Posts

Showing posts from 2019
Image
ලොකු කතාවක් කියන අසල්වැසීයාගේ පින්තුර මෙහි පළමු චායාරූපය බැලූවාම මගේ හිතට නම් ආවේ " බුදුන් උපන් දේශයක මිත්‍යා සරණ ගිය මිනිසුන් " කියලා . කෙනෙක් ප්‍රශ්න කරාවී ඇයි තමන්ට කැමති දෙයක් ඇදහීම ප්‍රශ්නයක්ද කියලා . කොහෙත්ම නැත . තමන්ට කැමති ඕනෑම ජාතියකට , ඕනෑම ආගමකට අනුව ජීවත්වීම කොහෙත්ම ප්‍රශනයක් නෙමෙයි . මේ ලෝකේ මෙච්චර ලස්සනත් ජාතින් අතර හමේ පාටේ ඉඳලා තිබේන මේ විවිධත්වය නිසාමයී ( එත් ලෝකේ මිනිස්සු විහින් ප්‍රශ්න හදාගෙන තියෙන්නෙත් ඔය ලස්සන විවිධත්වය විඳින්න ඇති නොහැකීයාව නිසාමයී ). ඉතින් කැමති ආගමක් කැමති විදියට අදහන්න පුලුවන් . ඒ තමන්ට හෝ වෙනයම් පිරීසකට හානී නොවන පරිද්දෙන් . නමුත් මේ ක්‍රමය ඇත්තෙන්ම මේ බැතිමතුන්ට ඉතා හානීකරයී . නමුත් ඔවුන් සත්‍ය හෝ විද්‍යාව තේරුම් ගත නොහැකී ආකාරයට අන්ධවෙලා . නැත්නම් නිවැරදි අධ්‍යාපන ක්‍රමයකට පිවිසිමේ නොහැකීයාව , සම්පත් විෂමතාව වැනී දේ මේවැනී සිද්ධීවලට හේතු වෙන්න පුලුවන් . මේ කතාවට බොහෝ දෙනෙක් එකඟ වේවී මේකේ ඇත්ත මොකක්ද කියලා දැන ගත්තාම...
Image
Women-only carriages එහෙමත් නැත්නම් කාන්තාවන් සදහා වෙන්වු දුම්රිය මැදිරි. ශ්‍රි ලංකාවට අලුත් කතාවක් වුනාට මෙය ලෝකේය අලුත් කතාවක් නෙමෙයි. ලෝකයේ දියුණු නොදියුණු රටවල් කීපයක්ම මෙම ක්‍රමය භාවිතා කරනවා. පලමු හේතුව තමයි පොදු ප්‍රවාහනයේදි කාන්තාවන්ට සිදුවන ශාරීරික හිංසාවන් නැත්නම් sexual harassment කියමු. දෙවැන්න තමයි institutional discrimination නැත්නම් වීවේචනය හෝ වෙනස් කොට සැලකීම. කෙසේ වුනත් මෙම ක්‍රමය ලොව පුරා මිශ්‍රඵල ගෙන දුන් ඉතා සාර්ථක නොවු ප්‍රයත්නයක් බවට සැලකෙනවා. සමහර රටවල කාන්තාවන් මෙය ඉතා දුෂ්ට නිහීන ලෙස කාන්තාවන්ට කරන සැලකුමක් හා අගෞරවයක් ලෙස සැලකු අතර ඇතැම් රටවල නීතී නොසලකා හරිමින් මෙම මැදිරී පිරිමින්ද පොදුවේ භාවිතා කරලා. ඉරානය- කාන්තාවන් හා පිරීමින් නගර තුල පොදු ප්‍රවාහනයේදි වෙන වෙනම ගමන් කල යුතුයි. විවහා වු අයට පවා මෙය වලංගුවන අතර නගරාන්තර ප්‍රවාහනයට පමනක් මෙය වලංගු නොවේ. මෙට්‍රො නම් වෙනම කාන්තා මැදිරි පවත්වාගෙන යනවා නමුත් භාවිතය අනිවාර්යය නෑ. ජපානය - දශකයකට පෙර ජපානය කාන්තා මැදිරී මෙට්‍රො සහ නගරාන්තර සේවා සදහා හදුන්වා දෙනු ලැබුවේ ටෝකියෝවේ කාන්තා මගින්ගෙන් අඩකටත් වඩා වැඩ...
