
කාලෙන් කාලෙට අලුත්වන අලි-දුම්රිය ගැටුම අලි- දුම්රිය ගැටිම මෙම සිද්ධියත් සමග අලුත් වුවත් මෙය ඉතා පරණ කාරණාවක්. නැවත නැවත කතා කලයුතු එහෙත් මාධ්‍ය හෝ සමාජ මාධ්යෙ එසේ කතා නොකරන කාරණාවක්. එක්කෙනෙකුට වැඩි අලි සංඛ්‍යාවක් දුම්රියේ ගැටුනු පලමුවන අවස්තාවද මෙය නොවේ. බොහෝමයක් කාරණා සේම මෙම සිද්ධියේදීද මුලු ලංකාවම ඇවිලී ගොස් ඇත්තේ අලුයට වු ගිනිපුපුරක් මෙනි. කාලයේ වැලිතලාවෙන් එය නැවතත් ඉක්මණින්ම වැසි යනු ඇත. නැවතත් ඇවිස්සෙන්නේ ඊලග අනතුරේදි පමණි. එයත් මෙවැනි සංවේදී දසුන් නිර්මාණය කලහොත් පමණි. දැන් දුම්රිය ඇමතිත් වනජීවීයත් පරිසර ක්‍රියාකාරීනුත් මාධ්‍යත් අලි- දුම්රිය ගැටීම නිසා ඇවිලි තමන්ගේ ආසන රත්වී කරගෙන ඇති කාලයයි. එම නිසා බුකී පොස්ට් හා ඒවා ශේයාර් කරගගැනීම් නිමක් නැත. බැන ගැනීම් නිමක් නැත. ජනතාව වුනත් සිටින්නේ සිදුවූ තෙල් හා දුම්රිය අලාභයට වඩා නැති වු මේ සතුන් පිලිබද කණගාටුවෙනි. එය අපරාධයක් බවත් මෙය නැවැත්විය යුතු බවත් රටේ පාලනයේ තියෙන අවාසනාව නිසා මෙය සිදුවන බවත් පවසයි. (ඊයේ දිනයේ 10 දෙනෙකුගෙ කණ්ඩයමක් සමග කල සාකච්ඡාවක් ඇසුරෙනි). මොන ක්රමයේ විසදුම් ගෙනාවත් පවතින දුම්රිය ක්‍රමය හා පාර (structu...