තිරසාර පරිභෝජනය ගොඩනැංවීමේ රාජ්‍ය වගකීම
අද දින ලෝකයේ බොහෝ පාරිසරික ප්‍රශ්නවලට
හා සම්පත් ක්ෂය වී යාමට හේතුවී ඇත්තේ මිනිසාගේ අධික පරිභෝජන රටාවයි. ඉහළ යන
දේශගුණික විපර්යාස හා පාරිසරික විනාශයන් වලක්වාගැනීමට වහාම තම පරිභෝජන රටාව වෙනස්
කරගත යුතු කාලයකට මිනිසා මුහුණ දෙමින් සිටි. එසේම මෙම විනශයන්හි බලපෑම වැඩිවශයෙන්
දැනෙන්නේ අප වැනි සංවර්ධනයවෙමින් පවතින රටවල්වලටය. එක්සත් ජාතීන්ගේ 12වන තිරසාර
සංවර්ධන අරමුණෙන් කියවෙන තිරසාර පරිභෝජනය පිලිබඳ ලෝකයේ බොහෝ රටවල් තම අවධානය යොමු
කරමින් සිටි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී මෙන්ම එදිනෙදා මිනිසාගේ ජිවන රටාවේදි
සිදුවන සම්පත් නාස්තිය හා පාරිසරික බලපෑම අවම කිරීමේ ක්‍රියමාර්ග කෙරෙහි මෙම රටවල්
තම අවධානය යොමු කරමින් සිටි. මේ අතරින් ශ්‍රී ලංකාව වැනි රටක රාජ්‍ය මට්ටමින් මේ
සඳහා ක්‍රියකල හැකි ආකාරය විමසා බැලීම ඉදිරියේ මුහුණ දීමට සිදුවන ලෝක අහාර, ඉන්ධන හා පාරිසරික අර්බුධවලටද පිළියම්
සේවිමේදී ප්‍රයෝජනවත්වනු ඇත.
1. තිරසාර පරිභෝජනය පිලිබඳ අත්‍යවශ්‍ය දැනුම හා
මානව දායකත්වය වර්ධනය කිරීම.
වැඩිවන පරිභෝජන රටාව නිසා පරිසරයට සිදුවන හානිය
හා එය අවම කරගැනීමට විවිධ සමාජ මට්ටම් දායක කරගැනීම මින් අදහස්වේ. පළමුවෙන්ම, තිරසාර පරිභෝජනය පිලිබඳ සාකච්ඡා හා පාරිභෝගික
උනන්දුව සමාජයේ විවිධ කොටස් හරහා ව්‍යාප්තකරමින් විවිධ මට්ටමේ අදහස් හා යෝජනා එකතු
කරගෙන ශ්‍රී ලංකාවට සරිලන සංකල්පයක් ගොඩනඟා ගතයුතුයි. පරිභෝජනය තුලින් නාස්තිය අවම කිරීමටත් සම්පත්
සුරක්ෂිත කිරීමටත් අවශ්‍ය උපදෙස් හා ක්‍රියාකාරකම් සමාජයට මුදාහැරිය යුතුය. මේ
තුලින් සමාජය නිවැරදි ක්‍රම හා භාවිතය ඉගෙන ගැනීමත් ඒ තුලින් තිරසාර පරිභෝජන
රටාවකට ඔවුන් හැඩගැසීමේ මුලික පියවර ගතහැකිය. පාසල් තුලින් සමාජ ක්‍රියාකාරකම් උද්දීපනය කිරීම
නුතන ක්‍රමයක් නොවුනත් ලෝකයේ බොහෝ රටවල් තිරසාර පරිභෝජනය හා පරිසර සංරක්ෂණය පාසල්
විෂය මාලාවෙන් ආරම්භ කර තිබේ. පාසල් දරුවාගේ දැනුම හා ක්‍රියාකාරී
දායකත්වය තුලින් කුටුම්භ මුලික පරිභෝජන රටාව වෙනස් කිරීමට පහසුවීම මෙයට හේතුවයි.
2. තිරසාර පරිභෝජන රටා ප්‍රචලිත කිරීම.
