මොකක්ද මේ රතු නිවේදනය?

කාළගුණීක වෙනස් වීමකදී කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විවිධ වර්ණ සංඛේත අනතුතුරු හැඟවීම් නිකුත් කරනවා. මේක ලෝකයේ පුරාම පිළිගත් ඉතා පහසුවෙන් ජනතාවට ගන්න ඕන පියවර ගැන ලේසීයෙන් දැනුවත් කරන්න තමයී මේ වර්ණ භාවීතා කරන්නේ. ලෝකයේ කලාප අනුව, රටවල් අනුව ඔවුන් භාවීතා කරන වර්ණ සංඛේතවල සුළු වශයෙන් වෙනස්කම් දක්නට ලැබුනත් පොදුවේ රතු, කහ, ඇම්බර්, තැඹිලි, කොළ, සහ නිල් වර්ණ තමයි ප්‍රමිතියක් ලෙස අඩු වැඩියෙන් භාවිතා කරන්නේ. එසේම ආපදා වර්ගය අනුවත් මේ වර්ණ සංඛේත භාවීතා කිරීම ටිකක් වෙනස් වෙනවා. දැන් දැන් කාළගුණීක ආපදාවලට අපිට නිතර මූණ දෙන්න වෙන නිසා ඉන්දියානු කලාපයේ භාවීතාවන සංඛේතවල තේරුම දැනගෙන ඉන්න එක වැදගත්. 

රතු - පියවර ගන්න Take Action).

අතිශයින්ම අයහපත් කාලගුණය අපේක්ෂා කෙරේ.

තමන් සහ අනෙක් අය ආරක්ෂාකාරීව තබා ගැනීමට ජනතාව පියවර ගත යුතුය.

විශාල හානියක් ඇතිකළ හැකීය.

මාර්ග අවහිරවීම්, විදුලිය, ජල සැපයූම අඩාල විය හැකීය.

ජීවිතයට හානී ඇතිකරයී. 

ජනතාව අවදානම්වලින් වහාම ඉවත් වී ආරක්ෂාරී ප්‍රදේශයකට යා යුතුය. 


ඇම්බර් - සූදානම් වන්න (Be prepared).

අතිශය අයහපත් කාලගුණය වැඩි වීමේ සම්භාවිතාවක් ඇති අතර, එමඟින් ගමනාගමන බාදාවන්, මාර්ග සහ දුම්රිය වසා දැමීම් සහ විදුලිබල සැපයුම අඩාල විය හැකිය.

ඇම්බර් යන්නෙන් අදහස් කරන්නේ කාලගුණ විද්‍යා කාර්යාලයේ පුරෝකථනය මත පදනම්ව දැඩි කාලගුණයේ බලපෑම් වලින් සැලසුම් වෙනස් කිරීමට සහ තමන්, ඔවුන්ගේ පවුල සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට ජනතාව සූදානම් විය යුතු බවයි.

ජීවිතයට හා දේපළවලට අවදානමක් තිබිය හැකිය.

කහ - යාවත්කාලීන වන්න (Be updated).

ඉදිරි දින කිහිපය තුළ දැඩි අයහපත් කාලගුණයක් පැවතිය හැකි අතර, සිදුවිය හැකි ගමන් ප්‍රමාදයන් සහ එදිනෙදා කටයුතු කඩාකප්පල්වීම් මඟහැර ගැනීමට පෙර-සැලසුම් කරන්න.

ඉදිරි දින කිහිපය තුළ කාලගුණය වෙනස් වීමට හෝ නරක අතට හැරීමට ඉඩ ඇති බව එයින් ඇඟවෙයි.

කොළ - සාමාන්‍යයී

කිසිදු ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවේ.

දැඩි කාලගුණික ගැටළු නොමැත.

උපදේශනයක් නිකුත් නොකෙරේ.

 


Figure : බුරේවී සුළී  කුණාටුව. 07.00am, 02.12.2020

ආචාර්‍යය කල්පනා අඹේපිටිය

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

 

Comments

Popular posts from this blog