Posts

Showing posts from 2023

හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?

Image
 ස්වභාවීක අනතුරකදි නිවැරදි ආරක්ෂිත ක්‍රම පිළිපැද්දොත් ජීවිතය බේරගන්න ලේසී... ඒත් ත්‍රස්තවාදී ප්‍රහාරයකදි එය මොන තරම් අපහසු ත්‍රාසජනක මරණීය ක්‍රියාවක්ද කියලා ඊශ්‍රායල-පලස්තීන යුද්ධයේ වීඩීයෝ මගින් පේන්න ඇතී. මරන්න එපා කියලා ජීවිතය ඉල්ලද්දිත් ඔවුන් අපට වෙඩි තබාවී.  🔥🔥🔥හදීසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී සාමාන්‍ය වැසියෙක් ලෙස ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්?  💥ත්‍රස්තවාදී සිදුවීමක් සිදුවුවහොත් සන්සුන්ව සහ ඉවසිලිවන්තව සිටින්න. 💥මොනයම් හෝ උපදෙසක් බලධාරින් විසින් රේඩීයෝ හෝ ටීවී හෝ sms මගින් ලබා දුන්නොත් අනුගමනය කරන්න. 💥ප්‍රවෘත්ති සහ උපදෙස් සඳහා ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙන්න. 💥සිදුවීම ඔබ අසල සිදු වුවහොත්, තුවාල සඳහා පරීක්ෂා කරන්න.  💥ප්‍රථමාධාර ලබා දීම සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සඳහා උපකාර කැඳවන්න අවශ්‍ය දුරකථන අංක ලඟ තබා ගන්න.  💥ඔබේ නිවස අසල හෝ බිල්ඩීමේ සිදුවීම සිදුවුවහොත්, එකවර ලයිට්ස් නීවී ගියහොත් ටෝච් හෝ ෆ්ලෑෂ් ලයිට් භාවිතයෙන් හානිය පරීක්ෂා කරන්න. ගිනිකූරු හෝ ඉටිපන්දම් දල්වන්න හෝ විදුලි ස්විච ක්‍රියාත්මක කරන්න එපා. ගිනි, ගිනි උවදුරු සහ අන...

අලි ඇතුන්ගේ ඉතිහාසගත වැදගත්කම

Image
පහුගිය දවස්වල අලි ඇතුන් ගැන කතා කරපු පිරිසගෙන් අනෙක් පාර්ශව අහපු ප් ‍ රශ්නයක් තමයි ඇයි "අලි විතරක්" කියන එක. බොහෝ අයට සාධනීය ප් ‍ රායෝගික පිලිතුරක් දෙන්න අපොසත් වුනත් අලි ඇතුන් ගැන හැදෑරිමක් ඇති කීපදෙනෙක් ජෛව විද් ‍ යාත්මකව වටිනා පිළිතුරු ලබා දීලා තිබුනා. අලිත් අනෙක් සතුන් වගේමයි කියන අයට ඉතිහාසයේ අලි ඇතුන් වෙනුවෙන් තිබු තැන ගැන සාක්ෂියක්. ශ් ‍ රී ලංකාවේ අන්තර් මානව සම්බන්ධතා ඉතිහාසය අපි නොහිතන තරම් දුරකට යනවා. ඒ අතරින් වෙළඳාම, දේශගවේෂණය හා ආගම් ව් ‍ යාප්තිය නිසා විවිධ රටවල පිරිස අපේ රටට පැමිණ තිබෙනවා. වෙළඳාම සම්බන්ධයෙන් ඒ අතරින් චීනය හා අරාබිය පළමුවන සියවසේ සිට අප සමඟ ගණුදෙනු කළ රටවල්. එසේම අපේ රටේ දූත පිරීස් නොයෙක් කාරණා සඳහා රාජකාරි සංචාරවල නිරතවූ බවට රාජාවලියේ පුවත්වල සඳහන්. අපේ රටේ පිහිටීම හා තිබු ස්වභාවික සම්පත් නිසා පෙරදිග වෙළඳාමේ අවදානයට තදින්ම හසුවීම වළක්වන්න බෑ. එම නිසා පෘතුගුසී ලන්දේසි සහ ඉංග් ‍ රීසි ආක් ‍ රමණයන්ට අපි අසු වුනා. එසේ ආ ගිය අය ලංකාව විශේෂකොට සළකලා තිබුනු එක පුරුකක් තමයි ලංකාවේ අලි ඇතුන්. විදේශ වෙළඳාමේ ඉහළින්ම තිබුනේ අලි ඇතුන්( පෞද්ගලිකවම මම ඉතාම අකමැත...

Tornedos in Sri Lanka

Image
ඊයේ දිනයේ බම්බලපිටිය ප් ‍ රදෙශයේ ටොර්නෙඩො තත්වය විඩීයෝ කිරීමට එතන සිටි බොහෝ පිරිසක් උත්සුක වී තිබුනා. ටොර්නෙඩෝ තත්ව ශ් ‍ රී ලංකාවට එතරම් සුලභ නොවුනත් රටට තර්ජනයක් විය හැකි අනතුරු ලැයිස්තුවට එය ඇතුලත් කර ඇති බව බොහෝවිට ඔබ නොදන්නවා ඇති. කෙසේවෙතත් ටොර්නෙඩෝ තත්වයකදි ජිවිත අවදානම අනතුර අවම කරගන්න ගත හැකි ක් ‍ රියාමාර්ග කීපයක් ගැන කියන්නම්, ඒ හැමෝගෙම දැනගැනීම සඳහා. මොකද ස්වභාවික ව් ‍ යසන කියන ඒවා ඕනම තැණක ඕනම රටක වෙන්න පුළුවන්. දැනගෙන ඉන්න එක හොඳයි අනතුර අවම කරගන්න. ### දෙශගුණික හා කාලගුණය ගැන අවධානයෙන් ඉන්න: කාළගුණය හෝ ආපදා අනතුරු ඇඟවීම් පිළිබඳව යාවත්කාලීනව සිටීමට ගුවන්විදුලියට සවන්දෙන්න හෝ සමාජ මාධ් ‍ යවල DMC පේජ් හෝ නිවුස් පේජ් බලන්න. කාලගුණය යහපත් නොවන දිනවලදි විශේෂයන් මේ දෙවල් වෙත අවධානය දෙන්න. ### නිවස: ඔබ ටොනේඩෝ අනතුරු ඇඟවීමක සිටී නම්, ඔබේ පහළම මාලයට, ආරක්ෂිත කාමරයට ( ටොර්නඩො ප් ‍ රබල රටවල පොළොව යට කාමරයක් සාමාන් ‍ යයෙන් ඕනම ගෙදරක පොදුයී. එත් අපිට නැති නිසා එහෙම ආරක්ෂාවක් ගැන හිතන්න බෑ. තිබුනොත් එක භාවිතා කරන්න) හෝ ජනෙල් රහිත අභ් ‍ යන්තර කාමරයකට යන්න. තමන්ගේ සුරතල් සතුන් ගැන අමතක නොකර...