Image
අපේ පැරණි අලි ඇත්තු සහ බ්‍රිතාන්‍ය අලි ඝාතකයා ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාව යටත් කරගන්නා කාලයේදී අලි ඇතුන් විශාල ප්‍රමාණයක් වියළි කලාපයේ සේම තෙත් කලාපයට අයත් විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයේ නුවරඑලිය ශ්‍රී පාදය සිංහරාජය ආදී දැඩි වන ගහණයක් තිබු ප්‍රදේශවල ජිවත් වූ බවට පරණ පොත පතින් සනාථ කරනවා. ඒ අතරින් ඇතුන් බොහෝ ප්‍රමාණයක් නිදැල්ලේ විසු බව සැලයි. ඉංග්‍රීසින් විසින් කන්ද උඩරට යටත් කරගැනීමෙන් පසු එංගලන්තයේ ඕනෑකම් පිරිමැහිමට හදුන්වා දුන් තේ ප්‍රධානව කොට ගත් කෝපි ඇතුළු  අනිකුත් වගාවන් ස්වදේශීය ඉඩම් හිමිකරුවන් අතර ප්‍රචාරය කිරීමත් සමඟ ගැමි ජිවිතයද වෙනස් වුවා. බොහෝ ඝන වනාන්තර හෙළිකරමින් තේ, කෝපි වගාව ප්‍රචලිත කිරීමත් කුළු බඩු වගාවන් ව්‍යාප්ත කිරීමත් මැණික් සොයා ගංගා ඇළදොළ ඉවක් බවක් නැතුව පිරීමත් සිදු කරා. සාමාන්‍ය ගැමි ජිවිතයට වඩා රස වැඩි උසස් ජිවිතයක් සුදු මහත්තුරුන්ට තිබු බව ඒත්තු ගන්වමින් ගැමියන්ට තිබු සරල ජීවිතය සංකීර්ණ කාසි පසුපස දුවන මිනිස්සුන් බවට පත් කරා. සුද්දෝ ඇවිත් ගොඩේ මිනිස්සුන්ව ශිෂ්ට කරා යයි අදටත් සමහර අය කිවත් ඇත්තටම වුනේ තමන්ගේ යුරෝපිය උවමනා එපාකම් වෙනුවෙන් හා ලෝක වෙ...
Image
Be a cyclist .... ජර්මනිය, ස්වීඩනය ප්‍රංශය වගේ යුරෝපා රටවල් වගේම ආසියාවේ බලවතුන් වන ජපානය චීනය වගේ රටවල බයිසිකල් භාවිතය එදිනෙදා ගමනාගමනයට භාවිතා කරනවා නිරන්තරයෙන් දකින්න පුළුවන්. වෙන දෙයක් තියා නෙදර්ලන්තයේ අගමැතිත් හැමදාම රාජකාරියට යන්නේ බයිසිකලයෙන්. ඉතින් මේ බයිසිකල් කතාව කරලියට ආවේ හේතු කියපයක් නිසා. ගෝලීය උණුසුම ඉහළයාමට බලපාන හරිතාගාර වයුවක්වන කාබන් ඩයොක්සයිඩ් වාහනවල ඉන්ධන දහනය නිසා වැඩිවන බවට විද්‍යාත්මකව සොයා ගැනීමත්(ඇත්තෙන්ම වැඩි හරිතාගාර වායු විමෝචනයක් සිදුවන්නේ ගොවිපල කර්මාන්තය නිසා) මගින් ඉන්ධන අවශ්‍ය නොවන බයිසිකලය තිරසාර භාණ්ඩයක් බවටත් පත්වීමත්  ශුන්‍ය වීගෙන යන පොසිල ඉන්ධන ඉතිරි කරගැනීමට මිනිසුන් පෙලම්බවිමත්, රථවාහන තදබදයට පිලියමක් ලෙස දැකීමත්, නාගරික ශබ්ද දුෂණය අවම කරන ප්‍රවාහන මාධ්‍යක් ලෙසත්, තිරසාර පරිභෝජන රටාවකට ජනයා හුරුකිරීමෙන් සම්පත් බෙදීයාමේ විෂමතාවය අවම කරගැනීමේ ක්‍රමයක් ලෙසත්, ව්‍යායාම අඩු කාර්යබහුල ජිවිත ගෙවන මිනිස්සුන්ගේ සෞඛ්‍ය රැකගන්නා මාර්ගයක් ලෙසත් බොහෝ සංවර්ධිත රටවල් බයිසිකලය ප්‍රවර්ධනය කරයි. මේක ඉතින් මෙහෙම ලියද්දිත් හරි ලස්සනයි. මේ රටවල් පරිසරය ...