මොකක්ද මේ රතු නිවේදනය? කාළගුණීක වෙනස් වීමකදී කාළගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව විවිධ වර්ණ සංඛේත අනතුතුරු හැඟවීම් නිකුත් කරනවා. මේක ලෝකයේ පුරාම පිළිගත් ඉතා පහසුවෙන් ජනතාවට ගන්න ඕන පියවර ගැන ලේසීයෙන් දැනුවත් කරන්න තමයී මේ වර්ණ භාවීතා කරන්නේ. ලෝකයේ කලාප අනුව, රටවල් අනුව ඔවුන් භාවීතා කරන වර්ණ සංඛේතවල සුළු වශයෙන් වෙනස්කම් දක්නට ලැබුනත් පොදුවේ රතු, කහ, ඇම්බර්, තැඹිලි, කොළ, සහ නිල් වර්ණ තමයි ප්‍රමිතියක් ලෙස අඩු වැඩියෙන් භාවිතා කරන්නේ. එසේම ආපදා වර්ගය අනුවත් මේ වර්ණ සංඛේත භාවීතා කිරීම ටිකක් වෙනස් වෙනවා. දැන් දැන් කාළගුණීක ආපදාවලට අපිට නිතර මූණ දෙන්න වෙන නිසා ඉන්දියානු කලාපයේ භාවීතාවන සංඛේතවල තේරුම දැනගෙන ඉන්න එක වැදගත්. රතු - පියවර ගන්න Take Action). අතිශයින්ම අයහපත් කාලගුණය අපේක්ෂා කෙරේ. තමන් සහ අනෙක් අය ආරක්ෂාකාරීව තබා ගැනීමට ජනතාව පියවර ගත යුතුය. විශාල හානියක් ඇතිකළ හැකීය. මාර්ග අවහිරවීම්, විදුලිය, ජල සැපයූම අඩාල විය හැකීය. ජීවිතයට හානී ඇතිකරයී. ජනතාව අවදානම්වලින් වහාම ඉවත් වී ආරක්ෂාරී ප්‍රදේශයකට යා යුතුය. ඇම්බර් - සූදානම් වන්න (Be prepared). අතිශය අයහපත් කාලගුණය වැඩි වීමේ සම්භාවිතාවක් ඇති
Posts
Showing posts from 2020
රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය
- Get link
- Other Apps
රැක ගතයුතු නමුත් නොදැනෙනෙ ජෛවවිවිධත්වය ජුනී 05වන දිනට යෙදෙන ලෝක පරිසර දීනය වෙනුවෙනී ජුනි මාසය යනු ගෝලීය පරිසර හිතකාමින්ට හා සංරක්ෂණවේදින්ට නම් ඉතා වැදගත් මාසයක්. සෑම වර්ෂයකම ජුනී 5වන දිනය එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන විසින් නම් කර ඇත්තෙ ලෝක පරිසර දිනය ලෙස. උත්සවාකාරයෙන් විවිධ මාතෘකා ඔස්සේ අවුරුදු ගාණක් ගෝලිය මට්ටමෙන් ලෝක පරිසර සංරක්ෂණය ගැන කතා කරන්න සිදු වුනත් මිනිසා විසින් ස්වභාව ධර්මයට බොහෝ අහිතකර තත්වයන් ඇති කර අවසන්. ලොව බුද්ධිමත්ම ජීවීයා ලෙස අපගේ ලෝකය, එහි සම්පත් අප ආරක්ෂා කරගත යුතු වුවත් අපේ නොයෙක් ක්‍රියාකාරකම් නිසා ස්වභාවික පරිසරයට සිදුවන්නේ හානියක්. ඉතින් අපි පුද්ගලිකව, ජාතිකව හා ජාතියන්තර වශයෙන් ප්‍රමාණවත් ලෙස ස්වභාව ධර්මය ආරක්ෂා කරගන්න සැබැවින්ම දායකත්වයක් දෙනාවාද යන්න නැවත සිතා බැලිය යුතු කාරණාවක්. පරිසරය වෙනුවෙන් ගෝලියව වෙන්කෙරුනු මේ විශේෂ දිනයේ අරමුණ වනුයේ ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරිම සහ ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග දිරිමත් කිරීමයී. ලෝක පරිසර දිනය වෙන්කොට ඇත්තේම ගෝලිය ප්‍රජාවට පරිසරය වෙනුවෙන් හඬක් නගන්නටයී. එහෙයින්, වාර්ෂිකව රටවල් 143 කට
