වඳ බෙහෙත් ගැන පමණක් කතාකරන රටේ කාටත් නොපෙනෙන අජිනොමොටෝ යක්ෂයා
ආහාර රස කිරීම සඳහා යොදාගන්නා අජිනොමොටෝ ජාතිබේදයකින් තොරව සියලු ආහාර වෙළඳසල්හිමියන් භාවිතා කරන බවට අපි දන්නා කරුණක්. නමුත් මේහි අදිනව ගැන ලෝකයේ බොහෝ පර්යේෂණ කර ඇති අතර ඉන් ලුණු බිකක් තරම් දැනුමක් අප ජනයා අතර කතා නොකිරීම ඇත්තෙන්ම ඛේදවාචකයක්. පර්යේෂණ මගින් තවමත් තහවුරු නොකළ වඳ බෙහෙත්වලට වඩා ලොකු හානියක් විද්‍යාත්මකවත් සනාථ කොට ඇති අජිනොමොටෝ නිසා අපි අපේ පරම්පරාවට මින් සිදුකරනවා, ඊට ජාතිබේදයකුත් නෑ. අජිනොමොටෝ චීන රසකාරකයක්. මෙහි අඩංගු ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි MSG හෙවත් Monosodium Glutamate ඕනෑම පාස්ට් ෆුඩ් එකක අඩංගුයි. මෙම MSG එක බ්‍රෑන්ඩ් කරලා එන්නේ අජිනොමොටෝ කියලා.තවත් දෙයක් අජිනොමොටෝ කියන බ්‍රෑන්ඩ් එක හදන්නේ ජපාන කම්පැනි එකක්.
Journal of Nutrition and Metabolism එක වාර්තා කරපු පර්යේෂණ වාර්තාවකට අනුව අධික අජිනොමොටෝ පරිහරණය metabolic syndrome- පරිවෘත්තිය රෝග සඳහා බලපානවා, එනම් අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික තරබාරුව යන ලංකාවේ බහුල රෝග තත්වයන්. මතක් කල යුතු තවත් කාරණයක් වන්නේ අධික තරබාරුව මිනිස්සුන්ගේ ප්‍රජනන හැකියාව දුර්වල කරන බවයි. නොයෙකුත් පර්යේෂණ ආයතන මගින් පවසන අනෙකුත් කරුණු වන්නේ,
1. ගර්භණිභාවය - කාන්තාවන්ගේ වඳභාවයට අජිනිමොටො අධික භාවිතය හේතුවක් වන බව පර්යේෂණවලින් හෙළිවී ඇත. ගර්භණි මව්වරුන් අජිනිමොටෝ භාවිතයෙන් සම්පුර්ණයෙන් ඉවත්විය යුතුය. දරුවට ආහාර සැපයීම අඩාල කිරීමේ හැකියාවක් MSG සතුය.
2. අජිනොමොටෝ ඇබ්බැහිය - නිතර පාස්ට් ෆුඩ් හා චීන කෑම ප්‍රිය කරන්නන් අතර මෙය ජනප්‍රියය. දිර්ගකාලින පරිභෝජනයෙන්, සමේ අවපැහ වීම, හුස්මගැනීමේ අපහසුතා, වමනය ගතිය හා ඔක්කාරය, හදවතේ ස්පන්ධනය සමනය මට්ටමට ඉහල යාම.
3. හිසරදය හා ඉරුවාරදය
4. හදවත් රෝග - අසමානය හර්ද ස්පන්දන වේගය, පපුවේ වේදනාව හා පපුවේ අමාරුව
5. ස්නායු අබාධ - අත් පා හිරිවටිමේ සිට පාකින්සන් වැනි රෝග දක්වා වර්ධනය විය හැක.
6. අධික තරබාරුව - අපේ ශරීරයේ ඇති ලේප්ටින් මගින් ආහාර ගැනීමේ ප්‍රමාණ පිලිබඳ සංඥා යවන අතර එමගින් ආහාර පාලනයට අපට හැකිවේ. MSG වලට මෙම ලේප්ටින් වල ක්‍රියාකාරිත්වය අඩපණ කලහැක. ඒ නිසා අපෙ ආහාර රුචිය අප්‍රමනිකව වර්ධනය වීමෙන් අධික තරබාරුව ඇතිවේ.
7. අධික රුධිර පීඩනය - පර්යේෂණ මගින් තහවුරු කර ඇති පරිදි ම්ස්ග් මගින් රිධිර පීඩනය වැඩි කර හැක
8. නින්ද නොයෑමේ ගැටළු - හුස්මගැනීමේ අපහසුතාවයන් හේතුවෙන් නින්ද නොයෑමේ ගැටළු ඇතිවිය හැක.
9. පිළිකා - තවමත් මෙය තහවුරු කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක පර්යේෂණ වාර්තා නොමැති වුවත් පිළිකා සඳහා MSG වල බලපෑම බැලීමට පර්යේෂණ සිදුකරගෙන යනු ලබයි.
මෙය භාවිතය තහනම් කරන්න රජයට හැකියි - භාවිතය සඳහා පියවර කීපයක් ගත්තද නීතිය නම් මනා ලෙස ක්‍රියාත්මක නෑ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්ත අජිනොමොටෝ භාවිතයෙන් ඉවත් කලා, ඔවුන් එය කතා කිරීමට පටන් ගත්තේ මැගී නුඩ්ල්ස් තහනමත් සමඟම. ඉන්දියාවට හෝ නොදෙවෙනි තරම් ගුණයෙන් පිරිපුන් ස්වභාවික කුළු බඩු භාවිතා කර රසට කෑම වර්ග පිසින රටක් වන ශ්‍රී ලංකාවට ජපන්නු ගෙනාපු අජිනොමොටෝ අවශයද ...
මෙතරම් හානියක් කරන බවට විද්‍යාත්මක සාක්ෂි ඇති අජිනොමොටෝ හෝ MSG භාවිතයෙන් ඉවත්වීම පුද්ගලික වගකීමක්. එසේම තමන් ආදරය කරන පිරිස බේරාගැනීම තමන්ගේ වගකීමක්. රැල්ලට යන වඳ බෙහෙත් කතාවට වඩා සියල්ලන් එකතුවී මෙය තහනම් කිරීමට රජයට බලකළ හැකිනම් එයයි ජාතික වගකීම.
MSG is “a silent killer that’s worse than alcohol, nicotine, and drugs is likely lurking in your kitchen cabinets and even your child’s school cafeteria.”



කල්පනා අඹේපිටිය 
කථිකාචාර්ය 
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 

Comments

Popular posts from this blog