ලොකු කතාවක් කියන අසල්වැසීයාගේ පින්තුර
මෙහි පළමු චායාරූපය බැලූවාම මගේ හිතට නම් ආවේ "බුදුන් උපන් දේශයක මිත්‍යා සරණ ගිය මිනිසුන්" කියලා. කෙනෙක් ප්‍රශ්න කරාවී ඇයි තමන්ට කැමති දෙයක් ඇදහීම ප්‍රශ්නයක්ද
කියලා. කොහෙත්ම නැත. තමන්ට කැමති ඕනෑම ජාතියකට, ඕනෑම ආගමකට අනුව ජීවත්වීම කොහෙත්ම ප්‍රශනයක් නෙමෙයි. මේ ලෝකේ මෙච්චර ලස්සනත් ජාතින් අතර හමේ පාටේ ඉඳලා තිබේන මේ විවිධත්වය නිසාමයී (එත් ලෝකේ මිනිස්සු විහින් ප්‍රශ්න හදාගෙන තියෙන්නෙත් ඔය ලස්සන විවිධත්වය විඳින්න ඇති නොහැකීයාව නිසාමයී). ඉතින් කැමති ආගමක් කැමති විදියට අදහන්න පුලුවන්. ඒ තමන්ට හෝ වෙනයම් පිරීසකට හානී නොවන පරිද්දෙන්. නමුත් මේ ක්‍රමය ඇත්තෙන්ම මේ බැතිමතුන්ට ඉතා හානීකරයී. නමුත් ඔවුන් සත්‍ය හෝ විද්‍යාව තේරුම් ගත නොහැකී ආකාරයට අන්ධවෙලා. නැත්නම් නිවැරදි අධ්‍යාපන ක්‍රමයකට පිවිසිමේ නොහැකීයාව, සම්පත් විෂමතාව වැනී දේ මේවැනී සිද්ධීවලට හේතු වෙන්න පුලුවන්. මේ කතාවට බොහෝ දෙනෙක් එකඟ වේවී මේකේ ඇත්ත මොකක්ද කියලා දැන ගත්තාම.
පලමු චායාරූපයෙන් පෙන්වන්නේ, ඊයෙ (2019.11.04) නවදිල්ලියේ කාලීන්ඩී කුන්ජ් හීදී බැතිමතුන්
විසින් චාත් පූජාව (සෞභාගය හා නීරෝගී ජීවීතයක් පැතීම මෙහී අරමුනවේ) සිදුකරන අවස්ථාවක්.
මේ සුදුපාට හිම නම් නොවේ. මේවා දූෂීත යමුනා නදීය මතුපිට පාවේන විෂ පෙණ වීශේෂයක්. ඒ වගේම අද දීනයේ මුළු දිල්ලී නගරය පුරා
දැඩී දූෂීත වායුවක් පැතීර ගොස් ඇත (තෙවන හා
හතරවන චායාරූප). එය වසර තුනක් තුළ ඉහළම අගයක් පෙන්නුම් කළ වායූ දූෂණයයී. මේ වායු දූෂණයට
ප්‍රබලම හේතුව ලෙස සැළකෙන්නේ පන්ජාබ් සහ හර්‍යානා ප්‍රාන්තවල නැවත වගාව සඳහා පිදුරු
ගිනී තැබීමයී. කෙසේ වුවත් මේ සිදූවීමට ප්‍රාන්ත රජයන් හෝ ඉන්දිය රජය මේ වනතුරු යහපත්
ප්‍රතිචාර හෝ හානීය අවම කිරීමට පියවර ගෙන නොමැති බවට ජනතාව චෝදනා කරනවා.
පලමු හා දෙවන චායාරූපවල පෙනෙන පරීදී පෙනෙන පරිදී යමුනා නදීය මේතරම්
දූෂීත වීමට ඇත්තෙන්ම බලපාන්නේ ඉන්දියාවේ කර්මාන්ත ප්‍රතිපත්තියේ තිබේන අඩුපාඩුකම්.
ඒ වගේම නිවැරදී පාරිසරීක ප්‍රතිපත්තියක් මත පාරීසරීක ව්‍යවසනයන් වළක්වාගැනීමේ නොහැකීයාවත්,
නීතීය ක්‍රියාත්මක කිරීමේ පවතින අඩුපාඩුකම් වගේම කර්මාන්තවල එකාධීකාරී හිතුවක්කාර හැසීරීම්ද
මේ සියල්ලටම හේතුව ලෙස දූෂීත දේශපාලනයද දැක්වීය හැකීයී. නවදිල්ලී නගරයේ ප්‍රධානම ජල
සැපයුම් මාර්ගය යමුනා නදීය වන අතර ඉන්දීයාවේ ඉතා දූෂීත ගංඟාවලින් එකක් ලෙසද සැලකෙනවා.
නවදිල්ලී නගරය හරහා ගලා බසීන විශාල කුණු කාණු 90ක් යමුනා නදීයට හරවා ඇති අතර ගංඟේ ජල
දූෂණයට එයින් ලැබේන දායකත්වය 96% ක්. දැනට මෙයින් කාණු 5ක් පමණක් පිරිපහදු කිරීමට පියවර
ගෙන තිබුනද අනිත් කාණුවලින් සිදුවන්නේ මේ චායාරූපයේ වැනී අතී විශාල පාරීසරීක, සෞඛයට
ඉතා අහීතකර ව්‍යවසනයකී.
කොයිතරම් දූෂීත වුවත් තමන්ගේ
ජීවීත හා සෞඛය ගැන නොහීතා හෝ නොදැන හෝ නොසලකා මෙවැනී අවධානම් ගන්නා ජන්තාවක් සිටින්නේ
අධ්‍යාපනයේ හා දැනුවත්භාවයේ ඇති අඩුපාඩුකම් නිසා. දුප්පත් ජනගහණය අධීක ඉන්දියාව විවිධ
ඇදහිලී හා විශ්වාස බහුල රටක් වීමට ප්‍රධාන හේතුවත් සැමදා වැඩි ප්‍රතිශතයක් ජනතාව දුප්පත්
ලෙස තබාගැනීමය. එනම් අධ්‍යාපනයට ඇති හැකීයාව අවම වීම ඔවුන් සැමදා දුප්පත් කිරීමට බලපායී.
මෙය පරීසරයේ වැදගත්කම, එය ආරක්ෂා කිරීම අවශ්‍ය ඇයී හා ඒ වෙනුවෙන් අපගේ ජීවීත හැඩගසාගන්නේ
කෙසේද යන්න මෙවැනී සමාජයක නොසකලා හැරීය කරුණු. එම නිසා මෙවැනී ව්‍යවසනයන් ගැන ජන්තාවගේ
උනන්දුව අවම වීමත් තම ජීවීත අවධානම නොතකා හෝ මෙවැනී ඇදහිලී හෝ වතාවත් ඉටුකිරීමටත් ඔවුන්
පෙළඹීම පුදුමයක් නොවේ. ඉතින් ධනවාදී අරමුණු මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවීත බිලිගන්නවා
පමණක් නොව මේ මිනිස්සුන් මතින් ඔවුන් ඔවුන්ට සුර ලොවක්ද තනාගනී.
ආචාරියය කල්පනා අඹේපිටිය
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
Comments
Post a Comment