- Get link
- Other Apps
විශ්වවිද්‍යාල හා නවකවදය බොහෝ මිනිසුන් පටලවා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලයට ගියපු හා නොගියපු අය පටලවා ගන්නා තැනකී. අපි නම් අපේ දරුවෝ යවන්නේ නෑ කියලා වලිගේ පාගා ගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා සියලු සිසු දරුවන් මානසික ව්‍යාදීන් යයි හිතන තැනකී. විශ්වවිද්‍යාල සමඟ උපන් තරහක් ඇති අය පළිය ගැනීමට යොදගන්නා තැනකී. විශ්වවිද්‍යාලවල දරුවන්ට ඒ විශ්වවිද්‍යාලවල නමට දොස්පරොස් තියන්න ගත්විට අහිංසක දුප්පත් මිනිහාගේ පුතා දුව ඉංජිනේරුවෙක් වෛද්‍යවරයෙක් කළමණාකාරුවෙක් කළ හැකි තැනක් බව අමතකවන පිරිසකී. ප්‍රමිතියකින් තොර පෞද්ගලික අධ්‍යාපන ආයතන විවෘත කිරීමට ඒවාට ළමයින් ආකර්ශනය කරගැනීමට පෞද්ගලික අංශයේ උසස් අධ්‍යාපන ආයතන පාවිච්චි කරනා තැනකී. ඉතින් කාලය වැය කරමින් මෙය ලියමී. විශ්වවිද්‍යාල වෙනුවෙන් ලියමී. රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනගත් කෙනෙක් ලෙස ලියමී. රාජ්‍ය විශ්වවිද්‍යාලයක උගන්වන කෙනෙක් ලෙස ලියමී. ශ්‍රී ලංකාවේ මධ්‍යම පාන්තික පියෙකුගේ දියනීයකවී නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ නෙලා ගත් කෙනෙකු ලෙස ලියමී. නවකවදය නොවිඳ ඒත් එක දැක ඇති අසා ඇති කෙනෙක් ලෙස ලියමී. පිකටින්වලට නොගොස් එත් පිකටින්වලදී පොලිසියෙන් ගුටිකා
- Get link
- Other Apps
COVID 19 හෙවත් කොරෝනා වයිරසය පැතිරීම නිසා ලොව ඉගෙන ගත යුතු පාඩම්. මේවා සමහරක් වාසී ලෙසද සැළකිය හැකීය. වයිරසයක් කොහොමද හොඳක් කරන්නේ කියලා කවුරු හරි අහන්න පුළුවන්. ඔව් ජීවීත හානි ගෙන දුන් වයිරසයක් කියන්නේ බොහෝ දරු ණු දෙයක්. නමුත් ගෝලීයව එය පැතිරීමත් එක්ක පාඩම් හා වාසී තියෙනවා සමාජීයව, පාරිසරීකව හා ආර්ථිකමය වශයෙන්. මේ ඉන් කීපයක්, 1. ටිකක් අමානුෂිකයී තමයී නමුත් වේගයෙන් පැතීර යන වයිරසයකින් ජනගහනය පාලනය වෙනවා (ඕනෑම ගහනයක් ස්වභාවිකවම වර්ෂයකට පාලනය වෙනවා, බැරීම නම් වඳ කරලා දානවා උදා: ඉතිහාසයේ මහා වඳවීම්). මෙවැනී දේ සම්පත් ක්ෂයවීම, පරිසර දූෂණය, අධික පරිභෝජනය වැනි දේ අවම කරනවා. නමුත් කෝවිඩ් 19 වල දැනට පවතින මර්ණ අනුපාතය ලෝකයට දැනෙන්නෙවත් නැති තරම්. චීන ජනගහනය එක්ක බැලුවොත් නම් චිනයට දැනේන්නෙම නෑ. 2. වයිරසය පැතිරුණේ දඩමස් අනුභවය නිසාය කියන හේතුව එක්ක ලොව දඩමස් ජාවාරම දෙස වෙනම කෝණයකින් බලන්න පුරුදු වුනා වගේම නීතීවිරෝධී වනජීවී වෙළඳාම වෙනුවෙන් විශාල දායකත්වයක් සපයන චීනය ඇතුළු නැගෙනහිර ආසීයානු රටවලට ප්‍රබල විරෝධයක් ගොඩනැඟුනා. මේ හේතුව නීසා දඩමස් වෙළඳාම තහනම් කරන බවට පවා චීන රජය නී