් වුවත් එම දර්ශන නැරඹීමෙන් වැළකී සීටීම මානසික පීඩනය හා කම්පනය අවම කරගත හැකීය.
Acknowledgement: Red cross, UN, Save the Children
Comments
Post a Comment