
අලි කොලර් දැමීම මේ හා සන්බන්ධව ජතියන්තරයේ වැඩ කරන හා අලි ඇතුන් සංරක්ෂණය, කොලර් භාවිතය පිලිබඳ ප්‍රයෝගිකව පුහුණු වූ මගේ විදේශීය මිතුරෙකුගෙන් විමසුවෙමි. 1. මෙය ලේසි පහසු කාර්යයක් නොවන අතර හොඳින් පුහුණු වූ පිරිසක් විසින් මනාව සැලසුම් සහිතව කරන කාර්යයකි. 2. සිහි නැති කිරීමට යොදාගන්න බෙහෙත් වර්ග වලට මිනිස් සම බෙහෙවින් සංවේදී බැවින් ඉතා පරෙස්සමින් එය භාවිතා කල යුතුය. ජාතියන්තර පිළිගනිම නම් මෙම එන්නත් කිරීම සිදුකකල යුත්තේ පශු වෛද්‍යවරයෙක් විසින් පමණි. එන්නත් කිරීමෙන් පසු විනාඩි 5ත් 15ත් අතර කාලයේදී බෙහෙත ක්‍රියාකිරීමට පටන් ගනී. එතෙක් සතා ඇදවැටෙන තුරු පසුපස ලුහුබදිය යුතුය. 3. රංචුවක සිටි අයෙක් නම් රංචුවේ සාමාජිකයන් උදව්වට පැමිණිය හැක. ඒ නිසා මිනිස් කණ්ඩායමේ ජිවිත ආරක්ෂාව ගැනද සැලකිලිමත්විය යුතුය. 4. දැනට තිබෙන වැඩිදියුණු කල තත්වය අනුව මේ බෙහෙත් වර්ගත්, එන්නත් කිරීමත් මගින් සතුන්ට ජිවිත හානි නොවී කාර්යය ඉටුකරගත හැක. 5. ලංකාවේ නම් දැනට sedation for standing ක්‍රමය යොදාගනී. මෙය සත්වයාට සිදුවන හානිය අවම කරයි. මොකද ඇදවැටීමක් නොවීමත් හුස්මගැනීමට පහසුවීමත් ඇදවටිමකදී හොඩවැල ශරීරයට යටවීමේ අවධානමක් ...