Tornedos in Sri Lanka

ඊයේ දිනයේ බම්බලපිටිය ප්රදෙශයේ ටොර්නෙඩො තත්වය විඩීයෝ කිරීමට එතන සිටි බොහෝ පිරිසක් උත්සුක වී තිබුනා. ටොර්නෙඩෝ තත්ව ශ්රී ලංකාවට එතරම් සුලභ නොවුනත් රටට තර්ජනයක් විය හැකි අනතුරු ලැයිස්තුවට එය ඇතුලත් කර ඇති බව බොහෝවිට ඔබ නොදන්නවා ඇති. කෙසේවෙතත් ටොර්නෙඩෝ තත්වයකදි ජිවිත අවදානම අනතුර අවම කරගන්න ගත හැකි ක්රියාමාර්ග කීපයක් ගැන කියන්නම්, ඒ හැමෝගෙම දැනගැනීම සඳහා. මොකද ස්වභාවික ව්යසන කියන ඒවා ඕනම තැණක ඕනම රටක වෙන්න පුළුවන්. දැනගෙන ඉන්න එක හොඳයි අනතුර අවම කරගන්න.

### දෙශගුණික හා කාලගුණය ගැන අවධානයෙන් ඉන්න: කාළගුණය හෝ ආපදා අනතුරු ඇඟවීම් පිළිබඳව යාවත්කාලීනව සිටීමට ගුවන්විදුලියට සවන්දෙන්න හෝ සමාජ මාධ්යවල DMC පේජ් හෝ නිවුස් පේජ් බලන්න. කාලගුණය යහපත් නොවන දිනවලදි විශේෂයන් මේ දෙවල් වෙත අවධානය දෙන්න.
### නිවස: ඔබ ටොනේඩෝ අනතුරු ඇඟවීමක සිටී නම්, ඔබේ පහළම මාලයට, ආරක්ෂිත කාමරයට ( ටොර්නඩො ප්රබල රටවල පොළොව යට කාමරයක් සාමාන්යයෙන් ඕනම ගෙදරක පොදුයී. එත් අපිට නැති නිසා එහෙම ආරක්ෂාවක් ගැන හිතන්න බෑ. තිබුනොත් එක භාවිතා කරන්න) හෝ ජනෙල් රහිත අභ්යන්තර කාමරයකට යන්න. තමන්ගේ සුරතල් සතුන් ගැන අමතක නොකරන්න.

### ඔබේ සේවා ස්ථානයේ හෝ පාසලේදී: පහළම මාලයට හෝ බේස්මන්ට් එකට යන්න (ගංවතුර තත්වයක් ඇතිනොවන තැන්වල පමණයක්). ජනේලවලින් ඈත්ව සිටින්න, ආපනශාලා, ජිම්, ශ්රවණාගාර වැනි විශාල විවෘත කාමරවලට නොයන්න.

### පිටතදි: ටොනේඩෝවක් ළඟා වන්නේ නම් වහාම ශක්තිමත් ගොඩනැගිල්ලක් තුළට යන්න. බේස්මන්ට් එක තමයි හොඳම මොකද ජනෙල් හෝ පිටත ඔපන් ජනෙල් නැති නිසා. ඒත් ගංවතුර තත්වයක් ඇතිවිය හැකි නම් එය නුසුදුසුයී. පළමු මහලට යන්න). මඩු හෝ ගබඩාවන් ආරක්ෂිත නෑ. තනි නිවාස, කුඩා ගොඩනැගිලි හෝ කුඩාරම්ද මෙම තත්වයන්වලදි ඉතා භයානකයී. ඔබට කාලය තිබේ නම්, විශාල ශක්තිමත් ආරක්ෂිත ගොඩනැගිල්ලකට යන්න.

### වාහනයක් තුළ: ටොනේඩෝවකදී වාහනයක සිටීම ආරක්ෂිත නෑ. හොඳම ක්රියාමාර්ගය වන්නේ ළඟම ඇති ගොඩනැගිල්ලකට රිය පැදවීමයි. ඔබට ආරක්ෂිත නවාතැනකට යාමට නොහැකි නම්, එක්කෝ ඔබේ මෝටර් රථයෙන් බැස මේ චායාරූපයේ පරිදි හිස වසා ගන්න, නැතහොත් මෝටර් රථය අතහැර දමා වළක් හෝ මිටියාවතක් වැනි පහත් ප්රදේශයක මේ චායාරූපයේ පරිදි හිස වසා ගන්න.

විඩියෝ හෝ පොටෝ ගැනීමට අවධානය යොමු කිරීම ඔබේ ජිවීතය ඔබ විසීන්ම අනතුරට දමාගැනීම බව මතක තබාගන්න.


Posted: 23.09.2023

Comments

Popular posts from this blog