හදිසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී මම සහ මගේ පවුල ආරක්ෂා කරගන්නේ කෙසේද?
ස්වභාවීක අනතුරකදි නිවැරදි ආරක්ෂිත ක්‍රම පිළිපැද්දොත් ජීවිතය බේරගන්න ලේසී... ඒත් ත්‍රස්තවාදී ප්‍රහාරයකදි එය මොන තරම් අපහසු ත්‍රාසජනක මරණීය ක්‍රියාවක්ද කියලා ඊශ්‍රායල-පලස්තීන යුද්ධයේ වීඩීයෝ මගින් පේන්න ඇතී. මරන්න එපා කියලා ජීවිතය ඉල්ලද්දිත් ඔවුන් අපට වෙඩි තබාවී. 🔥🔥🔥හදීසී ත්‍රස්තවාදී ප්‍රහාරයකදී සාමාන්‍ය වැසියෙක් ලෙස ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්? 💥ත්‍රස්තවාදී සිදුවීමක් සිදුවුවහොත් සන්සුන්ව සහ ඉවසිලිවන්තව සිටින්න. 💥මොනයම් හෝ උපදෙසක් බලධාරින් විසින් රේඩීයෝ හෝ ටීවී හෝ sms මගින් ලබා දුන්නොත් අනුගමනය කරන්න. 💥ප්‍රවෘත්ති සහ උපදෙස් සඳහා ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සවන් දෙන්න. 💥සිදුවීම ඔබ අසල සිදු වුවහොත්, තුවාල සඳහා පරීක්ෂා කරන්න. 💥ප්‍රථමාධාර ලබා දීම සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයින් සඳහා උපකාර කැඳවන්න අවශ්‍ය දුරකථන අංක ලඟ තබා ගන්න. 💥ඔබේ නිවස අසල හෝ බිල්ඩීමේ සිදුවීම සිදුවුවහොත්, එකවර ලයිට්ස් නීවී ගියහොත් ටෝච් හෝ ෆ්ලෑෂ් ලයිට් භාවිතයෙන් හානිය පරීක්ෂා කරන්න. ගිනිකූරු හෝ ඉටිපන්දම් දල්වන්න හෝ විදුලි ස්විච ක්‍රියාත්මක කරන්න එපා. ගිනි, ගිනි උවදුරු සහ අන...