නිෂ්පාදන තොරතුරු කළමනාකරණය, නිෂ්පාදිත පිරිවැය තොරතුරු, යහපත් පරිභෝජන පුරුදු, පාරිසරික සාධක ආදී පාරිභෝගික හැසිරීම වෙනස්කල
හැකි උපක්‍රම මගින් තිරසාර පරිභෝජනය ප්‍රචලිත කිරීම මෙයින් අදහස් වේ. රජයක් විසින්
ගතයුතු ඉතා වටිනා ක්‍රියාමාර්ගයක් වන්නේ පරිසරයට හිතකාමී නිෂ්පාදන ක්‍රම හා නිෂ්පාදන
ප්‍රවර්ධනය කිරීම හා ඒ සඳහා දේශීය නිෂ්පාදකයන්ට අතහිත ලබාදීමත්ය. පරිභෝගිකයන්
තුල තිරසාර පරිභෝජන රටාවක් උද්දීපනය කල
හැක්කේ නිවැරදි තොරතුරු පාරිභෝගිකයා අතට පත් කිරීමත් තිරසාර ජිවන රටාවකට ඔහුව
උනන්දු කරවීමත් මගිනි.. ලාභදායි
හා පරිසර හිතකාමී නිෂ්පාදන, නිෂ්පාදන
ක්‍රියාවලිය හා අමුද්‍රව්‍ය භාවිතය, පිරිවැය, සාධාරණ මිල, සමාජ හා පාරිසරික ප්‍රතිලාභ, ප්‍රතිචක්‍රීකරණ ක්‍රමවේද පිලිබඳ තොරතුරු
පාරිභෝගිකයා අතට පත්කිරීමට අවශ්‍ය නීතිමය රාමුව රජයක් විසින් සැකසිය යුතුය. එසේම
මෙය වඩාත් තිවුර කල හැක්කේ පරිසර හිතකාමී නිෂ්පාදන රජය විසින් සහතිකකරණය කිරීමෙනි.
මෙම ක්‍රම මගින් පාරිභෝගික ආරක්ෂාව තහවුරුවනවා පමණක් නොව මෙම භාණ්ඩ හා සේවා පිලිබඳ පාරිභෝගික විස්වාසය හා
ආකර්ෂනයද ඇති කළ
හැකිය.
3. සම්පත් නැවත භාවිත කිරීමේ ක්‍රම සමාජගත කිරීම.
කල්පැවැත්ම අඩු භාණ්ඩ වෙනුවට කල්පැවැත්ම වැඩි
භාණ්ඩ නිෂ්පාදනයට නිෂ්පාදකයා උනන්දු කිරීම මගින් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා
ස්වභාවික සම්පත් අධි භාවිතය අවම කිරීමත් පාරිභෝගිකයා ඒ පිලිබඳ දැනුවත් කිරීමත් මේ
යටතේ සාකච්ඡා වේ.
ප්‍රතිචක්‍රීකරණ ක්‍රම හා භාණ්ඩ අලුත් අලුත් වැඩියා කිරීමේ සේවා සඳහා බදු සහන
ලබාදීම මගින් මෙවැනි ව්‍යාපාර ධෛර්යමත් කල හැක. මේ කටයුතු සඳහා සුදුසු ආර්ථික ප්‍රතිපත්ති
සකසා ඒ තුලින් පාරිභෝගිකයා හා නිෂ්පාදකයා දිරිගනිවීමේ හා වෙළඳපල ප්‍රවර්ධන
වැඩසටහන් ක්‍රියාත්මක කල හැකිය. එසේම ආහාර, රෙදිපිළි, ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගොඩනැගිලි අමුද්‍රව්‍ය යනාදී නිෂ්පාදනවල පාවිච්චියෙන්
පසු නැවත භාවිතා කළ හැකි
පරිදි හෝ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි හෝ වෙනත් කර්මාන්තයක අමුද්‍රව්‍ය ලෙස හෝ
යොදාගතහැකි තාක්ෂණය හා කේන්ද්‍රීය දැනුම ප්‍රවර්ධනය කිරීමත් ඒ සඳහා මුල්‍ය ආධාර
ලබාදීමත් මෙම ප්‍රතිපත්ති යටතේ ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයන්ය.
4. තිරසාර ව්‍යයවසායකයින් පිලිබඳ ප්‍රතිපත්ති
සම්පාදනය.
තිරසාර පරිභෝජන රටාවට රාජ්‍ය මට්ටමින්
පාරිභෝගිකයින් මෙහෙයවීමේදී ක්‍රම 2ක් අනුගමනය කල හැකිය. පළමුවැන්න නම් පාරිභෝගික
ජනතාව තිරසාර පරිභෝජන රටාවකට අනුගත කිරීමේ පෙර සඳහන් ක්‍රම කීපයයි. දෙවැන්න නම්, පාරිභෝගිකයින් හරහා නිෂ්පාදකයින් දිරිගැන්වීමයි.
එනම් පරිසර හිතකාමී හා සමාජයට හිතකර නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම වැඩි කිරීමට පියවර
ගැනීමයි. එසේම ව්‍යවසායකයින් විසින් ක්‍රියාවට නංවන තිරසාර සංවර්ධන වැඩසටහන් වන
පරිසර සංරක්ෂණ හෝ මානව අයිතීන් හෝ සාධාරණ වෙළඳාම සම්බන්ධව තොරතුරු වාර්තා කිරීමේ
හා ඇගයීමේ නීතිමය රාමුවක් රජයකට සකස් කළ හැකිය. ඒ සඳහා පාරිභෝගිකයින්ගේ දායකත්වයද ලබාගත හැකිය.
මෙමගින් සමාජ සාධාරණත්වයද පාරිභෝගික ආරක්ෂාවද තහවුරුවී පරිභෝජනයේ සම්පත් නාස්තිය
අවම කරගත හැක. අලෙවියේදී සිදුවන පාරිභෝගිකයින් රැවටීමේ උපක්‍රම හා නිවැරදි තොරතුරු
ලබා නොදීමේ උත්සාහයන් වැලැක්වීමට නීති සකසා රාජ්‍ය මට්ටමින් පාලනය කල හැකි අතර කුමන තොරතුරු කුමන මාධ්‍ය ඔස්සේ කෙසේ
ලබාදෙන්නේද යන්න හා ඒවා නිෂ්පාදනයන්ගේ ඉදිරිපැවත්මට උපයෝගි කර ගත හැකි ආකාරයද මෙයින් නියම කල හැකිය.
5. තිරසාර පරිභෝජනය තුලින් පාරිභෝගික ආරක්ෂාව
තහවුරු කිරීම.
තිරසාර පරිභෝජනයේ දිගුකාලින අරමුණ වන මානව
පැවැත්මේ ආරක්ෂාව තහවුරුකරගත හැක්කේ සම්පත් නාස්තිය අවම කිරීමෙනුත් ඒ හරහා
ස්වභාවික පරිසරයේ ආරක්ෂාව තහවුරු කිරීමෙනුත් පමණි. එනම් පාරිභෝගිකයාගේ මුල්‍යමය
හැකියාව, වයස, ස්ත්‍රී පුරුෂභාවය, සෞඛ්‍ය යනාදී අංගයන්ට තිරසාර සංවර්ධනයේ වාසි
ලබාදෙමින් අනාගත මානව පැවැත්ම තහවුරු කරගැනීමට නම් ස්වභාවික පරිසරය ආරක්ෂා කරගැනීම
මිනිසා විසින් කල යුතුය.
නිෂ්පාදනයේදී හා කෘෂිකර්මයේදී භාවිතා කරන නොයෙක් විෂ රසායන නිසා ස්වභාවික පරිසරයට මෙන්ම මිනිසාගේ සෞඛයටද තර්ජන එක් කරයි. මේ කොටස්
දෙකම රැකෙන පරිදි රටක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පවත්වාගැනීමට අවශ්‍ය විධිවිධාන
සැලසීම රජයක ප්‍රධාන කාර්යයක් වේ. ප්ලාස්ටික් භාවිතයේදී මයික්‍රෝමීටර ප්‍රමාණය
පිලිබඳ නීති සැකසීමත්, විෂ
රසායන අඩංගු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ හා කෘත්‍රිම අහාරපාන ආනයනය අධෛර්යමත් කිරීමත්
ස්වභාවික ද්‍රව්‍ය යොදාගන්නා නිෂ්පාදන කටයුතු දිරිගැන්වීමත් ඒවැනි නව හොයගැනීම්
සඳහා පර්යේෂණ සහයත් මුල්‍ය පහසුකම් සැලසීමත් තිරසාර පරිභෝජන අරමුණු සහිත රජයක
කාර්යයන් වේ.
දරුවන්, කාන්තාවන් හා වැඩිහිටියන්, විවිධ අලෙවි හා නිෂ්පාදන අකටයුතුකම්වල පහසුවෙන් ගොදුරු
විය හැකිය. සමහරක් ආනයනය කරන ලද හා ලාභදායි ලෙස නිපදවන ලද නිෂ්පාදන නිසා මෙවැනි
පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය මෙන්ම පැවැත්මටද හානි පැමිණවිය හැකිය. රජය විසින් මෙම සමාජ
කොටස් කෙරෙහි විශේෂ අවධානයක් දැක්විය යුතු අතර ඒ සඳහා විශේෂ නීති සැකසිය යුතුය. එසේම
පරිභෝජකයන්ගේ මුල්‍ය හැකියාව ඔවුන්ගේ පරිභෝජන හැකියාව තීරණය කරයි. එම නිසා
තත්වයෙන් ඉහළ, පරිසර
හිතකාමී, කල්පවත්නා නිෂ්පාදන පරිභෝජනය සිමා කළ හැකිය. මෙය
වලක්වා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම සඳහා සහනදායි මිල පහසුකම් හා මුල්‍ය ප්‍රතිපාදන
ලබාදීමේ ක්‍රම රජය මට්ටමින් මෙන්ම ව්‍යාපාර මට්ටමින්ද සකස්විය යුතුය.
තිරසාර පරිභෝජනයේ මුලිකම අවධානය යොමුවිය යුතු ප්‍රධාන
අංශ 3ක් පවතී. ඒවා නම් ආහාර, නිවාස හා ප්‍රවාහනයයි. මෙම අංශ තුනේ නිවැරදි
කළමනාකරණය තිරසාර පරිභෝජනය රටක් තුල ඇතිකිරීමට මඟ පාදන අතරම නව ආයෝජන අවස්ථා
වර්ධනය කරයි. ලෝකයේ බොහෝ රටවල් කාබනික වගාවන් සඳහා ආයෝජන වැඩිකරමින් සිටින අතර
දේශගුණික විපර්යාසවලට බලපාන මාංශ නිෂ්පාදනයද අවම කරගෙන යනු ලබයි. මේ සඳහා සුදුසු
විකල්ප මාංශ අහාර නිපදවීමේ ක්‍රමවේදයන් පවා පර්යේෂණ මගින් දැනට සොයාගෙන ඇත. එසේම
විවිධ දේශගුණ තත්වයන්ට ඔරොත්තුදෙන භෝග වර්ග නිපදවීම හා ඒවා පාරිභෝගිකයන්ට හඳුන්වා
දී ජනතාවගේ අහාර සුරක්ෂිතතාවය ඇති කිරීමට මෙම රටවල් ක්‍රියාකරයි.
කසළ කළමනාකරණය, ජල කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්
තුලින් විදුලි ජනනය,
නිවාස හා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය රජය විසින් සැකසිය
යුතුයි. වැඩිවන දේශගුණික බලපෑම් සමඟ පානිය ජලයට වන විවිධ බලපෑම් අවම කිරීමට නිවාස
හා කර්මාන්ත මට්ටමින් සංරක්ෂණ වැඩපිළිවෙලක්, දිනෙන් දින එකතුවන කසළ නිවස තුලම ප්‍රතිචක්‍රීකරණය කිරීමේත් ප්ලාස්ටික්
භාවිතය අවම කිරීමේත් කසල බැහැර කිරීම අවප්‍රමාණය කිරීමේත් වැඩසටහන් හා පුනර්ජනනීය
බලශක්ති ක්‍රම වන ගෘහාශ්‍රිත සුර්ය විදුලි උත්පාදන ක්‍රම වලට ජනතාව හුරුකිරීමත් මේ
තුලින් ක්‍රියාත්මක කළ හැකිය. ගෘහාශ්‍රිත සුර්යබල උත්පාදනය එදිනෙදා
නිවසක කාර්යයන් සඳහා ප්‍රමාණවත් වනවා පමණක් නොව අතිරික්ත විදුලිය මගින් අමතර ආදායමක්
පාරිභෝගිකයාට උපයා දෙයි.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පහසුකම් අවම මට්ටමක
පැවතියත් එමගින් ජනතාවට සිදුකරන සේවය අති විශාලයි. ලෝකයේ බොහොමයක් සංවර්ධිත රටවල
ජනතාව පොදු ප්‍රවාහනය භාවිත කරන අතර එදිනෙදා කටයුතු සඳහා පුද්ගලික ප්‍රවාහනය
භාවිතා කරන්නේ අවම මට්ටමකිනි. ප්‍රවාහනය
දියුණු කිරීම මගින් රටක ව්‍යාපාරික පරිසරයේ හා සමාජීය පරිසරයේ සුවිසල්
වෙනසක් සිදුකල හැකි
අතර ඒ මගින් කාලයත් ශ්‍රමයත් මුදලුත් ඉතිරි කර ජනතාවගේ ජිවන තත්වය ඉහළ නැංවිය හැකිය.
එසේ නම් ආහාර, නිවාස
හා ප්‍රවාහනය අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික හා ව්‍යාපාරික ප්‍රතිපත්ති ඒ
ඔස්සේ ගොඩනගමින් පාරිභෝගික සුරක්ෂිතතාවය තහවුරුකිරීම රජයේ වගකීමයි. මේ නිසා සම්පත් නාස්තිය අවම කොට පරිසර සංරක්ෂණය
කිරීමටත් එමගින් අනාගතයේ ඇතිවිය හැකි ප්‍රබල දේශගුණික විපර්යසවල බලපෑමද අවම කල
හැකිය.
කල්පනා
අඹේපිටිය
කථිකාචාර්ය
ශ්‍රීමත්
ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
Comments
Post a Comment